ක්‍ෂණික විදුලි බුබුළු මතකයන්
ඒ 1941 ශීත සෘතුව කාලයේය. ඉරු දින මෙහෙය අවසන් වූවා පමණි. මගේ සීයා උතුරු ප්‍රදේශයේ කුඩා සභාවේ සුනංගු වෙමින් සිටින විට මාගේ පියාත් ඔහුගේ සහෝදරයිනුත් නිවසට ඇති කෙටි දුර පයින් ආවෝය. සීයා හිම පිරි කඳු නැඟ එන විට ඔහු පැමිණියේ හඬමිනි. ඔහුට දැන ගන්න ලැබී ඇත්තේ පර්ල් වරායට බෝම්බ දමා ඇති බවයි. ඔහුගේ පුත්‍රයන්ද මගේ පියාද ඇතුලුව යුද්ධයට යනු ඇත.…
දේව ගරු බිය ඇති කතක්
රෝසිගේ උපන් දින උත්සවය අමතක කිරීමට නුපුළුවන. ආහාර ප්‍රණීත විය. මේසය වටා කිචිබිචිය විනෝද ජනක විය. ඇයගේ පළමු මුණුපුරාගේ පැමිණිම කේක් එකෙහි අයිසින් මෙන් විය. කෙසේ වෙතත් මෙම යහපත් දේවල් ඇගේ පුත්‍රයන් දෙදෙනාගේ ගුණකථනයන් නිසා මැකී ගියේය. රෝසිගේ විවාහය වැඩිකල් නොපැවතුණද තනි මවක ලෙස ඇයගේ විශ්මිත නිපුණතා ඇගේ පුත්‍රයන්ගෙන් ඉස්මතු විය. ඇය ඔවුන්ට සැපයීමට සියල්ල කළ බව ඔවුන්ගේ ගෞරවයන් ප්‍රදර්ශණය…
විප්ලවකාරී දූතනය
දෙවන සියවසේ අන්‍යජාතිකයෙක් වූ ඩයොග්නේටස් දුටුවේ ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් “දිනෙන් දින වැඩිවන” බවය. එසේ වූයේ රෝමවරුන් යටතේ වන පීඩාවන්ද දරා ගනිමිනි. මෙය සත්‍යය වන්නේ කෙසේදැයි ඔහු ජේසුස් වහන්සේ කෙරෙහි අදහන අයෙක්ගෙන් ඇසුවේය. අප දන්නා ඩයොග්නේටස්ගේ ලිපිය යන ලියවිල්ලක මුල් සභාවේ පියෙක් ඔහුට දුන් පිළිතුර අඩගු වේ. “ඔවුන් වැඩි ගණනක් දඬුවම් ලබන විට අන් අය වැඩිවෙනවා ඔබ දකින්නේ නැත්ද? මෙය මනුෂ්‍යයන්ගේ…
දෙවියන් වහන්සේට අඛණ්ඩව ප්‍රශංසාව
එක් ග්‍රීෂ්ම සෘතුවකදී මොන්ටානා වෙත ගිය ගමනකදී ගිමන් හැරීමට සේවා ස්ථානයක අපි නැවතුණෙමු. එක් ගොඩ නැගිල්ලක් තුළ පොළොව මොප් කරමින් සිටි තරුණයෙකු සුපුරුදු ප්‍රශංසා ගීතයක් ගයමින් සිටියේය. ඉන් පසුව ඔහු “මාගේ ආත්මයට එය යහපත්” යන ගීිතිකාව ගයන්න පටන් ගත්තේය. මට බාධා නොකර සිටීමට නොහැකි විය. ඔහු “යහපත්” කියා ගයනා කල පසු මමද එය ප්‍රතිරාවය කළෙමි. “මාගේ ආත්මයට” යන්න ඔහු ගැයු…
ක්‍රිස්තුස් වහන්සේ තුළ එක්ව වැඩ කිරීම
“ඔබ කොහේ හිටියත්, ඔබ කුමන දෙයක් තුළින් ගියත් ඔබට ඇති දෙය භාවිතා කර එයින් උපරිමය කරන්න” යනුවෙන් තරුණියක් එක් රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවාය. සම්පූර්ණ කථාවට සවන් දීමට ඇගේ වචන මාව පෙළඹවීය. හෙදි උපාධිය ගැනීමට උත්සාහ කරන සහෝදරියන් හය දෙනෙකුගෙන් ඇය එක් අයෙක් වූවාය. කාලයක් ඔවුන් අස්ථාන ගතව පොර බදමින් ජීවත් වූහ. නමුත් ඔවුන්ගේ පොදු අරමුණ සඳහා ඔව්හූ එක්ව වැඩ කළහ.…
