ප්‍රවර්ගය  |  Uncategorized

දෙවියන් වහන්සේගෙන් උදව් ඉල්ලීම

මා තරුණ කාලයේදී ලිවීම් අවසන් කළ යුතු දිනයන්ට උපකාර කරන ලෙසට දෙවියන් වහන්සේගෙන් ඉල්ලිමට සුදුසු නැතැයි මම සිතුවෙමි. අන් අයට ඊටත් වඩා මහත් අවශ්‍යතාවයන් තිබෙනවා විය හැකිය කියා මම මටම කියා ගත්තෙමි. පවුල් ප්‍රශ්න, සෞඛ්‍ය ගැටළු, රෑකියා අහිමිවීම්, ආර්ථික අවශ්‍යතා යනාදිය. මමද මේ සෑම දෙයකටම මුහුණ දී ඇත්තෙමි. නමුත් ලියා අවසන් කිරීමට උදව් ඉල්ලීම දෙවියන් වහන්සේ වෙත ගෙන යාමට කුඩා…

බලා සිටීමේදී බලාපොරොත්තු

2020 දී ඇලිඩා DNA පරීක්‍ෂණයක් කර ගත්තාය. එහිදී එක්සත් ජනපදයේ එහා වෙරළ බඩ සිටින පුද්ගලයෙක්ට විශාල සම්බන්ධතාවයක් ඇති බව ඇය දැන ගත්තාය. පසුව ඇයත් ඇයගේ දියණියන්ද සොයා ගත් 1950 ලියවිලි වලින් ඔවුන් නිගමනය කළේ එම පුද්ගලයා දීර්ඝ කාලයක් නැතිවී සිටි ලුවිස් නම්වූ ඔවුන්ගේ මාමා කියාය. ඔහුගේ වයස අවුරුදු හයක් වූ කාලයේදී 1951 දී ඔහුව උද්‍යානයකින් පැහැර ගෙන ගොස් තිබුණි. වසර…

ක්‍රිස්තුස් වහන්සේ තුළ අපගේ වටිනාකම

මරියෝ අවුරුදු 28 ක රස්තියාදුකාරයෙක් විය. එසේම මත්පැනට ඇබ්බැහි වූවෙක්ද විය. සොරකමක් නිසා ඔහුව සිරගත කරන ලදී. ඔහුට දඬුවම් නියම කරමින් විනිසුරු පැවසුවේ ඔහු “මනුෂ්‍ය ජීවිතයේ නාස්තියක්” බවයි. මරියෝ කණගාටුවෙන් එකඟ වූයේය. ඔහුගේ දඬුවම් කාලයේ අඩක් නිම වන විට ඔහු ප්‍රවෘත්ති වාර්තා කරණය පිළිබඳ තරඟයක් ගැන දැක්වෙන දැන්වීමක් දුටුවේය. මරියෝ එයට උනන්දුවක් දක්වා අසළ ඇති විශ්ව විද්‍යාලයකට ඇතුල් විය. ඔහු…

වටිනා වස්තුවක්

ලන්ඩන් නුවර උත්සවයකදී මාගේ පියා මගේ මවව මුල් වරට දැක තිබුණි. ඔහු දෙවන උත්සවයට ආරාධනාවක් නැතිව සහභාගි වූ අතර ඉන්පසුව නැවතත් ඇයව දැකීම සඳහා ඔහු තුන්වන උත්සවයක්ද සංවිධානය කළේය. අවසානයේ ඔහුගේ වටිනාම වස්තුව වූ රෝවර් රථයෙහි ගමන් කිරීම සඳහා මගේ මවට ආරාධනා කළේය.

මවත් පියාත් පෙම්වතුන් වූහ. නමුත් ප්‍රශ්නයක් තිබුණේය. මව පේරුහි මිෂනාරිවරියක් වීමට ඉක්මණින් පේරුවලට යා යුතුව තිබුණි. පියා…

දෙවියන් වහන්සේ අපව බලා ගන්නා සේක

ඉන්දුනීසියාව හරහා යන ගුවන ගමනකදී ගුවන් නියමුවන් දෙදෙනාටම නින්ද ගියේය. නියම උසට ළඟාවූ පසුව ප්‍රධාන නියමුවාට නිදා ගැනීමට අවසර ඇත. ඔහු ඇහැරී බලන විට කණිෂ්ඨ නියමුවාද නිදා සිටින බව ඔහු දැන ගත්තේය. දෙදෙනා විනාඩි තිහක් පමණ නිදා ගෙන ඇත. මගීන් 150 ස් දෙනෙක්ද කාර්ය මණ්ඩලයද එහි වූහ. උස අඩි 36,000 ක් පමණ වූහ. ගුවන් යානය මාර්ගයෙන් ඉවතට ගොස් තිබිණ. නමුත්…

