ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකයේ ගමන් කිරීම
ටිම්ගේ හෝටල් කාමරය රාත්‍රියෙහිදී වැඩි අඳුරු බවක් පෙන්වීය. පෙනෙන්නේ නැති නිසා ඔහු රාත්‍රියේ අවදි වූ විට ලිස්සා වැටුණොත් ඔහුට කුමක් වේද? නමුත් ටිම් නැගිට්ට විට ඔහු ගමන් කරන මාර්ගය ආලෝකමත් කරන දීප්තිමත් ආලෝකයක් ඇඳ යටින් බැබළෙනවා දැක ඔහු පුදුමයට පත් වූයේය. ඒ චලනය වන විට ක්‍රියා කරන විදුලි බුබුලකි. එමනිසා ඔහු නැගිට ඇවිදින විට ආලෝකය ක්‍රියාත්මක වන්නේය.
බයිබලය පවසා සිටින්නේ…
අපගේ අසල්වැසියන්ට ප්‍රේම කිරීම
ග්‍රීෂ්ම සෘතුවේ අවසන් භාගයේ දරුණු කුණාටුවක් අපගේ නගරය විනාශ කරමින් ගිය විට අපගේ නිවසට ගස්වලින් සිදුවූ හානිය නිසා එය අලුත් වැඩියා කිරීමට අමතරව වත්තට වැටී තිබූ අතු සහ කොළ විශාල ලෙස පවිත්‍ර කිරීමට මට සිදුවිය. පසුදින උදෑසන අතු සහ කසල ඉවත් කරන අතර මාවම උද්යෝගයෙන් තබා ගැනීමට “අපට කිසිම ගසක් නැත” යනුවෙන් නැවත නැවතත් මම කීවෙමි. එය සත්‍යයකි. අඩි තුනකට…
කිසිදා තනිවී නැත
පසුගිය වසර ගණනාව තුළ විවිධ හේතූන් නිසා තනිකම සමඟ පොරබදන අය වෙනුවෙන් මම යාච්ඤා කර ඇත්තෙමි. එනම් තමන් බැලීමට පවුලේ අය නොඑන වැඩිහිටි නිවෙස් වල සිටින අය, හිස් වූ නිවස තුළ තනිවම සිටීමට නොහැකි නිසා පිටතට වී කාලය ගත කරන වැන්දඹුව, හදවතේ ඇති දේ බෙදා ගැනීමට කෙනෙකු නැති කිතුනු නායකයින්, නොසළකා හැර ඇති තනිවූ නිවෙස් අහිමි අය වැන්නවුන්ටය.
තනිකම ඕනෑම…
සදහටම විශ්වාසවන්තයි
එක්සත් ජනපද ඉතිහාසයේ දරුණුතම ලැව්ගින්න උතුරු විස්කොන්සින්හි සිදුවූ පෙස්ටිගෝ ලැව්ගින්නය. එය කුප්‍රකට චිකාගෝ ගින්න ඇතිවූ රාත්‍රියේම සිදුවිය (1871 ඔක්තෝම්බර් 8). නමුත් ඊටත් වඩා ජීවිත බිලි ගත්තේය. පෙස්ටිගෝ ලෑලි නිවාස සහ ලී කර්මාන්තය බහුලවූ නැගී ආ නගරයක් වූ අතර දැඩි සුළං වල ආධාරයෙන් ඉක්මණින් දැවී අවසන් විය.
