සේවයේ හදවතක්
මගේ මාමා වන එමොරි මිය ගිය විට ගුණකථන බොහෝ විය. විවිධ විය. එමෙන්ම ඒ සියලු උපහාර වල තේමාව එකක් විය. දෙවියන්වහන්සේ කෙරෙහි වූ ඔහුගේ ප්‍රේමය එමොරි පෙන්වූයේ අන් අයට සේවය කිරීමෙනි. දෙවන ලෝක යුද්ධයේදී මෙන් එය ඉස්මතු වූ වෙනත් ස්ථානයක් නොමැති විය. ඔහු එහි වෛද්‍යවරයෙක් මෙන් සේවය කරමින් ආයුධයක් නොමැතිව යුද්ධයට ගියේය. ඔහුගේ නිර්භීතකමට උසස් ගෞරවයක් හිමි වුනි. නමුත් ඔහුව…
මහත් සැකය සහ ගැඹුරු ඇදහිල්ල
සෙනසුරාදා උදෑසන බයිබල් අධ්‍යයනයක් අතරතුරදී පියෙක් තමාගේ ඉබාගාතේ ගිය දියණිය නගරයට පැමිණ ඇති බැවින් කලබලයට පත් විය. ඇයගේ හැසිරීම නිසා ඇය තම නිවසේ සිටීම ඔහුට කරදරයක් විය. සහභාගී වූ තවත් අයෙක් බොහෝ කල් පවතින රෝගයක් නිසා ශාරීරිකව අසනීප තත්ත්වයෙන් සහ වයස නිසාද දුක් වින්දාය. ඇය බොහෝ වෛද්‍යවරු වෙත කිහිප වරක් ගියද ප්‍රතිඵල ඉතා අවම විය. ඇය කලකිරී සිටියාය. දිව්‍යමය සැළසුමක්…
යේසුස්වහන්සේව බලාපොරොත්තුවෙන්
මා මිතුරු පෝල් ඔහුගේ ශීිතකරණය අලුත් වැඩියා කිරීමට කාර්මිකයා එනතුරු බලා සිටිද්දී එම සමාගමෙන් ඔහුගේ දූරකථනයට පණිවුඩයක් ආවේය. එහි සඳහන් වූයේ “ජීසස් උදෑසන 11.35 වන විට පැමිණෙන්නේය” කියාය. ඇත්තෙන්ම ජීසස් යනු කාර්මිකයාගේ නම බව ඉක්මණින්ම පෝල් තේරුම් ගත්තේය.
නුමුත් දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ පැමිණිම අපට බලාපොරොත්තු විය හැක්කේ කවදාද? උන්වහන්සේ වසර දෙදහකට පෙර පැමිණ අපගේ පාප වෙනුවෙන් වූ දඬුවම විඳ උන්වහන්සේ…
දෙවියන්වහන්සේ මැවූ විශ්මිත නිපැයුම
මොළය ක්‍රියාත්මක වන ආකාරය ගැන තේරුම් ගැනීම මහත් ප්‍රගතියක් ලබා ඇති බව ස්නායු පිළිබඳ විද්‍යාව කියා සිටියත් ඔවුන් තවමත් එය තේරුම් ගැනීමේ මුල් අවදියේ සිටින බව පිළිගන්නෝය. මොළයේ නිර්මාණය, එහි ක්‍රියාකාරිත්වයේ සමහර අංශ, පරිසරයට ප්‍රතිචාර දක්වන කොටස්, අපගේ ඉන්ද්‍රියයන් ක්‍රියාත්මක වන ආකාරය, ක්‍රියාවන් ඉස්මතු කිරීම සහ හැඟීම් පවත්වා ගෙන යන ආකාරය ගැන ඔවුහු තේරුම් ගෙන තිබුණි. නමුත් ඔවුන්ට තවමත් සොයා…
ෂෙබ්නාගේ සොහොන
අයර්ලන්ත කවියෙක් වූ ඩබ්. බී. ඊට්ස් කියා සිටියේ තමාව පැතලි මුදුනක් සහිතවූ “බෙන් බල්බෙන්” නැමැති කන්දේ වළ දමන ලෙසය. මෙය ඔහුගේ අවසන් කවියේ මාතෘකාවද විය. ඔහුගේ කවියේ අවසන් පදය වන
“ජීවිතය සහ මරණය ගණන් නොගන්න. අශ්වාරෝහකයෙනි, පසුකර යන්න” යනුවෙන් ඔහුගේ සොහොනෙහි කොටා තිබුණි.
