වියවුල් වීම නොව ක්‍රියාකාරී වීමය
පාසැල් බස් රථ රියැදුරෙක් රියැදුරු අසුනේ සිටියදීම සිහිසුන් වූයේය. එහි සිටි සිසුන් හැට දෙනා සමග බසය පාලනයෙන් තොරව ගියේය. හත්වන ශ්‍රේණියේ සිසුවෙක් වන ඩිලොන් රීව්ස් තම අසුනෙන් වහා නැගිට බසයේ ඉස්සරහට දිවගෙන ගොස් අන්තිම මොහොතේදී සෙමෙන් තිරිංග තද කළේය. බොහෝ සිසුන් ඔවුන්ගේ ජංගම දූරකථනවලින් පණිවුඩ යවමින් සහ ක්‍රීඩාවන් කරමින් සිටි අතර දූරකථනයක් නොතිබූ ඩිලොන් හිස කෙලින් තබා ගෙන ප්‍රතිචාර දැක්වීය.…
ඇදහිල්ලේ පියවර
අපි සිව් දෙනෙකු නිව් යෝර්ක්හී රමණීය වොට්කින්ස් ග්ලෙන් ජෝර්ජ් තැනිතලාව හරහා ඇවිදීමට ගියෙමු. අපි එකට සිට දිය ඇලි සහ අඩි දෙදහක් පමණ ප්‍රපාත බෑවුම් දෙස විශ්මිතව බලා සිටියෙමු. තවත් විටෙක අපි තෙත්වූ පර්වත සහ අවසානයක් නොමැති පඩි නැගීමෙන් ඇතිවන පාද රිදීම්ද සහ අලුතෙන් හුස්ම ගැනීම සඳහාද නැවතී සිටියෙමු. අප මුදුනට ළංවූ විට අපට කලින් ගොස් ආපසු පැමිණෙන කඳු නගින්නෙක් පැවසුවේ…
ක්‍රිස්තුස් වහන්සේට පාපෝච්චාරණය කිරීම
සැඟවී තිබෙන ගණන් නොගන්නා විෂ වලින් දරුණු ප්‍රතිවිපාක ඇති විය හැකිය. වෝල් ස්ටී්‍රට් සඟරාවේ වාර්තාවකට අනුව ටෙලිකොම් සමාගම් විසින් එක්සත් ජනපදය පුරා ඊයම් ආවරණය කර ඇති කම්බි දෙදහසකට වඩා අත්හැර දමා ගොස් ඇත. විෂ සහිත ඊයම් දිය යටින්ද පසෙහි සහ උඩින් ඇති කණු වලින්ද ගලා යයි. ඊයම් දිරා පත් වන විට ඒවා අවසන් වන්නේ සෙනඟ ජීවත්වන, වැඩ කරන සහ ක්‍රීඩා…
අනන්තය සහ ඉන් ඔබ්බට!
ටෝයි ස්ටෝරි නම් සප්‍රාණික චිත්‍රපටියේ දරුවෙක්ගේ සෙල්ලම් භාණ්ඩ ඔහු කාමරයෙන් පිටතට ගිය විට හෝ නින්දට පත් වූ විට හෝ ප්‍රාණවත් වන්නේය. එහි අභ්‍යාවකාශ චරිතයක් වන බස් ලයිට්ඉයර් කාමරය අවට පියාසර කරමින් “අනන්තයට සහ ඉන් ඔබ්බට” යනුවෙන් ශබ්ද නගන්නේය.
