අපේ තේරීම් වැදගත්
ඇමෙරිකාවේ නිව් ජර්සි හි පිහිනුම් උපදේශකයෙකුට මෝටර් රථයක් නෙවාර්ක් බොක්කෙහි ගිලී යනවාත් ඔහුගේ SUV රථය ඉක්මනින් බොර දියේ ගිලී යනවාත් සමගම රියදුරු “මට පිහිනන්න බැහැ” යනුවෙන් කෑගසනවාත් ඇසුණි. වෙරළේ සිට සෙනඟ බලා සිටි අතර, ඇන්තනි ඉවුර දිගේ ගල්වලට දිව ගොස්, ඔහුගේ කෘතිම කකුල ඉවත් කර වතුරට පැන හැට අට හැවිරිදි මිනිසා බේරාගෙන ඔහුට ආරක්ෂිතව ගොඩබිමට යාමට උදව් කළේය. ඇන්තනිගේ තීරණාත්මක…
සම්බන්ධ වී සිටින්න
මැඩලීන් ලෙන්ගල්, සතියකට වරක් තම මව ඇමතීමට පුරුද්දක් කර ගෙන සිටියාය. ඇගේ මව වයස්ගත වන විට, මෙම ප්‍රේමණීය අධ්‍යාත්මික ලේඛකයා නිතර නිතර ඇයට කතා කළේ “සම්බන්ධතාවය පවත්වා ගැනීමට පමණි” කියාය. එලෙසම මැඩලීන් ආශා කළේ තම දරුවන්ද තමන් අමතමින් එම සම්බන්ධතාවය පවත්වා ගැනීමය. සමහර විට එය සැලකිය යුතු ප්‍රශ්න සහ පිළිතුරු වලින් පිරුණු දිගු සංවාදයක් විය. වෙනත් අවස්ථාවලදී අංකය තවමත් වලංගු…
ඔබව ඇසෙනවා
“භෞතික විද්‍යාව” යන පොතේ චාර්ල්ස් රීබෝ මෑන් සහ ජෝර්ජ් රැන්සම් ට්විස් මෙසේ ප්‍රශ්නයක් අසයි: “පාළු වනාන්තරයක ගසක් කඩා වැටෙද්දී කිසිම සතෙකු ඒ අසල නොසිටියහොත්, එය ශබ්දයක් නිකුත් කරයිද?” වසර ගණනාවක් පුරා, ශබ්දය, හැඟීම සහ පැවැත්ම පිළිබඳ දාර්ශනික හා විද්‍යාත්මක සාකච්ඡා වලට මෙම ප්‍රශ්නය පෙළඹවීමක් කර ඇත. කෙසේ වෙතත්, නිශ්චිත පිළිතුරක් තවමත් මතු වී නැත.
එක් රාත්‍රියක, මම කිසිවෙකු සමඟ බෙදා…
ආච්චිඅම්මාගේ පර්යේෂණ
එමරි විශ්ව විද්‍යාලයේ, පර්යේෂකයන් විසින් එම් ආර් අයි (MRI) ස්කෑන් යන්ත්‍ර මගින් ආච්චිලාගේ මොළ අධ්‍යයනය කරන ලදී. ඔවුන්ගේම මුණුපුරා හෝ මිණිපිරි හෝ, ඔවුන්ගේම වැඩිහිටි දරුවා සහ එක් නිර්නාමික දරුවෙකු ඇතුළත් රූපවලට ඔවුන්ගේ සංවේදී ප්‍රතිචාර මැනිය. අධ්‍යයනයෙන් පෙන්නුම් කළේ ආච්චිලා තම වැඩිහිටි දරුවාට වඩා තම මුණුපුරා හෝ මිනිබිරි කෙරෙහි ඉහළ සංවේදීතාවයක් දක්වන බවයි. මෙය ඔවුන් “හුරුබුහුටි සාධකය” ලෙස හඳුන්වන දෙයට ආරෝපණය…
දෙවියන්වහන්සේට නම් මතකය
මම දේවස්ථානයක තරුණ නායකයෙකු ලෙස වැඩ කිරීමට පටන් ගෙන තරුණ තරුණයින් කිහිප දෙනෙකු හමු වීමි. ඊළඟ ඉරිදා, මම, තම මව අසල වාඩි වී සිටි තරුණියකට කතා කළෙමි. මම සිනහමුසු මුහුණින් සිටි එම ලජ්ජාශීලි තරුණියට ආචාර කර, ඇයගේ නම කියා “ඔබට කොහොමද” කියා ඇසුවෙමි. ඇය හිස එසවූ අතර ඇගේ ලස්සන දුඹුරු ඇස් විශාල විය. ඇයද සිනාහසෙමින් සියුම් හඬින් පැවසුවේ “ඔබට මගේ…
මම කවුද?
