අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ලින්ඩා වොෂින්ටන් විසින් රචිත ලිපි

බුද්ධිමත් ගොඩනගන්නෙක්

උපන් නම ඉසබෙලා බෝම්ෆ්‍රී වූ සොජර්නර් ටෘත් 1797 දී නිව්යෝර්ක් නගරයේ එසොපස් නැමැති ප්‍රදේශයේ වහලියක ලෙස උපත ලැබුවාය. ඇගේ දරුවන් සියලු දෙනාම පාහේ වහලුන් ලෙස විකුණනු ලැබූවද ඇය 1826 දී එක් දියණියක් සමග නිදහස ලබා ගෙන ඇගේ නිදහස වෙනුවෙන් මුදල් ගෙවූ පවුලක් සමග ජීවත් විය. තම පවුලෙන් වෙන්ව සිටීමට අයුක්ති සහගත ක්‍රමයකට ඉඩ දෙනවා වෙනුවට ඇගේ කුඩා පුත් පීටර්ව නැවත…

දුර්වලයන් මුදාගැනීම

ඔබ තෝරාගන්නේ කුමක්ද - ස්විට්සර්ලන්තයේ හිම ක්‍රීඩාවක්ද නැතිනම් ප්‍රාග් නගරයේ සිටින දරුවන් අනතුරෙන් ගලවාගැනීමද? සාමාන්‍ය මිනිසෙක් වූ නිකොලස් වින්ටන් දෙවැනි අවස්ථාව තෝරාගත්තේය. 1938දී චෙකොස්ලොවැකියාව සහ ජර්මනිය අතර යුද්ධයක් ඇති වන ලකුණු පෙනෙන්නට තිබුණි. නිකොලස්, බොහෝ යුදෙව් පුරවැසියන් අති දුෂ්කර තත්ත්‍වයන් යටතේ ජීවත්වූ, ප්‍රාග් නගරයේ අනාථ කඳවුරු සංචාරය කිරීමෙන් පසු, ඔවුන්ට උපකාර කිරීමට සැලැස්මක් ඉදිරිපත් කරන්නට ඔහුට පෙළඹවීමක් ඇති විය. 2වන…

ගින්නෙන් පිරිපහදු කරනු ලැබ

කැරට් 24 රත්තරං යනු සුළු අපවිත්‍රතා පමණක් ඇති පවිත්‍ර රන් ය. නමුත් එම ප්‍රතිශතය ලබාගැනීම අසීරුය. පිරිපහදු කරන්නන් විසින් බොහෝ විට පිරිසිදුකිරීමේ ක්‍රියාවලියට ක්‍රම දෙකකින් එකක් භාවිතා කරනු ලැබීය. මිලර් ක්‍රියාවලිය වඩාත් ඉක්මන් සහ වියදම අඩු ක්‍රමය වන නමුත් ප්‍රතිඵලය 99.95 පවිත්‍රතා ප්‍රතිශතයකි. වොල්විල් ක්‍රියාවලියට වැඩි කාලයක් සහ මුදලක් වැය වන නමුත් එය 99.99 ප්‍රතිශතයක පවිත්‍රතාවයක් ගෙනදෙයි.

බයිබල් කාලයෙහි, පිරිපහදු…

රාජකීය භූමිකාව

රාජකීය පවුලේ යමෙක් රජ කිරුළට ළංව සිටින තරමට ඔහු/ඇය ගැන ජනයාට වැඩිපුර අසන්න ලැබේ. අන් අය අමතක වී යන්නේය. බ්‍රිතාන්‍ය රජ පවුලේ රජ කිරුළට හිමිකම් කිව හැකි හැටක පෙළක් සිටිති. ඔවුන්ගෙන් එක් අයෙක් නම් සර් ෆ්‍රෙඩ්රික් වින්සර්ය. ඔහු එම පෙළෙහි හතළිස් නව වෙනියාය. ඔහු ප්‍රසිද්ධියට පත් නොවී තම ජීවිතය ගත කරයි. ඔහු ආර්ථික විශ්ලේෂකයෙක් ලෙස ක්‍රියා කරන අතර ඔහු වැටුප්…

දුක කණපිට හැරී

වෘකයන් ගැන දැනුම නිසා ප්‍රසිද්ධව සිටින ජිමී සහ ජේමි ඩචර් චිත්‍රපටි නිෂ්පාදකයන්ය. ප්‍රීති වූ විට වෘකයෝ වල්ග වනා එහේ මෙහේ දඟලති. එහෙත් කණ්ඩායමේ සාමාජිකයෙක් මියගිය පසු ඔව්හු සති ගණනාවක් දුක් වෙති. කණ්ඩායමේ සාමාජිකයා මිය ගිය ස්ථානයට යති. ඔවුන්ගේ ශෝකය පෙන්නුම් කිරීමට වල්ගය හකුලා ගෙන දුක්බරව මොර ගසති.

