අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Peter W. Chin

පීටර් චින්

.

පීටර් චින් විසින් රචිත ලිපි

ආත්මයාණන් සමග ගමන් කිරීම

පැය දස දහසක්! ඕනෑම දෙයක නිපුණත්වයට පැමිණිමට පැය දස දහසක් ගත වන බව කර්තෘ මැල්කම් ග්ලැඞ්වෙල් පවසයි. ශ්‍රේෂ්ඨතම කලාකරුවන්, සංගිතඥයින් අවසානයේ ලබාගත් නිපුණත්වය ලැබීමට ඔවුන් තුළ පිහිටි සහජ හැකියාව ප්‍රමාණවත් නොවීය. දිනක් දිනක් පාසා තම කාර්්‍යයේ යෙදීමට ඔවුන්ට සිදුවිය.

පුදුමයක් ලෙසට පෙනෙන්නේ ශුද්ධාත්මයාණන්ගේ බලය තුළ ජීවත්වීමට ඉගෙන ගැනීමටද අපට එවැනි මානසිකත්වයක් අවශ්‍ය වේ. ගලාති පොතෙහි දෙවියන්වහන්සේ වෙනුවෙන් වෙන් වන්න කියා…

යේසුස්වහන්සේ සහ විශාල චිත්‍රය

මටත් මාගේ භාර්යාවටත් විනෝද ගමනක් යාමට ඉඩ හරින පිණිස කාරුණික මිතුරියක් අපගේ දරුවන් බලා ගැනීමට කැමති විය. “ඔබලා ලස්සන තැනකට යන්න ඕනෑ” ඇය කීවාය. අපි ප්‍රායෝගික පුද්ගලයන් නිසා පොළට යාමට අපි තීරණය කළෙමු. අපි බඩු මලු රැගෙන පැමිණි හෙයින් විශේෂ දෙයක් නොකළේ මන්ද කියා ඇය ඇසුවාය. අපි ඇයට කීවේ විනෝද ගමනක් විශේෂිත වන්නේ අප කරන දෙය අනුව නොව අප කාලය…

අපගේ ආශිර්වාදයන්, උන්වහන්සේගේ ප්‍රේමය

2015 දී එක් කාන්තාවක් තම මියගිය සැමියා සතුව තිබූ පරිඝණකයක් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට දුන්නාය. මෙම පරිඝණකය 1976 දී නිපදවනු ලැබූවකි. නමුත් වඩාත් වැදගත් වන්නේ එය සෑදු වර්ෂය නොව සෑදු තැනැත්තාය. එය ඇපල් පරිඝණකය සොයා ගත් ස්ටීව් ජොබ්ස් විසින් අතින්ම සාදන ලද පරිඝණක 200 න් එකක් විය. එහි වටිනාකම ඇස්තමේන්තු කර තිබුණේ ඩොලර් මිලියන කාලකටය. සමහර විට යමක වටිනාකම දැන ගැනීමට නම්…

දෙවන මට්ටමේ නොවේ

පළමු ලෝක මහා යුද්ධයෙන් පසු එක්සත් ජනපද ජනාධිපති වුඞ්රෝ විල්සන් ලෝකයේ බලවත්ම නායකයෙකු ලෙස සැළකුණි. 1919 දී ඔහු භයානක ලෙස අංශබාගයෙන් පෙළුණු විට ඔහුගේ වැඩ කටයුතු සියල්ලම කර ගෙන ගියේ ඔහුගේ භාර්්‍යයාව බව දැන සිටියේ කිහිප දෙනෙක් පමණී. ඔහුගේ ආවධානයට ගෙන ආ යුත්තේ කුමණ කාරණාදැයි ඇය තීරණය කළාය. ඇත්තෙන්ම නූතන ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ ටික කාලයක් එක්සත් ජනපද ජනාධිපතිණිය ලෙස ඔහුගේ…

ජලයට වඩා

මා කුඩා කල මතකයන්ගෙන් එකක් නම් සභාපාලක වරයෙකු සභාවේ මැදි මගේ එහා මෙහා යමින් “බව්තිස්මයේ ජලය අමතක කරන්න එපා” යනුවෙන් කීමය. ජලය අමතක කරන්න එපා? කෙනෙක් ජලය මතක තබා ගන්නේ කෙසේද? මම මගෙන්ම ප්‍රශ්න කළෙමි. ඔහු ජලය ගෙන සියල්ලන්ට ඉසීය. කුඩා දරුවෙක් ලෙස එය මහත් විනෝදයක් වුනි. එසේම වියවුල්ද වුනෙමි.