1859 දී ජොෂුවා ඒබ්‍රෑහැම් නෝර්ටන් තමා එක්සත් ජනපදයේ අධිරාජ්‍යයා ලෙස ප්‍රකාශ කළේය. නෝර්ටන් සැන් ෆ්රැන්සිස්කෝ නැව් ගමනාගමනයේදී ඔහුගේ ධනය උපයා ගත් අතර ඒ සියල්ල අහිමි කර ගත් නමුත් ඔහුට නව අනන්‍යතාවයක් අවශ්‍ය විය: ඒ ඇමරිකාවේ පළමු අධිරාජ්‍යයා හැටියටය. සැන් ෆ්රැන්සිස්කෝ ඊව්නින් බුලටින් නැමැති පුවත්පත විසින් “අධිරාජයා” ලෙසට නෝර්ටන්ගේ නිවේදනය මුද්‍රණය කළ විට, බොහෝ පාඨකයෝ සිනහසුණහ. නෝර්ටන් සමාජයේ වැරදි නිවැරදි කිරීම…
තාරකා ගවේෂණය
විශ්වය වඩා හොඳින් විමර්ශනය කිරීම සඳහා පෘථිවියේ සිට සැතපුම් මිලියනයකට ආසන්න දුරක් දක්වා විහිදෙන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කිරීමට 2021 දී බහු ජාතික උත්සාහයක් හේතු විය. මෙම පුදුම වස්තුව ගැඹුරු අභ්‍යවකාශයට එබී බලා තාරකා සහ අනෙකුත් ආකාශ ආශ්චර්යන් පරීක්ෂා කරනු ඇත.
මෙය සැබවින්ම සිත් ඇදගන්නා තාරකා විද්‍යාත්මක තාක්ෂණයක් වන අතර, සෑම දෙයක්ම නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නම්, එය අපට විශ්මය…
ප්‍රේමණීය නායකත්වය
වලස් අම්මෙකු විසින් කාර්යබහුල වීථියක් හරහා තම ජවසම්පන්න කුඩා පැටවුන් හතර දෙනා රැගෙන යාමට උත්සාහ කරන වීඩියෝවක් මට සිනහවක් ගෙන ආවේය. ඇය තම පැටවුන් එකින් එකා උස්සාගෙන පාර හරහා ගෙන ගියත් සිදුවූයේ පැටවුන් නැවත අනෙක් පැත්තට යාම පමණි. බලාපොරොත්තු සුන් කරවන සුළු ප්‍රයත්න ගණනාවකට පසුව, වලස් අම්මා අවසානයේ ඇගේ පැටවුන් හතර දෙනාම සම්බන්ධ කර ගෙන, උන්ව ආරක්ෂිතව මාර්ගය හරහා ගෙන…
ප්‍රේමය වෙනුවෙන්
මැරතන් ධාවන තරඟයක් යනු ශාරීරිකව හා මානසිකව ඔබව ඉදිරියට තල්ලු කිරීමකි. කෙසේ වෙතත්, එක් උසස් පාසල් ධාවකයෙකුට, රට හරහා දිවීමේ තරඟයකට තරඟ කිරීම යනු වෙනත් අයෙකු තල්ලු කිරීමයි. සෑම පුහුණුවීම් සහ ක්‍රීඩා තරඟවලදී, දහහතර හැවිරිදි සූසන් බර්ජ්මන් වැඩිමහල් සහෝදරයා වන ජෙෆ්රිව ඔහුගේ රෝද පුටුවේ තබා තල්ලු කර ගෙන යන්නීය. ජෙෆ්රිගේ වයස මාස විසි දෙකේදී, ඔහු හෘදයාබාධයකට ලක් වූ අතර ඔහුගේ…
මගේ රිය පැදවීම කොහොමද?
“ආර්ර්ග්හ්!” අලුත්වැඩියා කරන ලද ට්‍රක් රථය මා ඉදිරියෙන් හරවන විට මම කෑගැසුවෙමි.
දූරකථන අංකය සමග “මගේ රිය පැදවීම කොහොමද ?” යනුවෙන් වාහනයේ ලියා තිබූ පණිඩය මම දුටුවේ ඒ අවස්ථාවේදීය. මම දුරකථනය ගෙන එම දුරකථන අංකයට ඇමතුවෙමි. එයට ප්‍රතිචාර දැක්වූ කාන්තාවක්, මා කතා කිරීමට හේතුව කුමක්ද කියා මගෙන් ඇසුවාය. එයට පිළිතුරක් වශයෙන්, මා මගේ කලකිරීම ප්‍රකාශ කළෙමි. ඇය ට්‍රක් රථයේ අංකය ලියා…