පළමු ලෝක මහා යුද්ධයෙන් පසු එක්සත් ජනපද ජනාධිපති වුඞ්රෝ විල්සන් ලෝකයේ බලවත්ම නායකයෙකු ලෙස සැළකුණි. 1919 දී ඔහු භයානක ලෙස අංශබාගයෙන් පෙළුණු විට ඔහුගේ වැඩ කටයුතු සියල්ලම කර ගෙන ගියේ ඔහුගේ භාර්්‍යයාව බව දැන සිටියේ කිහිප දෙනෙක් පමණී. ඔහුගේ ආවධානයට ගෙන ආ යුත්තේ කුමණ කාරණාදැයි ඇය තීරණය කළාය. ඇත්තෙන්ම නූතන ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ ටික කාලයක් එක්සත් ජනපද ජනාධිපතිණිය ලෙස ඔහුගේ භාර්්‍යයාව වන එඩිත් විල්සන් කටයුතු කළ බවය.

මුල් සභාවේ නායකයන් කවුද කියා ඇසුවහොත් අප පේත්‍රෑස්, පාවුල් සහ තිමොා්ති වැනි තලෙන්ත තිබු කිහිප දෙනෙකු නම් කරනු ඇත. නමුත් රෝම 16 හි පාවු් විවිධ පසුබිම්වලින් පැමිණි 40 ක් පමණ නම් කරයි. ඒ පුරුෂයන්, ස්ත්‍රීන්, වහලුන්, යුදෙව්වන් සහ අන්‍යජාතීන්ය. ඔව්හු සභාවේ ජීවිතයට විවිධ අයුරින් උපකාර කළෝය.

ඔවුන්ව සභාවේ දෙවන මට්ටමේ සේවකයින් කියා නොසළකා පාවුල් ඒ අයව ඉතා උසස් කොට සැලකීය. ඔහු ඔවුන්ව විස්තර කරන්නේ අපෝස්තලුවරුන් අතර කැපී පෙණුන අය ලෙසය (7 පදය). යේසුස්වහන්සේට ඔවුහු කළ මෙහෙය නිසා සැමරිය යුතු සෙනග ලෙසය.

සභාවේ සේවයට අප සාමාන්‍ය අය බව අපගෙන් බොහෝ අය සිතමු. නමුත් සත්‍යය නම් අන් අයට සේවය කර උපකාර කිරීමට අවශ්‍ය තලෙන්ත අප එකිනෙකාට තිබෙන බවය. දෙවියන්වහන්සේගේ ශක්තියෙන් උන්වහන්සේගේ ගෞරවය සඳහා අපි අපගේ දීමනා භාවිතා කරමු.