අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Poh Fang Chia

පා ෆංග් චියා

පා ෆංග් චියා කිසිදාක භාෂාව සම්බන්ධ වෘතියකයෙකු වීමට සිහින නොදැක්කේ ඇයගේ මූලික ආශාව රසායන විද්‍යාව වූ බැවිනි. ඇයගේ හැරවුම් ලක්ෂය වන්නේ වයස 15දී යේසුස්වහන්සේව මුණගැසීමත්, ජීවිත ස්පර්ශ කළ හැකි පොත් නිර්මාණය කිරීමට ඇයගේ ඇති කැමැත්ත උන්වහන්සේට ප‍්‍රකාශ කිරීමත් සමඟය. ඇය සංස්කාරකවරියක ලෙස අපගේ දිනපතා භෝජනය සේවයේ සිංගප්පූරු කාර්යයාලයේ සේවය කරන අතර චීන භාෂා සංස්කරණ සමාලෝචන කමිටුවේ සාමාජිකාවකද වේ. පා ෆංග් පවසන්නේ: "දේව වචනය ගවේශනය කරමින්, නැවුම් දෘෂ්ටි කෝණයකින් දැකිය හැකි පාඨයන් සෙවීමෙනුත්, මාගේ මනස තුළ දැවෙන්නාවූ ගැටළු වලට පිළිතුරු සපයාගැනීමෙන් හා මා මුහුණ දෙන ජීවිත ගැටළු වලට අදාල කරගැනීමෙන් මම සැබවින්ම සතුටු වෙමි. මාගේ යාච්ඤාව වන්නේ බයිබලය වර්තමානයේද ජීවමාන බව පාඨකයා දැක ජීවිත වෙනස් කරවන එම වචනයේ බලයට ප‍්‍රතිචාර දැකිවීමට ඔවුනට හැකි වන ආකාරයට ලිවීමට හැකිවන පිණිසයි.”

පා ෆංග් චියා විසින් රචිත ලිපි

යේසුස්වහන්සේ හැඬූසේක

මම පොතක් ඉතා උනන්දුවෙන් කියවමින් සිටියෙමි. මා කුමක් කියවනවාදැයි මිතුරියක් ඉතා ඕනෑකමින් බැලූවාය."අඳුරු මාතෘකාවක්"යැයි ඇය කීවාය. මා කියවමින් සිටියේ "වීදුරු මිනීපෙට්ටිය" නැමති සුරංගනා කතාවය. මිනීපෙට්ටිය යන වචනයෙන් ඇය කලබල වූවාය. අපගෙන් බොහෝ අය මරණය ගැන අසන්න අකමැතිය. එහෙත් යථාර්ථය නම් මිනිසුන් දහසකින් දහසම මිය යෑමය.

සැම විට මරණය ගැඹුරු ප‍්‍රතිචාරයක් ඉස්මතු කරයි. යේසුස්වහන්සේ දැඩි හැඟීම් මතුකළේ උන්වහන්සේගේ ප‍්‍රිය මිතුරෙකුගේ අවමංගල්‍ය අවස්ථාවේය. ඇයගේ…

මා වෙහෙසවන්නේ කා උදෙසාද?

හෙන්රි සතියකට පැය 70ක් වැඩ කළේය. ඔහු තම රැකියාවට ආදරය කළේය. ඔහුට හොඳ වැටුපක් ලැබිණි. ඔහුගේ පවුලට යහපත් දේ ඔහු ගෙනාවේය. වැඩ අඩු කිරිමට ඔහු සැමදා සැලසුම් කළේය. එහෙත් එය සිදු වුණේ නැත. එක් දිනක් ඔහු හොඳ ආරංචියක් ඇතුව ගෙදර ආවේය. සමාගමේ ඉහළම තනතුර ඔහුට ලැබී තිබිණි. එහෙත් කිසිවෙකු නිවසේ සිටියේ නැත. වසර ගණනාවක් තිස්සේ ඔහුගේ දරුවන් හැදී වැඩී වෙනත් ස්ථාන වල…

ධනාත්මක පුනපුනාකීම්

නිල් පෑන් භාවිතා නොකරන අමුතු පුරුද්දක් පත‍්‍රකාලාවේදියෙකු සතු විය. දිනක් සහෝදර සේවකයෙකු කඩෙන් යමක් අවශ්‍යදැයි ඔහුගෙන් ඇසුවේය. ඔහු පෑන් ටිකක් ගෙන එන්නැයි කීවේය. "එහෙත් නිල් නොවේ, නිල් පෑන් මට එපා.නිල්
බර වැඩියි. එ් නිසා නිල් හැර ඕනෑම පෑන් 12ක් ගෙනෙන්න!"  ඔහු කීවේය. ඊළඟ දවසේදී මිත‍්‍රයා ඔහුට පෑන් දුන්නේය. එ්වා සියල්ල නිල්පාට විය. ඊට හේතුව ඇසූ විට ඔහු කීවේ "ඔයා නිල්,…

ඇදහිල්ලේ හඬ

ප‍්‍රවෘත්තිය ඇඟ හිරිවැටීමට සැලැස්වීය. කඳුළු කැට රූරා වැටිණි. එ්වා නවත්වාගැනීමට ඇයට නොහැකි විය. ඇයගේ මනසට ප‍්‍රශ්න රැසක් ගලා ආ අතර බිය දරාගත නොහැකි විය. ජීවිතය මෙතෙක් කල් ඉතා අනර්ඝ ලෙස ගලා ආ නමුත් හදිසියේ පැමිණි බාධාව නිසා අනතුරු ඇඟවීමකින් තොරව එය සදහටම වෙනස් විය.

අප ප්‍රේම කරන අයෙකුගේ වියෝවීමක්, රෝගයක්, ධනය හෝ ජීවන මාර්ගය අහිමි වීමක් යනාදී වශයෙන් ඛේදවාචක විවිධාකාරයෙන් පැමිණිය…

ආච්චි අම්මාගේ කෑම වට්ටෝරුව

බොහෝ පවුල් වල රහස් කෑම වට්ටෝරුවක් තිබේ. විශේෂ රසයක් දෙන කෑමක් සෑදීමට ඔව්හු දනිති. මාගේ චීන ගෝත‍්‍රය වන ”හක්කාස්” කණ්ඩායමට විශේෂිත ආහාරයක් තිබිණ. එයට "පබළු මාල" යැයි කියනු ලැබේ. ඔබ එය කාලාම රස බැලිය යුතුය.

අනිවාර්යයෙන් ආච්චි අම්මා ළඟ හොඳම වට්ටෝරුවක් තිබිණි. සෑම චීන අලුත් අවුරුද්දක් පැමිණි විට පවුලේ එක්සත් රාත‍්‍රී භෝජනයේදී, "මේක හරියට උයන්න ඉගෙන ගන්න ඕනේ" කියා අප…

උන්වහන්සේ පිළිතුරු දෙනසේක

මා ආශා කරන කොරියානු නිළියකගේ වෙබ් අඩවියක් මට හමුවූ විට මා ඇයට පණිවුඩයක් යැවීමට තීරණය කළෙමි. මම හැකි හොඳම පණිවුඩය යවා ඇයගෙන් පිළිතුරක් එනතුරු බලා සිටියෙමි. ප‍්‍රතිචාරයක් ලැබීම ඉතා දුර්ලභ බව මම දැන සිටියෙමි. එවැනි ජනප‍්‍රිය නිළියකට දිනපතා දහස් ගණන් පණිවුඩ ලැබේ. එහෙත් පිළිතුරක් ලැබෙතැයි මම බලාපොරොත්තු වුණෙමි. මගේ බලාපොරොත්තුව කඩවිය.

දෙවියන්වහන්සේ අපට ප‍්‍රතිචාර දක්වන බව දැන සිටීම ස්තූතිවන්ත වීමට…

උදාසීනකම ප‍්‍රතික්ෂේප කරන්න

කාමරය විවිධ වර්ණවලින් බැබළෙන්නට පටන්ගත්තේය. ආධාර එකතුකිරීමේ උත්සවයක අලංකාර සාරි වලින් සැරසුණු ස්ත‍්‍රීහු එහෙ මෙහේ දුවමින් ශාලාව අලංකාර කළෝය. ඔවුන් මුලින් ඉන්දියාවේ සිට පැමිණි අයයි. දැන් ඔව්හු එක්සත් ජනපදයේ ජීවත් වෙති. තම මව්රට ගැන ඔවුන්ට බරක් තිබේ. ඉන්දියාවේ ඌනවර්ධිත දරුවන්ගේ කිතුනු පාසැලකට තිබූ ආර්ථික අවශ්‍යතාවක් ගැන අසා එය තම සිතට ගෙන ඔව්හු ප‍්‍රතිචාර දක්වූහ.

නෙහෙමියා එකල සිටි බලවත්ම පුද්ගලයාගේ ළඟින්ම…

දෙවියන්වහන්සේ කෙරෙහි පිපාසයක්

ඇපො-ලාපී යනු චීනයේ යුනාන් ප‍්‍රාන්තයේ කඳුවල ජීවත් වන ගෝත‍්‍රයක වැඩිමහල්ලෙකි. ළඟදී ඔහු මුණගැසීමට අප ගිය විට අධික වර්ෂාව නිසා සති මැද බයිබල් අධ්‍යයනයට සහභාගි නොවූ බව ඔහු පැවසීය. එහෙයින් "මට දේව වචනය කියා දෙනවාදැයි" ඔහු අපගෙන් ඇසුවේය.

ඇපෝ-ලාපී හට කියවිය නොහැක. එහෙයින් සතියේ බයිබල් අධ්‍යයන සඳහා එකතුවීම ඔහුට ඉතා වැදගත්ය. අප බයිබලය කියවන විට ඔහු උනන්දුවෙන් ඇහුම්කන් දුන්නේය. ඔහුගේ ආකල්පය…

නත්තලේ ක‍්‍රිස්තුස්වහන්සේ

අනුග‍්‍රහයේ ත්‍යාගය: පුද්ගලික සම්බන්ධතාවයක්

මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. යොහන් 3 : 16

සිංගප්පූරුවේ නත්තල් තෙත භරිතය. හිම…

සෞම්‍ය ආලෝකයන්

ෂාවෝ යින්ග්, චීනයේ යුනාන් ප‍්‍රාන්තයේ දුෂ්කර ගමක ජීවත්වේ. සෞඛ්‍ය ගැටළු නිසා ඇයගේ ස්වාමිපුරුෂයාට කුඹුරු වැඩ කිරීමට නොහැකි විය. එහෙයින් ඔවුන්ගේ පවුලේ ආර්ථික ගැටළු ඇති විය. ඇයගේ නැන්දම්මා දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ඇයගේ ඇදහිල්ලට බාධා පමුණුවයි. නැන්දම්මා ෂාවෝ යින්ග්ට පළමු ආගමට යන්නැයි කරදර කළාය.

එහෙත් ෂාවෝ යින්ග්ගේ ස්වාමිපුරුෂයා ඇයගේ ජීවිත වෙනස්වීම දැක ඇති නිසා ඔහු "ෂාවෝ යින්ග් විතරක් දෙවියන්වහන්සේ විශ්වාස කරලා මදි!…