බටහිර ඉන්දීය දූපතක් වන ශාන්ත ලුසියා හී වැසි වනාන්තරයක ඉහළම මුදුනේ සිට පහළට පැනීමට සුදානම් වෙද්දී බිය මා තුළ ඉස්මතු විය. වේදිකාවෙන් පැනීමට තත්පර කිහිපයකට පෙර වැරදි විය හැකි සියලු සිතිවිලි වලින් මගේ මනස පිරුණි. මට යොදා ගත හැකි උපරිම ධෛර්යයෙන් (නැවත හැරීමේ විකල්ප කිහිපයක්ද ඇතුව) මම පැන්නෙමි. කොළ පැහැති ගස් අතරින් සුළඟට ලෙලදෙන මගේ කෙස් අතරින් මම වනාන්තර මුදුනේ සිට පනින විට මගේ කණස්සල්ල සෙමෙන් පහව ගියේය. ගුරුත්වාකර්ෂණයට මා ඔසවා ගැනීමට භාරවී මම වාතය තුළින් පහළට එන විට ඊළඟ වේදිකාව මට පැහැදිළිව පෙණුනි. මෘදු නැවතීමකින් මම ආරක්‍ෂිතව පැමිණි බව මම දැන ගතිමි.

ලණුවේ එල්ලී සිටින අතර තුර මට චිත්‍රයට නැගුණේ අභියෝග සහිත කාරණා භාර ගැනීමට දෙවියන්වහන්සේ ඉඩ හරින අවස්ථාවන් ගැනය. දේව වචනය පවසන්නේ අපට සැක සහ අවිනිශ්චිතභාවයන් දැනෙන විට අපේ “නුවණෙහි නොපිහිටා” (හිතෝපදේශ 3:5) දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන ලෙසටය. අපගේ මනස බියෙන් සහ සැකයෙන් පිරෙන විට අපගේ මාර්ග අපැහැදිළි සහ විකෘති විය හැක. ඇදහිල්ලෙන් අපගේ මාර්ග දෙවියන්වහන්සේට භාර දීමට අප තීරණය කළ පසු “උන්වහන්සේ (අපේ) මාවත් සමතලා කරන සේක” (6 පදය). යාච්ඤා කිරීමට සහ දේව වචනය සමග කාලය ගත කිරීම මගින් දෙවියන්වහන්සේ කවුරුන්ද කියා දැන ගැනීම තුළින් ඇදහිල්ලේ පිමි පැනීම සඳහා අපි තව තවත් ස්ථිර වන්නෙමු.

අපි දෙවියන්වහන්සේ කෙරෙහි එල්ලී ගෙන අපගේ ජීවිත වල වෙනස්වීම් තුළින් අපට මග පෙන්වන්න උන්වහන්සේට ඉඩ දෙන විට ජීවිත අභියෝග වලදී අපට නිදහස සහ නිසලතාවය ලැබේ.