වෘකයන් ගැන දැනුම නිසා ප්‍රසිද්ධව සිටින ජිමී සහ ජේමි ඩචර් චිත්‍රපටි නිෂ්පාදකයන්ය. ප්‍රීති වූ විට වෘකයෝ වල්ග වනා එහේ මෙහේ දඟලති. එහෙත් කණ්ඩායමේ සාමාජිකයෙක් මියගිය පසු ඔව්හු සති ගණනාවක් දුක් වෙති. කණ්ඩායමේ සාමාජිකයා මිය ගිය ස්ථානයට යති. ඔවුන්ගේ ශෝකය පෙන්නුම් කිරීමට වල්ගය හකුලා ගෙන දුක්බරව මොර ගසති.

අප සියලු දෙනාම අත් විඳ ඇති දුක ඉතා බලවත් හැඟීමකි. විශේෂයෙන් ප්‍රියයෙකු මියගිය විට හෝ වටිනා බලාපොරොත්තුවක් නැති වූ විට අපගේ ශෝකය බලවත් වේ. මග්දලේනා මරියා එය අත් වින්දාය. ඇය ක්‍රිස්තුස්වහන්සේට උපස්ථාන කළ ස්ත්‍රියකි. උන්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝල කණ්ඩායම සමග ඇයද ගමන් කළාය (ලූක් 8:1-3). නමුත් උන්වහන්සේ කුරුසියේ විඳි කුරිරු මරණය ඔවුන්ව දැන් වෙන්කර තිබේ. යේසුස්වහන්සේ වෙනුවෙන් මරියාට කිරීමට ඉතිරිව තිබුණේ තැන්පත් කිරීම පිණිස උන්වහන්සේගේ ශරීරය සුදානම් කිරීමයි. සබත් දිනය එයට බාධා කර තිබුණි. කෙසේ වෙතත් සොහොනට පැමිණි පසු අප්‍රාණික කැඩුණු බිඳුණ ශරීරයක් වෙනුවට ජීවමාන ගැළවුම්කරුවාණන් හමුවීමෙන් මරියා කෙතරම් විශ්මයට පත්වන්න ඇත්දැයි කල්පනා කර බලන්න. මුලදී ඇය උන්වහන්සේව හඳුනා නොගත්තද ඇගේ නම උන්වහන්සේ කථා කළ ආකාරයෙන් ඒ කවුදැයි ඇය හැඳින ගත්තාය. ඒ යේසුස්වහන්සේය. එකෙණෙහිම ඇගේ දුක ප්‍රීතියට පෙරළිණි. “මම ස්වාමින්වහන්සේව දුටුවෙමි” යන ප්‍රීතිමත් ප්‍රවෘත්තිය බෙදා ගැනීම සඳහා ඇයට දැන් තිබුණි.

නිදහස සහ ජීවනය දෙන පිණිස යේසුස්වහන්සේ අපගේ අඳුරු ලොවට අවතීර්ණ වූ සේක. උන්වහන්සේ කරන්න සුදානම් වූ දෙය ඉෂ්ටවූයේය යන කරුණ නිසාම උන්වහන්සේගේ උත්ථානය සැමරීමට පුළුවන. මරියා මෙන් අපටද ක්‍රිස්තුස්වහන්සේගේ නැවත උත්ථානය සැමරිය හැක්කේ යහපත් ආරංචිය බෙදා ගැනීමෙනි. උන්වහන්සේ ජීවමානය! හාලේලුයියා!