පිච්චුන මැටි භාණ්ඩ සහ ගඩොල් පෝරණු වැනි දේවල් කිහිපයක් හැරුණ විට ඉතිරිව තිබුණේ විවෘත…
නිදහස් කිරීමේදී සමාදානය
“දෙවියන් වහන්සේට එය දෙන්න” යනුවෙන් හතර පැත්නේම අලවා තිබූ පෙට්ටියකට කයිලා තවත් කොළ කැබැල්ලක් දැමුවාය. එය අතීශයින් පිරී තිබුණි. ගැඹුරින් සුසුමක් හෙළා ඇය මීට පෙර ලියා තිබූ කොළ කැබලි පෙරලුවාය. “මම සෑම දිනකම පාහේ ඒවා හයියෙන් කියවන්නෙමි. දෙවියන් වහන්සේ මට සවන් දෙනවා කියා මම ස්ථිරෙටම දැන ගන්නේ කෙසේද?” කියා ඇය තම මිතුරියට කීවාය. චැන්ටල් කයිලාට තම බයිබලය දුන්නාය. “දෙවියන් වහන්සේ…
දෙවියන් වහන්සේගේ පවුල
ඒ 1863 ය. එඩ්වින්, ජර්සි නගරයෙහි දුම්රිය වේදිකාවක සිටගෙන සිටියේය. සෙනඟ අධික නිසා තරුණයෙක් දුම්රිය පෙට්ටියකට ඇතුලු වීමේදී තෙරපෙනවා ඔහු දුටුවේය. මිනිසා දුම්රිය හා වේදිකාව අතරට අණතුරුදායක ලෙස ඇද වැටුණේය. දුම්රිය ගමන ආරම්භ කළේය. එඩ්වින් ඉදිරියට නැවී අවසන් මොහොතේදී ඒ මිනිසාව ආරක්‍ෂිතව ඇද ගත්තේය. බේරා ගනු ලැබූ මිනිසා රොබර්ට් ටොඩ් ලින්කන්ය. ජනාධිපති ඒබ්‍රැහැම් ලින්කන්ගේ පුත්‍රයාය. රොබර්ට් පසුව ලීවේ තම දිවි…
ජීවිතය අසාධාරණ වන විට
චාර්ල්ස් ඩිකන්ස්ගේ සම්මානනීය නව කථාවක් වන ඔලිවර් ට්විස්ට්හි රෝගී ඔලිවර් ඉපදුනේ දුගීන් සූරාකෑම පිළිබඳව සුප්‍රසිද්ධ අනාථ නිවාසයකය. අනාථයෙක් ලෙස ඉපදුන දරුවා කුරිරු හිරිහැර නිසා අවසානයේ එම නිවසින් පලා ගියේය. විශ්මිත හැරවීම් ලක්‍ෂ ගණනාවකට පසුව ඔහු විශාල වස්තුවක හිමිකරුවෙක් බව ඔහු දැන ගත්තේය. සතුටු දායක නිමාවක් කතාවට ගෙන ඒමට කැමති ඩිකන්ස්, ඔලිවර්ට පීඩා කරන සියල්ලන්ට දඬුවම් ලැබෙන ආකාරයත් නැත්නම් පසුතැවිලි වෙන ආකාරයත්…
ක්‍රිස්තුස් වහන්සේ මෙන් පෙනීම
1950-60 ගණන් වල සිටි දරුවෙක් ලෙස මම හැදී වැඩුණේ ඇමෙරිකාවේ විනෝදාංශය වූ බේස්බොල් යුගයේය. පිටියට ගොස් ක්‍රීඩා කරනවා තරම් ප්‍රීතියක් මට නොතිබුණි. මගේ විශාලතම ප්‍රීතිය මා අත් වින්දේ අපගේ කණ්ඩායමේ නම වන “ජයන්ට්ස්” යන නාමය සටහන් කර ඇති බේස්බෝල් ජර්සිය ලැබූ අවස්ථාවේදීය. ජර්සියේ පිටුපස සඳහන් කර ඇති අංක 9 මාව අන් අයගෙන් වෙනස් කර පෙන්නුවද පොදු ඇඳුම අප එකම කණ්ඩායමේ…
මධ්‍යම රාත්‍රියෙහි මිතුරෙක්
“සෑම දෙයක්ම වැරදී තිබෙන වෙලාවක මධ්‍යම රාත්‍රියේදී ඔබට කැඳවිය හැක්කේ කාවද?” වසර කිහිපයකට පෙර එම ප්‍රශ්නය ඇසූ විට මම වෙව්ලීමි. මාගේ අවශ්‍යතාවයකදී යැපිය හැකි වන මාගේ මිත්‍රත්වයන්ගෙන් ශක්තිමත් වන්නේ කීදෙනෙක්ද? මට සහතිකයක් නොතිබුණි.
මිත්‍රත්වය ගැන බොහෝ දේවල් දේව වචනයේ ඇත. මිතුරෙකු යනු රහස් රකින අයෙක් බවත් (හිතෝපදේශ 11:13; 16:28) උපදෙස් බෙදා ගන්නා අයෙක් බවත් (27:9) සීමාවන්ට ගරු කරන අයෙක් බවත්…
දෙවියන් වහන්සේ විසින් නඩත්තු කරනු ලැබ
මාගේ පවුලේ අයත් මාත් මගේ පියාව රෝහලෙන් නිවසට ගෙන ආවෙමු. ඔහුට දිනෙන් දින නරක අතට හැරෙන රෝගයක් තිබුණ අතර මුඛයෙන් නල ඇතුල් කර ආහාර දීමට සිඳුවූ බැවින් අපි පැය විසි හතරේ වෛද්‍ය ක්‍රමයට සැකසෙමින් සිටියෙමු. මම මගේ මවගේ ගැස්ට්‍රික් තත්ත්වයටද සුදානම් වෙමින් අවශ්‍යතාවයන්ගෙන් පිරි දෙදෙනෙකුගේ වැඩ කළෙමි. දරා ගැනීමට නොහැකි වූ මම තනිවීමට සොයා නාන කාමරයට ගොස් තනිවී දෙවියන් වහන්සේට…