අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Lawrence Darmani

ලෝරන්ස් ඩාර්මානි

ලෝරන්ස් ඩාර්මානි ගහනා ජාතික නවකතා කරුවෙකු හා ප්‍රකාශකයෙකි. ඔහුගේ පළමුවන නවකතාව හොඳම ග්‍රන්තය ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය ලේඛකයින්ගේ සම්මානය දිනාගන්නේ අප්‍රිකාවේ එය දිනාගත් ප්‍රථමයා ලෙසය. ඔහු “ස්ටෙප්” සගරාවේ සංස්කාරක වන අතර “ස්ටෙප් ප්‍රකාශකයින්ගේ” ප්‍රධාන විධායක නිලධාරීද වේ. ඔහු විවාහක වන අතර අක්රා හී තම පවුල සමගින් ජීවත් වේ. ලෝරන්ස් තම සභා ජීවිතයෙන් හා අනෙකුත් ක්‍රිස්තියානි සේවාවන් සමග ස්වෙච්ඡාවෙන් හවුල් වීමෙන් උද්දාමයට පත්වේ. ඔහු පවසන ආකාරයට ඔහු ලිවීමට මූලාශ්‍ර සපයා ගන්නේ ඔහුගේ පුද්ගලික අත්දැකීම්, කියවීම්, සාක්ෂි හා ඔහු වටා ලෝකය නිරීක්ෂණය කිරීමෙන්ය.

ලෝරන්ස් ඩාර්මානි විසින් රචිත ලිපි

මිත‍්‍රත්වයේ සළකුණ

ඝාණාවේ හැදී වැඩුණු කුඩා දරුවෙක් ලෙස මගේ පියාගේ අත අල්ලාගෙන සෙනග වැඩි ස්ථානවලින් ගමන් කිරීමට මම ආශා කළෙමි. ඔහු මාගේ පියාද මිතුරාද විය. අපගේ සංස්කෘතියේ අතින් අල්ලාගෙන යාම සත්‍ය මිත‍්‍රත්වයේ ලකුණකි. ඇවිදගෙන යන ගමන් අපි විවිධ විෂයන් ගැන කථා කරන්නෙමු. මා හට පාළුව දැණුන විට මාගේ පියාගෙන් මම සහනය ලැබීමි. අපගේ සහභාගීත්වය මම කෙතරම් අගය කළෙම්ද?

ස්වාමිවූ යේසුස්වහන්සේ තම අනුගාමිකයන්ට මිතුරන්…

ආලෝකයේ ගමන් කිරීම

අපගේ කැලෑබද ගම්මානයෙන් සඳ ඉවත්වී අන්ධකාරය පැමිණියේය. විදුලි කෙටීම් අහස සිසාරා ගියේය. වර්ෂාව සහ මේඝ ගර්ජනා පහළ විය. තිගැස්සී නැගිට දරුවෙකු සිතන ලෙස මා වෙත පැනිමට බලා සිටින බියකරු මකරුන් වර්ග ගැන සිතීමි. උදෑසන වන විට ශබ්ද නැවතුණි. හිරු නැගුණි. සාමය නැවත පැමිණියේය. කුරුල්ලෝ හිරු එළියේ ප්‍රීති නාද පවත්වන්න පටන් ගත්හ. බියකරු අන්ධකාරය සහ දහවලේ ප්‍රීතිය පැහැදිළිව ප්‍රකාශ විය.

සීනයි…

කැඩපත් සහ අසන්නෝ

උගන්ඩාවේ කම්පාලා නුවර හෝටලයකින් මා පිටත්වන විට මා පිළිගැනීමට පැමිණි සහෝදරිය මා දෙස බලා අමුතු සිනහවක් පෑවාය. "ඇයි මොකද්ද ප්‍රශ්නේ" කියා මම ඇසුවෙමි. "ඔබ කොන්ඩෙ පිරුවාද?" ඇය සිනහසී ඇසුවාය. ඇත්තටම කොණ්ඩය පීරීමට මට අමතක වූ හෙයින් දැන් සිනහසීම මගේ වාරය විය. මම හෝටලයේ කැඩපතෙන් මගේ ප්‍රතිබිම්බය දෙස බැලුවෙමි. මා දුටු දේ ගැන හරියාකාරව බැලීමට මට නොහැකි වූයේ ඇයි?.

