ප්‍රවර්ගය  |  Uncategorized

දෙවියන්වහන්සේ අපගේ බලකොටුවය

2019 තිරගත වූ “කුඩා ස්ත්‍රීන්” නම්වූ විශිෂ්ඨ චිත්‍රපටිය මාව ගෙන ගියේ මා සතුවූ එම නවකථාවේ ගෙවී ගිය පිටපත වෙතටයි. විශේෂයෙන් එහි මාර්මී නම්වූ ණැනවත් සහ මෘදු මවගේ සැනසිලිදායක වදන් වෙතටයි. ඇගේ දියණියන් දිරිගැන්වීම සඳහා වූ ඇගේ දිරිමත් වචන වලින් කෙරෙන ඇයගේ ස්ථිර ඇදහිල්ල කෙරෙහි මම ඇදී ගියෙමි. මාගේ සිත් ගත් එකක් වූයේ “කරදර සහ පරීක්‍ෂාවන් බොහෝ විය හැකිය. නමුත් ඔබගේ…

දෙවියන්වහන්සේ වෙනුවෙන් යහපත් දේ කිරීම

සාමාන්‍යයෙන් ඔහු මුදල් රැගෙන නොගියද නිවසින් පිටවීමටට පෙර ඩොලර් පහක් තම සාක්කුවේ දමා ගැනීමට දෙවියන්වහන්සේ ඔහුට මග පෙන්වන බව පැටි්‍රක්ට හැඟුණි. ඔහු සේවය කරන පාසැලේ කෑම වෙලාවේදී අත්‍යවශ්‍ය සේවයක් කිරීමට දෙවියන්වහන්සේ ඔහුව සුදානම් කරන බව ඔහුට වැටහුණි. ආපනශාලාවේ කඩිමුඩිය මධ්‍යයේ ඔහුට මෙම වචන ඇසුණේය. “ඊළඟ සතිය පුරාවටම දිවා ආහාරය ලබා ගැනීම සඳහා ස්කොටීගේ (අවශ්‍යතාවයක් ඇති දරුවෙක්) ගිණුමට ඩොලර් 5 ක්…

දෙවියන්වහන්සේගේ මහත් විශාල වූ බලය

1945 මාර්තු මාසයේදී රයින් ගඟ තරණය කිරීමට එක්සත් ජනපද හමුදාවට “හොල්මන් හමුදාව” උපකාර කළ හෙයින් දෙවන ලෝක මහා යුද්ධයේදී බටහිර ඉදිරිපස කොටසෙහි ක්‍රියාත්මක වීමට අවශ්‍ය මූලස්ථානයක් මිත්‍රත්ව හමුදාවට ලැබුණි. සොල්දාදුවන් අනිවාර්යයෙන්ම මනුෂ්‍යයෝ වූහ. අවතාර නොවූහ. සියල්ලