අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Xochitl Dixon

සොචිටල් ඩික්සන්

..

සොචිටල් ඩික්සන් විසින් රචිත ලිපි

අළුත්වූ දැක්ම

මාගේ වම් ඇසේ වේදනාකාරී සුළු සැත්කමකින් පසුව මගේ වෛද්‍යවරයා දර්ශන පරීක්‍ෂණයක් නිර්දේශ කළේය. විශ්වාසයෙන් යුතුව මම මගේ දකුණු ඇස ආවරණය කර ප්‍රස්ථාරයේ සෑම පේළියක්ම පහසුවෙන් කියෙව්වෙමි. මාගේ වම් ඇස ආවරණය කරමින් මම අමාරුවෙන් හුස්මක් හෙළුවෙමි. මම මෙතරම් අන්ධ වී ඇති බව මට නොතේරුණේ කෙසේද?

නව උපැස් යුවළට හැඩ ගැසෙන අතර ඒ තුළින් නව දෘෂ්ටියක් ලබා දෙන්නාක් මෙන්ම දිනපතා අත්හදා බැලීම්…

එකට වැඩ කිරීම

විවේකයක් නොගෙන ජෝ බොහෝ විට පැය දොළහකට වඩා වැඩ කළේය. පුණ්‍ය කටයුත්තක් ආරම්භ කිරීම සඳහා ඔහුට කාලය හා ශ්‍රමය අවශ්‍ය වූ අතර නිවසට පැමිණි විට තම බිරිඳ සහ දරුවන් වෙනුවෙන් ඔහුට ඉතිරිව තිබුණේ අල්ප ශක්ති ප්‍රමාණයක් පමණි. නිදන්ගත මානසික ආතතියෙන් පසුව ජෝ රෝහල් ගත වූ අතර ඔහුට උපකාර කිරීම සඳහා කණ්ඩායමක් සංවිධානය කිරීමට ඔහුගේ මිතුරෙක් ඉදිරිපත් වුනි. ඔහු පාලනය අත්හැරීමට…

රැල්ල පැදීම

මාගේ ස්වාමිපුරුෂයා හවායි ක්‍ෂිතිජයේ ඡායාරූප ගනිමින් ගල් සහිත වෙරළ දිගේ ඇවිදගෙන යද්දී මම තවත් වෛද්‍යමය පසුබෑමකට මුහුණ දෙමින් විශාල පර්වතයක් මත වාඩි වී සිටියෙමි. මම ආපසු නිවසට එද්දී මගේ ගැටලු මා එන තුරු බලා සිටියත් මට ඒ මොහොතේ සාමය අවශ්‍ය විය. කළු, කඩතොළු වූ පාෂාණ වලට එරෙහිව එන රළ දෙස මම බලා සිටියෙමි. රැල්ලේ චක්‍රයේ අඳුරු සෙවනැල්ලක් මගේ ඇසට හසු…

දම් පැහැති සළුව

මගේ නිවසේ සිට සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටි පිළිකා මධ්‍යස්ථානයක මගේ මවගේ රැකබලාගන්නෙකු සේ සේවය කරමින් සිටියදී, අප වෙනුවෙන් යාච්ඤා කරන්නැයි මම කිහිප දෙනෙකුගෙන් ඉල්ලා සිටියෙමි. මාස ගණනක් ගෙවී යත්ම, හුදෙකලාව සහ තනිකම මගේ ශක්තිය නැති කර දැමීය. ශාරිරික, මානසික සහ චිත්තවේගීය වෙහෙසට මම ඉඩදීමෙන් මගේ මව රැකබලාගන්නේ කෙසේද?

දවසක් මගේ යාළුවෙක් අනපේක්‍ෂිත සත්කාර පැකේජයක් එව්වා. මගේ මිතුරයක් වන ජෝඩි,…

ආරක්‍ෂිත සහ නිශ්චල

පූර්ණ ශක්තියෙන් යුත් පෙර පාසැල් යන මගේ පුතා වන සේවියර් දහවල් කාලයේ විවේක ගැනීම මඟහැරියේය. නිශ්චලව සිටීම හේතුවෙන්, අවශ්‍ය නොවූ, එහෙත් බෙහෙවින් අවශ්‍ය නින්දකට යා හැක. ඉතින්, මගේ පුතා අසුනේ එහාට මෙහාට දැඟලීම, සෝෆා එකෙන් ලිස්සා යාම, ලී වලින් සාදා තිබූ පොළොව හරහා දිවීම සහ නිහඬතාවයෙන් මිදීම සඳහා කාමරය පුරා පෙරළීම වැනි දේ කිරීමෙන් තමාගේ විවේක කාලයෙන් මඟහැරීමට උත්සාහ කරයි.…

