අපගේ වටා පිටාවේ නිවාස වටව ඇත්තේ විශාල කොන්ක්‍රිට් තාප්ප වලිනි. එම තාප්ප ඉහළින් විදුලිය යෙදු කටු කම්බි යවා ඇත. එහි පරමාර්ථය සොරුන් වැළැක්වීමයි.

විදුලිය විසන්ධි වීම් විටින් විට සිදුවීමද අපගේ ප්‍රදේශයේ ඇති ගැටළුවකි. එවිට ගේට්ටුවේ ඇති විදුලි සීනුව අක‍්‍රීය වේ. මෙවැනි විදුලි විසන්ධිවීම් නිසා අමුත්තන් හට පැය ගණන් ගිනි අව්වේ හෝ දැඩි වර්ෂාවේ සිටීමට සිදුවේ. සීනුව ක‍්‍රියාත්මක වූ විටද අමුත්තාව පිළිගන්නේ ඔවුන් කව්ද යන කාරණය අනුවය. අපගේ තාප්ප හොඳ අරමුණක් ඉෂ්ට කරයි. නමුත් ඒවා තරාතිරම් බැලීමක් විය හැකිය. ඒ අමුත්තා සොරෙකු නොවන විටදීත්ය.

යේසුස්වහන්සේට ළිඳ ළඟදී මුණ ගැසුණු ස්ත්‍රියටද ප්‍රතික්ෂේපය දරා ගැනීම පිළිබඳ ගැටළුවක් විය. යුදෙව්වෝ සමාරිතානුවන් සමග කිසි ගනු දෙනුවකට නොගියෝය. යේසුස්වහන්සේ බොන්නට ඉල්ලූ විට ඇය ඇසුවේ “යුදෙව් කෙනෙක් වූ ඔබ සමාරිය ස්ත්‍රියෙක්වූ මාගෙන් බොන්ට ඉල්ලන්නේ කොහොමද” කියාය (යොහන් 4:9).

ඇය යේසුස්වහන්සේට සියල්ල කී විට ඇයගේත් ඇයගේ අසල්වාසීන්ගේත් ජීවිත වෙනස් කළාවු ධනාත්මක වෙනසක් ඇති විය (39-42). විරෝධතාවයේ සහ පක්ෂභේදයේ පවුරු කඩා දැමූ ඒ පාලම යේසුස්වහන්සේය.

පක්ෂපාතිකම් තබා ගැනීමේ ආශාව යථාර්ථයකි. අපගේ ජීවිතවල එය අප තේරුම් ගත යුතුය. යේසුස්වහන්සේ අපට පෙන්වූ ලෙස අපට සියලු සෙනඟ වෙතට ජාතිය සමාජීය තත්ත්ව භේද නැතුව ළඟා විය හැකිය. උන්වහන්සේ ආවේ පාලම් ගොඩනැගීමටය.