මිතුරන්ගේ ඇදහිල්ල
සම්මේලනයට සහභාගී වූ කාන්තාවක් එදින දේශනා කිරීම භාරව සිටි ඇයගේ මිතුරිය අසනීපයෙන් සිටින බව දුටුවාය. මිතුරිය වෙත ගිය විට ඇය පිළිතුරු දුන්නේ “මම මෙම දේශනය කරන්නෙමි. උදේ වන විට මට හොඳ නැත්නම් වෛද්‍යවරයෙක් හමුවෙමි” යනුවෙනි. කාන්තාවට දේශිකාවගේ පොරොන්දුව අමතක නොවුණි. මෙම කාන්තාවට ඉක්මණින් ආපසු යාමට අවශ්‍ය වූ නිසා දේශිකාව ගැන සොයා බැලීමට තවත් මිතුරියකට කීවාය.
උදෑසනම දේශකාවගේ හෝටල් කාමරයට තට්ටු…
යාච්ඤාවේ ඇවිදීම
මම හිරවී සිටිමි. බයිබල් පාඩමක අඩක් ලියූ පසුව මගේ අදහස් වියළී ගියේය. “දෙවියන් වහන්ස, මම කුමක් කරන්නද?” මම යාච්ඤා කළෙමි. අප ඇවිදින විට අපගේ නිර්මාණ හැකියාව සියයට හැටකින් ඉහළ යන බව මම පර්යේෂණයක දුටුවෙමි. මම මාගේ නිවස පසුපස ඇති මංපෙතට පිවිස දෙවියන් වහන්සේ සමඟ මගේ කථාව කර ගෙන ගියෙමි. විනාඩි තිහකට පසුව මම නැවත ප්‍රාණවත් වීමි. මම නැවත පරිගනකය වෙත…
දේදුන්නෙන් දෙවියන් වහන්සේ දුන් පොරොන්දුව
ඕවන් පිටරටක නිවාඩුවක සිටින විට හවුල් සේවකයෙක් විසින් සිත කලබලයට පත් කරවන පණිවුඩයක් එවීය.
“ප්‍රධානියා ඔබ වෙනුවට වෙන කෙනෙකු ගන්න හොයන්නේය”. බොහෝ සෙයින් කලකිරී එක් උදෑසනක ඔහු යාච්ඤා කරමින් “ඔබ වහන්සේ කොහේද” කියා දෙවියන් වහන්සේගෙන් ඇසුවේය. ඊට පසු ඔහු ජනේලය වෙත ගොස් කඩතුරාව විවෘත කළේය. විශාල, අලංකාර දේදුන්නක් වැවට ඉහළින් පායා තිබෙනවා ඔහු දුටුවේය. එකෙණෙහිම සැනසුම් සහගත උණුසුමක් ඔහුට දැණුනි.…
දෙවියන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා කිරීම
2 වන ලෝක මහා යුද්ධයේදී ගන්නා ලද ඡායාෑපයක් ගෙන ඇත්තේ නාසි මූලස්ථානයක් පිටත නගරයකය. එය අප සියල්ලන්ට අනතුරු ඇඟවීමක් කරයි. ඒ ඡායාරූපයේ පහසුවට ඇඳ පැලඳගත් කාන්තාවක් පාර හරහා යයි. සූට් එකකින් සැරසුණු මිනිසෙකු පදික වේදිකාවේ ගමන් කරයි. තව අයෙක් ගොඩනැගිල්ලේ කොණක සවිකර ඇති දැන්වීමක් කියවීමට නැවතී සිටියි. ඒ සියල්ලටම ඉහළින් මූලස්ථාන දොරෙහි බැනරයක් එල්ලා ඇත. ගොඩනැගිල්ලෙන් භාගයක් පමණ එය විශාලය.…
දිව්‍යත්වය මඟහැර ගැනීම
බොහෝ අය ජෝර්ජ් චේස්ව මඟ හැරියෝය. නිව් ඉන්ග්ලන්ඩ් ප්‍රදේශයේ පෝකටුක් ගංඟාව නැරන්ගන්සෙට් මෝයට වැටෙන ස්ථානයේ අඩි දොළහක් උස මඩුවක ඔහු ජීවත් වූයේය. ඔහුට නාන බේසමක් නොතිබුණු බව ප්‍රදේශවාසීන් දැන සිටියහ. දුඟඳ එයට සාක්‍ෂි විය.