එය බොහෝ අය ව්‍යාකූල තත්ත්වයට පත් කරන වැකි කඩකි. අනන්තය ඔබට යා හැකි දුර පමණක් නොවේද? අනන්තයට ඔබ්බෙන් යමක් තිබෙන්නේ කෙසේද? පුරාණ…
දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අන් අයට ප්‍රේම කිරීම
ප්‍රංශයේ ලේ චැම්බොන් ප්‍රදේශයේ ජනතාව නාසි අර්බූදයෙන් යුදෙව් දරුවන් වූ බොහෝ දෙනෙක් ඇතුලු පන්දහසකගේ ජීවිත බේරා ගැනීමට සෑම දෙයක්ම පරදුවට තබා උපකාර කළහ. සරණාගතයින් තම නිවෙස් හැර දමා දුවන විට ඔවුන්ව ප්‍රජා නිවාස වල සහ ගොවිපළවල සඟවනු ලැබූහ. නගර වාසීන්ට ජ්වලිතභාවය ලැබුණේ සභා පලක ඇන්ඩී්‍ර ටොක්මේ ගෙනි. උපකාරය සඳහා ඔවුන්ව දිරිගැන්වීමට ඔහු තම සෙනඟට ද්විතීය නීති සංග්‍රහයේ 10:19 පදය යොදා…
ගැඹුරු පවිත්‍ර කිරීම
සීතලෙන් ගල්ගැසෙන නොවැම්බරයේ දවසක නිවාස නැති අයට පිටේ එල්ලා ගෙන යන මලු දෙසියයක් පුරවා දීමට අපගේ සභාව තීරණය කළේය. එය පුරවන්න ඔවුන්ට උදව් කරමින් මම ලබා දී තිබුණු භාණ්ඩ තේරුවෙමි. අලුත් අත් වැසුම්, තොප්පි, මේස්, බ්ලැන්කට් සොයා ගැනීමට හැකි වන පිණිස මම යාච්ඤා කළෙමි. මිරිස් සහ සැන්ඩ්විචස් සහිත භාජනද ත්‍යාග ලබා ගන්න අයට බෙදා දෙනු ඇත. ඉන්පසුව මාව පුදුමයට පත්…
හොඳම සාක්‍ෂිය
ලී දෙවියන් වහන්සේ ගැන විශ්වාස කළේ නැත. එසේම ඔහු ජේසුස් වහන්සේගේ උත්ථානය ගැනද විශ්වාස කළේ නැත. නමුත් ඔහු විශ්ලේෂණ මනසක් සහිත මාධ්‍යවේදියක් වූයේය. ඔහුගේ භාර්්‍යයාව ජේසුස් වහන්සේව විශ්වාස කළ විට ඔහු ඇයගේ අලුත් ඇදහිල්ල තමාම අධ්‍යයනය කර බැලිය යුතු යයි කල්පනා කළේය. වසර දෙකක පරීක්‍ෂණ කාලයකට පසුව ඔහු දෙවියන් වහන්සේටත් නැවත නැගිටීමටත් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ලටත් භාර විය.
ඔහුගේ වෙනස…
ක්‍රිස්තුස් වහන්සේ තුළ පැළඳ
රොස් ටර්නර් ලන්ඩන්හි විලාසිතා විද්‍යාලයේ විලාසිතා පිළිබඳ මනෝ විද්‍යාඥවරියකි. සෙනඟ සිතන විදිහට, හැසිරෙන ආකාරයට සහ ඔවුන්ගේ මනෝභාවයට වස්ත්‍ර බලපාන ආකාරය ගැන ඇය අධ්‍යයන කළාය. අපගේ ශරීරවලට සමීපම දෙය නිසා වස්ත්‍ර දෙවන සමක් බඳු වේ. දිනයේ සිදුවන දෙයට එය අපව සකසයි. උදාහරණයක් ලෙස වෘත්තිමය වස්ත්‍රවලින් සැරසීම වැඩ කරන ස්ථානයේ උද්‍යෝගය සහ අවධානයට උපකාරී වන අතර හැඟීම් ඇති කරන වස්ත්‍ර කොටස් පැළඳීම…
විලාපයෙන් ප්‍රශංසාවට
“ෆොර්ගෙට් මී නොට්” (මාව අමතක නොකරන්න) යන අලංකාර පෙති පහේ මල ගැන පුරාවෘත්ත කිහිපයක් ඇත. ඒ අතර එකක් ජර්මානු කථාවකි. කථාවට අනුව දෙවියන් වහන්සේ උන් වහන්සේ මැවූ සියලු පැළෑටි වලට නම් තබන විට තමන්ව මඟ හැරෙනු ඇතැයි එක් කුඩා මලක් කල්පනා කළේය. එම නිසා ඒ මල “ස්වාමිනී, මාව අමතක නොකරන්න (ෆොර්ගෙට් මී නොට්)” කියා මොර ගැසුවේය. ඒ හෙයින් දෙවියන් වහන්සේ…
ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවිතය සහ මරණය
වෙඩි තබා මරණ හමුදාවකට මුහුණ දෙමින් ෆියඩෝර් ඩොස්ටොව්ස්කි ඔහුගේ ජීවිතයේ අවසන් විනාඩි කිහිපය නිසලව ගණන් කළේය. ජේසුස් වහන්සේ තුළ ඇදහිලිවන්තයෙක් වූ ඩොස්ටොව්ස්කි සියලු කාල වල සිටි ශ්‍රේෂ්ඨතම ලේඛකයෙක් ලෙස සැළකේ. ඔහුගේ සම්මානනීය වූ “කරමසෝව් සහෝදරයෝ” යන නවකථාව විමර්ෂණය කළේ දෙවියන් වහන්සේ, ජීවිතය සහ මරණය යන තේමාවන්ය. ඩොස්ටොව්ස්කි ගැන පැවසෙන්නේ ඔහු ක්‍රිස්තුස් වහන්සේ ගැන ප්‍රමෝදයෙන් කථා කළ බවයි. රයිෆල් එසවුණි. “සුදානම්ද!....ඉලක්කය…