ප්‍රථම වැදගත්කම
18 වන සියවසේ අග භාගයේ ඇතිවුනු ප්‍රංශ විප්ලවයේදී අරගල කණ්ඩායම් විසින් මරා දැමූ අයගෙන් එක් අයෙක් වූයේ තෝමස් ඩි මහී නම් වූ රදළයාය. එක් පුරා වෘතයකට අනුව ඔහු තම මරණ වරෙන්තුව කියවා එයට ප්‍රතිචාර දැක්වූයේ “අක්‍ෂර වින්‍යාශ වැරදි තුනක් ඔබ කර ඇති බව පෙනේ” යනුවෙනි. එය සත්‍යය නම් පෙනෙන පරිදි ඩි මහී වැදගත්ම කාරණය ප්‍රබල ලෙස ගණන් නොගෙන තිබේ. ඒ…
ජයග්‍රාහී ජේසුස් වහන්සේ
1973 ජනවාරි 14 වන දින සුපර් බෝල් VII ක්‍රීඩා කරන විට පරිපූර්ණත්වය ප්‍රතිඵලය වී තිබිණ, මියාමි ඩොල්ෆින් කණ්ඩායමට පරිපූර්ණ වාර්තාවක් විය, තරඟ දහසයක් පරාජයක් නොමැතිවම ඔවුන් ජයගෙන තිබුණි. සුපර් බෝල් අවසන් වූ පසුව ජයග්‍රාහී ඩොල්ෆින්ස් ලා ක්‍රීඩා ඉතිහාසයේ සම්පූර්ණ වාර්තාවක් ඇති වෘත්තීමය පාපන්දු කණ්ඩායම ලෙස වාර්තාගත වනු ඇත.
ජයග්‍රාහී. එය ජේසුස් වහන්සේටද සරිලන පදවි නාමයකි. උන් වහන්සේගේ සේවය දෙස සමීපව…
දෙවියන් වහන්සේ අපගේ යාච්ඤා අසන සේක
මාගේ මිතුරිය වන ක්‍රිස්ටීන් සහ ඇයගේ ස්වාමි පුරුෂයා ඔවුන්ගේ නැන්දා සහ මාමාගේ නිවසේදී රාත්‍රී කෑම සඳහා වාඩිවූහ. ඇයගේ නැන්දාට භයානක පිළිකාවක් ඇති බවට මෑතකදී අනාවරණය වී තිබුණි. කිසිවෙක් ආහාර ගැනීම ආරම්භ කිරීමට පෙර ඇයගේ මාමා “කාට හෝ යමක් කියන්න තිබේද?” කියා ඇසුවේය. ක්‍රිස්ටීන් සිනහසුණාය. මක්නිසාදයත් ඔහු අදහස් කළේ කුමක්ද කියා ඇය තේරුම් ගත් නිසාය. එනම් “කාට හෝ යාච්ඤා කරන්න අවශ්‍යද?”…
ජේසුස් වහන්සේ විසින් එකතු කරනු ලැබ
ගමන් කරන මඟීන් සමඟ එක්ව ගමන් කරන්නාක් බඳුවූ ග්‍රෑන්ඩ් රැපිඩ් නම්වූ ඇන්ඩි ගෝල්ඩ්ස්වර්ත්ගේ ආරුක්කුව පාරක් අයිනේ සාදා තිබුණි. කලාකරු විසින් කොටස් තිස් හයකින් සමන්විත අඩි දහඅටක් උසැති ආරුක්කුව ස්කොට්ලන්ත ගල් කුට්ටි හයකින් නිම කරන ලදී. ඔහු එයට බදාම හෝ ඇණ පාවිච්චි නොකළේය. ඉහළට යන කෝණාකාර ගල් එකිනෙකට වෙනස්ය. ඒවා එකිනෙකට සවි වන පිණිස කපා තිබුණි. කූංඤාකාර යතුරු ගල් සහ මධ්‍යම…
පීඩාවේ පරස්පර භාවය
ක්‍රියා 7:59 න් ආරම්භ වන පද දහයෙහි අසාමාන්‍ය දෙයක් සිදුවේ. ගල් ගැසීමෙන් වූ ස්තේපන්ගේ කුරිරු මරණය නිසා අනිකුත් ඇදහිලිවතුන් විසුරුවනු ලැබ “දේව වචනය දේශනා කළහ”. මෙම වදන් මඟ පෙන්වූයේ “ඒ නුවර මහත් ප්‍රීතියක් ඇති විය” යන විශ්මිත වදන් වලටය (8:8).
පීඩාවේ පරස්පර විරෝධි බව එයයි. යුරෝපීය සභා පාලකයෙක් වන හිස්ටෝ කුලිචෙෆ් නපුරෙන් යහපත පැමිණීම අත් දුටුවේය. 1980 දී දේශනා කිරීම…