විශ්‍රාමලත් ගුරුවරියක වන ඩෙබී ස්ටීවන්ස් බ්‍රවුඩර් හැකි තරම් ගස් සිටුවීමට සෙනගව උනන්දු කරවන දූතනයක යෙදී සිටියාය. ඊට හේතුව උෂ්ණත්වයයි. එක්සත් ජනපදයේ මරණවලට අංක එකේ හේතුව වන්නේ දැඩි උෂ්ණත්වයයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඇය පවසන්නේ “මම ගස්වලින් පටන් ගන්නෙමි. ජනතාව රැක ගැනීම සඳහා ගස් උඩු වියනක් ලෙසින් උෂ්ණත්වයට රැකවරණයක් සපයයි. එය ජීවිතය හෝ මරණයයි. එය ජනතාවට අලංකරණයක් සපයනවා පමණක් නොවේ” කියා ඇය කියයි.

සෙවණ නැවුම්භාවයක් දෙනවා පමණක් නොව එයට ජීවිත ආරක්‍ෂා කිරීමේ හැකියාවද තිබෙන බව ගීතාවලිය 121 ලියූ ගීතිකාකරු හොඳින් දැන සිටියේය. මැද පෙරදිග අධික හිරු එළියෙන් වන ආබාධ අසීමිතය. මේ යථාර්ථය අපගේ දෙවියන්වහන්සේ අපගේ ස්ථිර රක්‍ෂස්ථානය යනුවෙන් ගැඹුරින් විස්තරාත්මකව ඉදිරිපත් කරන ගීතිකාකරු අපට සළකන තැනන්වහන්සේ නිසා “දවාලේ ඉරවත් රාත්‍රියේ සඳවත් (අපට) පහර නොදෙන්නේය” (6 පදය) කියා ලියයි.

මේ පදය අර්ථවත් කරන්නේ යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් මේ ජීවිතයේ වේදනාවට සහ අලාභයට හසු නොවන බව නොවේ (එසේ නැත්නම් අධික උෂ්ණත්වය ඔවුන්ට භයානක නොවන බව නොවේ). ඇත්තෙන්ම ක්‍රිස්තුස්වහන්සේ අපට කියන්නේ “මේ ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ” (යොහන් 16:33) යනුවෙනි. නමුත් දෙවියන්වහන්සේ අපගේ සෙවනැල්ල යන මෙම රූපකය පැහැදිලිව අපට ස්ථිර කරන්නේ අපගේ ඉදිරියට කුමක් පැමිණියත් අපගේ ජීවිත උන්වහන්සේගේ ප්‍රවේසම්කාරී රැකවරණයේ තිබෙන බවයි (ගීතාවලිය 121:7-8). උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන් කිරීමට කිසිවකට බැරි බව දැන ගෙන උන්වහන්සේව විශ්වාස කරමින් අපට එහිදී විශ්‍රමය ලබා ගත හැකිය (යෙසායා 10:28; රෝම 8:39).