එහි අර්ථය කුමක්ද යන්න ගැන බොහෝ මත ඇති වී තිබේ. සමහර විට එය ජීවිතය සහ මරණය ගැන…
සෑම මොහොතක්ම වටින්නේය
1912 දී ටයිටැනික් නැව අයිස් කන්දක හැපුණු විට ජෝන් හාපර් සභා පාලකවරයා තම හය හැවිරිදි දියණියට ජීවිතාරක්‍ෂක බෝට්ටුවක ස්ථානයක් ලබා දුන්නේය. ඔහු තම ජීවිතාරක්‍ෂක කබාය හවුල් මගියෙකුට ලබා දුන් අතර අසා සිටි ඕනෑම කෙනෙක් සමග ශුභාරංචිය බෙදා ගත්තේය. නැව ගිලිී යද්දී සිය ගණනක් සෙනග අවිනිශ්චිත ගැළවීමක් බලාපොරොත්තුවෙන් සිටින විට හාපර් එකිනෙකා වෙත පිහිනා ගොස් “ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහා ගනින්න.…
විශාල හදවතකින් දීම
සතියකට වරක් මගේ බිරිඳ වන සූ සේවය කරන බයිබල් පංතියෙන් පසුව යුක්‍රේනයේ යුද්ධයෙන් බැට කන දරුවන්ට උපකාර කරන පිණිස මුදල් පරිත්‍යාග කරන ලෙස දරුවන්ගෙන් ඉල්ලා සිටින ලදී. ව්‍යාපෘතිය ගැන සූ මාගේ මිණිපිරිය වන එකොළොස් හැවිරිදි මැගීට කියා සතියකට පසුව ඇයගෙන් තැපෑලෙන් කවරයක් ලැබුණි. “යුක්‍රේනයේ දරුවන් වෙනුවෙන් මා වෙත ඇත්තේ මෙපමණයි. පසුව තවත් එවන්නෙමි” යනුවෙන් සඳහන් ලිපියක් සමග ඩොලර් 3.45 ක්…
ගෘහ දෙවිවරු
බයිබල් අධ්‍යයන කණ්ඩායමේ සිටි පිරිමින් සියල්ලෝම වයස අසූවට ළංව සිටි අතර මම පුදුම වූයේ ඔවුන් කාම ආශාවන් සමග අරගල කරන බව දැන ගැනීමෙනි. ඔවුන්ගේ තරුණ කාලයේදී ආරම්භ වූ මෙම පොර බැදීම් තවමත් ඔවුන් තුළ වූහ. සෑම දිනකම මෙම ක්‍ෂේත්‍රයේදී යේසුස්වහන්සේව අනුගමනය කරන්න ඔවුහු පොරොන්දු වී ඔවුන් අසමත් වූ අවස්ථාවන් ගැන සමාව ඉල්ලා සිටියහ.
භක්තිවන්ත මිනිසුන් වියපත් වූ විටත් මුල් පරීක්‍ෂා…
දීමේ ප්‍රීතිය
කේරිගේ තරුණ පුත්‍රයා මාංශ පේශීන් කෘශවීම නිසා තවත් ශල්‍යකර්මයකින් යන අතරතුර තව කෙනෙකුට යමක් කර තම මනස වෙනතකට හරවා ගැනීමට කේරිට අවශ්‍ය වුනි. ඒ හෙයින් ඇය තම පුත්‍රයාට පාවිච්චි කළ නොහැකි නමුත් තව කෙනෙකුට පාවිච්චි කළ හැකි පාවහන් එකතු කර සභාවකට පරිත්‍යාග කළාය. මෙය ඇගේ මිතුරන්ටද පවුලේ සාමාජිකයන්ටද අසල්වැසියන්ටද එකතු වීමට අවස්ථාවක් ලබා දුන් අතර ඉතා ඉක්මණින් පාවහන් ජෝඩු දෙසීයක්…
දෙවියන්වහන්සේට ස්තූති කරන්න
මගේ මිතුරිය රෝහලේ වෙහෙසකර රැකියාවෙන් ඉක්මණින් ආවේ ඇගේ ස්වාමියාත් එවැනිම වූ වෙහෙසකර රැකියාවෙන් පසු නිවසට ඒමට පෙර රාත්‍රී ආහාරය සඳහා කුමක් පිළියෙල කරන්නේද යන්න ගැන කල්පනා කරමිනි. ඇය ඉරිදා කුකුල් මස් සෑදු අතර ඉතිරිය සඳුදා ආහාරයට ගත්තාය. ඉන්පසුව අඟහරුවාදා පුළුස්සන ලද කුකුල් මස් අනුභවයට ගත්හ. අධිශීතකරණයේ තිබී ඇයට මාළු කෑලි දෙකක් හමුවූවත් පිටිවල පොඟවා බැද ගන්නා මාළු ඇගේ ස්වාමි පුරුෂයාගේ…