වංචාකාර චර්යාව

ඔබ වංචනිකයෙක් යයි ඔබට කවදා හෝ හැඟී තිබේද? ඔබ තනිව නැත. 1970 දී පර්යේෂකයන් දෙදෙනෙකු හඳුනා ගත්තේ යමෙක් තමාගේ නිපුණතා, තලෙන්ත හෝ හැකියාවන් සැක කිරීම සහ තමන් බොරුවක් යයි සිතීම වංචාකාර චර්යාව බවයි. සාර්ථක සහ අති දක්‍ෂ අය පවා තමන්ගේ නොහැකියාවන් සමඟ පොර බදිති. ඔවුන්ගේ ජීවිත වල කඩතුරාව හැර යමෙක් ඇතුළට එබී බැලුවහොත් තමන් කොපමණ දේ නොදන්නේදැයි ඒ අයට පෙනේවි…

යුතු යාච්ඤාව

කා යටතේවත් නොමැති ව්‍යාපෘතිය සාර්ථක වූයේ නැත. කළ නොහැකි යයි සිතිය හැකි දේවල් සේවාදායකයෝ ඉල්ලූහ. මම ආතතියට පත්ව අධෛර්ය වූයෙමි. මාගේ පළමු ප්‍රතිචාරය වූයේ ඉන් ඉවත් වීමයි. එයින් අදහස් වන්නේ මා කළ වැඩ වලට මට ගෙවීමක් නොලැබීමයි. එසේම ඔවුන් සමඟ ඉදිරි ව්‍යාපෘති අහිමි වීමයි. එවිට මට අදහසක් පහළ වූයේය : “ඔබ ඒ ගැන දෙවියන් වහන්සේට යාච්ඤා කළාද?”.

මනසින් මාගේ හිසට…

ජේසුස් වහන්සේ සමඟ ජීවත් වීම

වෛද්‍ය ක්‍රිස්ටියන් නට්සිමිරාට රුවන්ඩාවේ ඔහුගේ දේශයේ පහසුකම් අඩු ප්‍රදේශවල ජීවිතයේ අවසන් කාලයේ සිටින අයට සැළකිල්ල යොමු කරන ලෙසට කැඳවීමක් ඇති බව හැඟුණි. සමකාලීනයන් එවැනි සැළකිල්ලක වටිනාකමක් නුදුටුවේ මෙම රෝගිීන් බලාපොරොත්තු රහිත අය යයි ගණන් ගෙන තිබූ හෙයිනි. නමුත් නට්සිමිරා දැන ගත්තේ මෙම රෝගීන්ට සහ ඔවුන්ගේ පවුලේ අයවලුන්ට දැනටමත් සෑම දෙයක්ම නැතිවී ඇතැයි සැළකූ මොහොතක ඔහුගේ දැකීම බලාපොරොත්තු උද්දීපනය කළ බවයි.…

ක්‍රිස්තුස් වහන්සේ පදනම් වූ සම්බන්ධතාවය

විනාඩි අටකට කෙනෙකුගේ ජීවිතයක් වෙනස් කළ හැකිද? අර්ථවත් සම්බන්ධතා අඩු ලෝකයක, කර්තෘ ජැන්සි ඩන් සඳහන් කරන්නේ විනාඩි අටක දූරකථන ඇමතුමක බලය ගැනයි. ඇය විශ්වාස කරන්නේ එවැනි කෙටි දූරකථන ඇමතුම් පවුලේ අය සහ මිතුරන් සමඟ සම්බන්ධ වීමට උපකාර කරන බවයි. අධ්‍යයනයන් පෙන්වන්නේ සති කිහිපයකට වරක් කරන එවැනි ඇමතුම් ආතතිය, පාළුව සහ කණස්සල්ල අඩු කිරීමට උපකාර කරන බවයි. වෙනත් පර්යේෂකයන්ගේ අදහස් ගෙන…

වියහියදම් ගණන් බැලීම

ගමේ අය එයට “කොහාටත් නොයන පාර” යනුවෙන් හැඳින්වූවත් එහි නිල නාමය “ලේක්විව් ඩ්‍රයිව්” වේ. එය උතුරු කැරොලිනාවේ බ්‍රයිසාන් නගරය අසළ ඇති මීදුම පිරුණ ජාතික උද්‍යානය සමීපයේ ෆොන්ටානා වැව පෙනෙන අලංකාර සැතපුම් හයක කොටසකි. අඩි 1200 ක් දිගැති කලුගල් බිංගෙයක් තුළින් යන මෙම පාරේ ඉදිකිරීම් ක්‍ෂණිකව නතර වේ. රජය ඩොලර් මිලියන ගණනක් වියදම් කළ පසු පාරිසරක අවදානම නිසා ව්‍යාපෘතිය අතරමඟ නතර…