ආලෝකය සක්‍රීය කරන්න

මාගේ ස්වාමිපුරුෂයා සහ මම රට හරහා යෑමට සුදානම් වෙද්දී අපගේ වැඩිහිටි පුත්‍රයන් සමග සම්බන්ධතාවය පවත්වා ගෙන යාමට මට අවශ්‍ය වුනි. මට විශේෂ තෑග්ගක් හමු විය. ඒ විදුලි රැහැන් රහිත අන්තර් ජාලය හරහා සම්බන්ධ කර ඇති දුරස්ථයකින් ක්‍රියාත්මක කළ හැකි මිත්‍රත්ව පහනකි. මම මගේ පුත්‍රයන්ට පහන් දුන් විට මම ඔවුන්ට පැහැදිළි කළේ මම මගේ පහන ස්පර්ශ කරන විට ඔවුන්ගේ පහන් දැල්වෙන…

එක හා සමාන පෙනුමක්

විනෝද චාරිකාවක යෙදී සිටියදී මගේ ස්වාමිපුරුෂයාගේ කුඩා කාලයේ සිටම ඔහුගේ පවුල ගැන දැන සිටි කාන්තාවක් හමු වුනි. ඇය ඇලන් දෙසත් අපේ පුතා වන සේවියර් දෙසත් බැලුවාය. “ඔහු ඔහුගේ තාත්තාගේ ස්වරූපයමයි” ඇය කීවාය. “ඒ ඇස්, ඒ සිනහව, තාත්තාගේ වගේමයි”. පියා සහ පුතා අතර එතරම් කිට්ටු සමානකමක් ඇති බව පිළිගැනීමෙන් කාන්තාව සතුටු වන අතර ඔවුන්ගේ පෞරුෂත්වයේ සමානකම්ද ඇය සඳහන් කළාය. එහෙත් ඔවුන්…

නොබිඳිය හැකි ඇදහිල්ල

වෛද්‍යවරුන් විසින් ඩිඈන් ඩොක්කෝ කිම් සහ ඇගේ සැමියාගේ කුළුඳුල් පුතා ඕටිසම් රෝගයෙන් (පුද්ගලයෙකුට සන්නිවේදන අපහසුතා ඇති මානසික තත්ත්‍වයක්) පෙළෙන බව දැනගත් පසු, ඩිඈන් ඩොක්කෝ කිම් සහ ඇගේ සැමියා සංජානනීය ආබාධිතයෙකු (සිතුවිලි හා දැනුම ලබාගැනීමේ ආබාධිතභාවය) ජීවිත කාලය පුරාවටම රැකබලා ගැනීමට සිදුවීම ගැන දුක්වුනා. තම ආදරණීය පුතාගේ අනාගතය සඳහා ඔවුන්ගේ සිහින හා අපේක්‍ෂාවන් වෙනස් කර ගැනීම අරගලයක් වූ බව ඇය
“නොබිඳු…

නමස්කාරයේ ජීවන රටාවක්

ක්‍රිස්තියානි සම්මන්ත්‍රන මධ්‍යස්ථානයක උදෑසන ආහාර වේලාවේ මම බලා සිටියදීම කාන්තාවන් පිරිසක් කෑම ශාලාවට ඇතුළු වූහ. මට පිටුපසින් සිටි කාන්තාවකට ආයුබෝවන් කියමින් මම සිනාසුණෙමි. මගේ සුබපැතුම් ආපසු ලබා දෙමින් ඇය, “මම ඔබව දන්නවා” යි කියා මට පැවසුවාය. අපේ පිඟන් වලට “ස්ක්‍රැම්බල්ඩ් එග්ස්” (කිරි හා වෙඬරු මිශ්‍ර බිත්තර කෑමක්) බෙදාගෙන, අප දෙදෙනා මීට ප්‍රථමයෙන් හමුවූයේ කොතනදැයි මතක් කිරීමට උත්සාහ කළා. නමුත් මම…

දිස්නය නැත; මහිමය පමණි

මාගේ පුත්‍රයා වන සේවියර් අතින් සාදන ලද නත්තල් සැරසිලි සහ ආච්චි අම්මා වසර ගණනාවක් තුළ එවන ලද නොගැළපෙන අඩුම කුඩුම දෙස මම බලා සිටියෙමි. මම අපගේ සැරසිලි ගැන සෑහිමකට පත් නොවී සිටින්නේ ඇයි කියා මට සිතා ගත නොහැකිය. මා සෑමවිටම එක් එක් සැරසිල්ල ඉස්මතු කළ නිර්මාණ ශීලිත්වය සහ මතකයන් අගය කළෙමි. එසේ නම් සිල්ලර කඩවල නිවාඩු සමයට තබා ඇති දේවල්…