අප බව්තිස්මය ගැන සිතිය යුත්තේ ඇයි? පුද්ගලයෙකු බව්තිස්ම වූ විට…

දිරිය දීමේ බලවන්තකම

බෙන්ජමින් වෙස්ට් කුඩා කාලයේ ඔහු තම සහෝදරියගේ චිත්‍රයක් ඇඳීමට උත්සාහ කළේය. නමුත් ඔහුට ඇඳිය හැකිවූයේ ව්‍යාකූල රූපයක් පමණී. ඔහුගේ මව එම නිර්මාණය දුටුවාය. ඇය ඔහුගේ නළල සිප “ඒ සැලී නේ!” කියා පැවසුවාය. ඔහු පසු කාලයකදී පැවසුවේ එම සිප ගැනීම ඔහුව චිත්‍ර ශිල්පියෙකු කළ බවය. එසේම එය ඔහුව ශ්‍රේෂ්ඨ ඇමෙරිකානු කලා ශිල්පියා බවටද පත් කළේය. දිරිමත් කිරීම බලවත් දෙයක් වේ.

චිත්‍ර…

අපි කව්ද?

මාගේ පවුලේ අය බැහැ දැකීමට මාගේ අනාගත බිරිඳ රැගෙන ගිය අවස්ථාව මට කිසි දින අමතක නොවේ. මාගේ සහෝදරයන් දෙදෙනා දීප්තිමත් ඇස් වලින් යුතුව ඇයගෙන් ඇසුවේ “මේ මනුෂ්‍යයා තුළ ඔබ ඇත්තටම දැක්කේ කුමක්ද?” කියාය. ඇය සිනහ සී කීවේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් ඇය ප්‍රේම කරන පුද්ගලයා මා බවට පත්වී ඇති බවය.

ඒ දක්‍ෂ පිළිතුරට මම කැමැත්තෙමි. ඊට හේතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ අපගේ අතීතයට…

කිසිසේත් ප්‍රමාද නැත

මාගේ නැන්දම්මාගේ හදවත් රෝගයෙන් ඇතිවූ කණස්සලු කාලයේදී ක්‍ෂණික වෛද්‍ය ප්‍රතිකර්ම ලැබීමට ඇය වාසනාවන්ත විය. පසුව වෛද්‍යවරයා මට කීවේ අසාධ්‍ය රෝගීන්ට විනාඩි පහළොවක් ඇතුළත ප්‍රතිකර්ම කළහොත් සියයට 33 කට සුවවීමේ ප්‍රවණතාවයක් ඇති බවය. ඒ කාලයට පසු ප්‍රතිකර්ම කළහොත් අවස්ථාවක් ඇත්තේ සියයට 5 කට පමණී.

අසාධ්‍යව සිටි යායිරස්ගේ දියණිය සුව කිරීමට යන අතර (ක්‍ෂණික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය අයෙක්) යේසුස්වහන්සේ සිතිය නොහැකි දෙයක්…

බලා සිටීමට වඩා යමක්

පාසැල් බස් රියකින් සිසුන් බසින තුරු සිටීමට අකමැතිව ස්ත්‍රියක් තම වාහනය පදික වේදිකාවට ගෙන අනිත් පසින් නැවත මාර්ගයට ආවාය. පොලිසිය විසින් නොසැළකිලිමත් රිය ධාවනයට ඇයට එරෙහිව නඩු පැවරීය.

බලා සිටීම අපව නොඉවසිලිවන්ත භාවයට පත් කරන්නාක් මෙන්ම බලා සිටීම අතරතුර කිරීමට සහ ඉගෙනීමට හොඳ දේවල් තිබේ. “යෙරුසලමෙන් අහක්ව නොගොස්” කියා ගෝලයන්ට කියන විට යේසුස්වහන්සේ එය දැන සිටි සේක (ක්‍රියා 1:4). ඔවුන්…

සංසන්දනයෙන් එහා ජීවිතය

රූපවාහිනි වැඩ සටහනක වැඩිහිටි යෞවනයන්, යෞවනයන්ගේ ජීවිත තේරුම් ගැනීම පිණිස උසස් විදුහල් සිසුන් මෙන් ක‍්‍රියා කළෝය. යෞවනයන්ගේ වටිනාකම මැනීමට සමාජ මාධ්‍යය ප‍්‍රධාන භූමිකාවක් ක‍්‍රියාත්මක කරන බව ඔව්හු සොයා ගත්තෝය. එක් සාමාජිකයෙක් නිිරීක්‍ෂණය කළේ සිසුන්ගේ ස්වවටිනාකම සමාජ මාධ්‍යයට බැඳී තිබුණු බවය. යම් ඡායාරූපයකට කෙතරම් "ලයික්ස්" ලැබෙන්නේද යන්න මත එය යැපුණි. අන් අය අපව පිළිගැනීමේ අවශ්‍යතාවය හේතුකොට ගෙන තරුණ ජනතාව අන්තර් ජාලයෙහි…