අප සියලු දෙනාම අත් විඳ ඇති දුක ඉතා බලවත් හැඟීමකි. විශේෂයෙන් ප්‍රියයෙකු මියගිය…

බලාපොරොත්තු බිඳීයාමේ චිත්‍රයක්

එක්සත් ජනපදයේ විශාල ආර්ථික අවපාතය අතරතුර ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පිනියක් වන ඩොරතියා ලෑන්ග් විසින් තම දරුවන් සමග සිටින ෆ්ලෝරන්ස් ඕවන්ස් තොම්සන්ගේ ඡායාරූපයක් ගත්තාය. එම සුප්‍රසිද්ධ ඡායාරූපය වන “සංක්‍රමණික මව” යන්න රටකජු වගාව පාළුවූ බලාපොරොත්තු විනාශ වූ මවකගේ චිත්‍රයකි. ලෑන්ග් එය ගත්තේ කැලිෆෝර්නියාවේ නිපෝමොහිදී ඇය ගොවිපළ ආරක්‍ෂණ පරිපාලනයේ සේවය කළ කාලයේය. ඇයට අවශ්‍ය වූයේ ඒ වාරයේ පමණක් සේවය කරන කුලී සේවකයන්ගේ කර…

දරා ගැනීමට ඇදහිල්ල

අර්නස්ට් ෂැකල්ටන් (1874-1922) 1914 දී ඇන්ටාටිකාව හරහා ගමන් කිරීමේ අසාර්ථක උත්සාහයක යෙදුණි. සුදුසු ලෙස නම් කර තිබු ඔහුගේ “දරා ගැනීම” යනුවෙන් හැඳින්වූ නැව වෙඩල් මුහුදේ දැඩි අයිස් තුළ සිරවුණි. ජීවිතය බේරාගැනීම පවා විශාල දරා ගැනීමක් විය. සෙසු ලෝකය සමග සම්බන්ධ වීමට කිසි මාර්ගයක් නැති ෂැකල්ටන් සහ ඔහුගේ කණ්ඩායම ජීවිතාරක්‍ෂක බෝට්ටු මගින් අසල තිබු එලිෆන්ට් දුපතට ගියහ. කණ්ඩායමේ බොහෝ අය දුපතේ…

සුදු හිම වල ඇති හාස්කම

දහහත් වන ශතවර්ෂයේ සර් අයිසැක් නිව්ටෙන් විවිධ වර්ණ දැකීමට ආලෝකය උපකාර වන ක්‍රමය පෙන්වීමට ප්‍රිස්මයක් භාවිතා කළේය. යම් ද්‍රව්‍යයක් තුළින් ආලෝකය ගමන් කරන විට එම ද්‍රව්‍යයෙහි යම් විශේෂිත වර්ණයක් ඇති බව පෙන්වන්නේ යයි ඔහු සොයා ගත්තේය. එක් අයිස් කැටයක් අර්ධ විනිවිද බවක් පෙන්වුවද හිම සෑදී ඇත්තේ බොහෝ අයිස් කැට එකට එකතු වීම නිසාය. ආලෝකය ඒ සෑම කැටයක් තුළින්ම ගමන් කරන…

වෙවුලන දණහිස් ශක්තිමත් කිරීම

මා දරුවෙකුව සිටින කාලයේ “උන්වහන්සේ මාගේ වරදින් එහා බලා මාගේ අවශ්‍යතාවය දකින සේක” යන ඩොටී රැම්බෝ විසින් ලියා ඇති ගීතය මා සිතුවේ “උන්වහන්සේ මාගේ වරදින් එහා බලා මාගේ දණහිස් දකින සේක” කියාය. මම එය දරුවෙක් සිතන ආකාරයට කල්පනා කළෙමි. උන්වහන්සේ මාගේ දණහිස් දෙස බලන්නෙන් ඇයි? ඒ ඒවා දුර්වල නිසාද? දුර්වල දණහිස් යනු “බිය” බව මම දැන සිටියෙමි. පසුව ඩොටී එම…

පරාජය වීමට නොහැකිය

පරාජය වීමට නොහැකිය. එම වචන පවසන ලද්දේ සූසන් බී. ඇන්තනි (1820-1906) විසිනි. ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් ගැන නොසැළී සිටීම නිසා ඇය ප්‍රසිද්ධ විය. නීතියට පටහැනිව ඡන්දය දැමීම ගැන වරදකාරියක් වුවද ස්ත්‍රීන්ගේ ඡන්ද අයිතිවාසිකම් ගැන සටන් කිරීම නොනැවැත්වීමට ඇන්තනි දිව්රුම් දුන්නාය. තමාගේ පරමාර්ථය සාධාරණ බව ඇය දැන සිටියාය. තම ශ්‍රමයේ ප්‍රතිඵල ඇය නුදුටුවද ඇයගේ ප්‍රකාශය සත්‍ය බව පසුව ඔප්පු විය. 1920 දහනව වන…