එක් දිනක් සුළි කුණාටුවකින් අත්ලන්තික් සාගරය ගොඩ බිමට ගැසුවේය. වෙරළ සහ අලංකාර නිවෙස් විනාශ වී ගියේය. ගැළවුනු අය මෝයෙන් පිටතට පැමිණ ආරක්‍ෂිත ස්ථානයක් සෙවීය. එකොළොස් දෙනෙක්…
යටහත් නායකත්වය
ප්‍රදේශයේ උසස් පාසැලක වසර පනස් එකක්ම මාගේ මිත්‍ර බච් බි්‍රග්ස් ආදරණීය පිහිණුම් පුහුණුකරුව සිටියේය. කුතුහලයෙන් යුතුව මම ඇසුවේ ඔහුගේ දශක පහක කාලය තුළදී ප්‍රාන්ත ශූරතා කීයක් දිනා ගත්තේද කියාය. ඔහුටම ආවේණික මෘදු හඬින් ඔහු පැවසුවේ “මම එක ශූරතාවයක්වත් දිනා නොගත්තෙමි. හේතුව මම එක තරඟයකටවත් පිහිණුවේ නැති හෙයිනි” යනුවෙනි. නැවත උත්සාහ කරමින් “ඔබගේ ක්‍රීඩකයන් කීයක් දිනා ගෙන තිබේද?” කියා ඇසුවෙමි. “තිස්…
ප්‍රේමය පාසැලේ සිටීම
ඩොරති කවුන්ට්ස් නම් වූ කළු ජාතික දැරියක් දකුණු කැරොලිනාවේ සම්පූර්ණයෙන්ම සුදු අය පමණක් සිටි ඔහුගේ පාසැලට ඇතුල් වන විට කෑ ගසන සෙනඟ අතර වුඩී කුපර්ද සිටියේය. ඇයට අපහාස කරමින් සමහර පිරිමි ළමෝ ජාතිවාදී ප්‍රකාශ කියා මොර ගැසූහ. නමුත් වුඩී ඔවුන්ට බැණ වැදුණේ නැත. “ඇයට කෙළ ගසන්න” යයි කාන්තාවක් කෑ ගැසූ විට පවා ඔහු නිශ්ශබ්දව සිටියේය. ඔහු පසුව තමාගෙන්ම ඇසුවේ “අඩු…
අමතක කිරීමට මතක තබා ගැනීම
කර්තෘ රිචඩ් මෝව් දකුණු අප්‍රිකාවේ කලු ජාතික දේව ධර්මාචාර්ය වරයෙක් ගැන පවසයි. ඔහු ජාතිවාදී කාලයේදී ලැබූ අඳුරු මතකයන් සමඟ පොර බැදුවේය. මෝව් මෙසේ ලිවීය: “මතකය” නිර්වචනය කරන්න කියා ගුරුවරියක විසින් අසන ලද අප්‍රිකානු දැරියකගේ කථාවක් ඔහු කීවේය. ඒ ගැන සිතා දරුවා පිළිතුරු දුන්නේ මතකය යනු මට මතක නැති කරන්න උපකාර කරන දෙයයි කියාය. දරුවන්ගේ මුවින්! මතක් කිරීමට අකමැති දේවල් බොහෝමයක්…
ජේසුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වීම
2023 දී කෙන්යානු පොලිසිය “ෂකහෝලා සමූල ඝාතනය” අවසන් කිරීමට මැදිහත් විය. මෙහිදී ව්‍යාජ නායකයෙක්ගේ අණ අනුව ජේසුස් වහන්සේ මුණ ගැසීම සඳහා නිරාහාරව සිටිමින් සිය ගණනක් මරණයට පත් වූහ. තම අනුගාමිකයන් එසේ කිරීමෙන් පසුව තමන්ද මෙලොව හැර යන බව මෙම නායකයා පොරොන්දු වූයේය. නමුත් ඔහුව අත් අඩංගුවට ගත් පසු කිසි දිනෙක තමා එසේ නොකිවූ බව ඔහු කීවේය.
ආත්මික නායකයින් යයි කියා…
අධිකතර ප්‍රේමය
ටොඩ් විසින් මෑතකදී උපාධියක් ලබා ගත් තම බාල සහෝදරයා වන ඇලෙක්ස්ට තමා ගොඩ නැගූ නිවසේ විසීමට ආරාධනා කළේය. කුලියක් නැතිව ජීවත් වී තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට තම සහෝදරයාට උදව් වීම ටොඩ්ගේ අරමුණ වූයේය. මාස හයකට පසු කුලී ගෙවන ලෙස ටොඩ් ඇලෙක්ස්ගෙන් ඉල්ලා සිටියේය. වසර ගණනාවකට පසු ඇලෙක්ස් ඔහුගේ නිවසට මිළයක් නියම කළේය. ඉල්ලීම පිළිගනු ලැබීය. ඇලේක්ස් ගෙවූ කුලිය වසර…