ප්‍රායෝගික උදාහරණයක්…

පාළු නත්තල

මා ගත කළ පාළුම නත්තල ගත කළේ උතුරු ඝාණාවේ සකාගු නගරයෙහි මගේ සියාගේ ගෙදරදීය. මට යාන්තම් වයස පහළොවකි. මාගේ දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් සිටියේ කිලෝමීටර් දහකට එහායිනි. ඊට පෙර වසරවලදී මා ඔවුන් සහ ගමේ මිතුරන් සමග නත්තල ගත කළෙමි. එවිට නත්තල සෑම විටම ශ්‍රේෂ්ඨ විය. එය මතකයන් ඉතිරි කළේය. නමුත් මෙම නත්තල ඉතා නිශ්චලය. පාළුය. නත්තල් දින පාන්දර මම බිම…

උන්වහන්සේගේ අභිමුුඛය

කණස්සලු වී සිටි පියා සහ ඔහුගේ යෞවන පුත්‍රයා මන්ත්‍රකරුවා ඉදිරියෙහි වාඩිවී උන්නෝය. "ඔබගේ පුතා කොපමණ දුර යනවාද?" මන්ත්‍රකරු ඇසුවේය. මනුෂ්‍යයා පිළිතුරු දුන්නේ "විශාල නුවරට" කියාය. "ඔහු සෑහෙන කාලයක් එහේ ඉන්නවා". පියාට සුරයක් අතට දී මන්ත‍්‍රකරු කීවේ "කොහේ ගියත් මේක ඔහුව ආරක්‍ෂා කරයි" කියාය.

එම පුතා මම වෙමි. කෙසේ වෙතත් ඒ මන්ත්‍රකරුවාට හෝ සුරයට මට කිසිවක් කිරීමට බලය නොතිබුණි. එම නුවර…

වචනවලට වඩා බොහෝ දුරින්

අප්‍රිකාවේ දේශීය බසකට පරිවර්තනය වූ බයිබලයක් මුදා හැරීමේ උත්සවයකදී ඒ ප්‍රදේශයේ නායකයාට ඔහුගේ පිටපත පිරිනැමුණි. ඔහු එය අගය කරමින් එය ඉහලට ඔසවා "දෙවියන්වහන්සේ අපගේ භාෂාව දන්නා බව අපි දැන් දන්නවා. අපගේ මව් භාෂාවෙන් අපට දේව වචනනය කියවන්න පුළුවන්" කියා කෑ ගැසීය.

අපගේ භාෂාව කුමක් වුවද දෙවියන්වහන්සේට එය වැටහේ. නමුත් බොහෝ විට අපගේ ගැඹුරු ආශා උන්වහන්සේට ඉදිරිපත් කරන්න අපට නොහැකි වේ.…

පාලම් ගොඩනැගීම

අපගේ වටා පිටාවේ නිවාස වටව ඇත්තේ විශාල කොන්ක්‍රිට් තාප්ප වලිනි. එම තාප්ප ඉහළින් විදුලිය යෙදු කටු කම්බි යවා ඇත. එහි පරමාර්ථය සොරුන් වැළැක්වීමයි.

විදුලිය විසන්ධි වීම් විටින් විට සිදුවීමද අපගේ ප්‍රදේශයේ ඇති ගැටළුවකි. එවිට ගේට්ටුවේ ඇති විදුලි සීනුව අක‍්‍රීය වේ. මෙවැනි විදුලි විසන්ධිවීම් නිසා අමුත්තන් හට පැය ගණන් ගිනි අව්වේ හෝ දැඩි වර්ෂාවේ සිටීමට සිදුවේ. සීනුව ක‍්‍රියාත්මක වූ විටද අමුත්තාව…

උන්වහන්සේ අපව දන්නා සේක

සැතපුම් 100 ක දුරක් ඇති මාගේ ගමට මා යන විට දෙවියන්වහන්සේ මාව දැන සිටි සේක්ද? මා සිටි තත්ත්වය අනුව පිළිතුර සරළ නැත. මාගේ උණ වැඩි විය. මාගේ හිස රදය වැඩිවිය. "ස්වාමිනී ඔබ මා සමග බව මම දනිමි. නමුත් මම ඉන්නේ වේදනාවෙන්" මම යාච්ඤා කළෙමි.

වෙහෙසවී, දුර්වලවී මම කුඩා ගමක් අසල වාහනය නතර කළෙමි. විනාඩි දහයකට පසුව මට හඬක් ඇසුණි. "හෙලෝ ඔයාට…

නිදහස් කර

මම කුඩා ළමයෙක් ලෙස ගමේ සිටි කාලයේ කුකුල් පැටවුන් වෙත මාගේ සිත ඇදී ගියේය. මම එකෙකු අල්ලා ගතිමි. විනාඩි කිහිපයක් තබා ගෙන සිට සෙමින් නිදහස් කරමි. කුකුල් පැටියා තවමත් මම ඌව අල්ලා ගෙන සිටින්නේයයි සිතමින් එතැනම සිටින්නේය. ඌට පැන යාමට හැකියාව ඇත. නමුත් ඌ සිතන්නේ ඌ තවමත් හිරවී සිටින්නේය කියාය.

අපගේ ඇදහිල්ල අප යේසුස්වහන්සේ වෙත තබන විට උන්වහන්සේ අපව පාපයෙන්…

නිදහස් කර

මම කුඩා ළමයෙක් ලෙස ගමේ සිටි කාලයේ කුකුල් පැටවුන් වෙත මාගේ සිත ඇදී ගියේය. මම එකෙකු අල්ලා ගතිමි. විනාඩි කිහිපයක්…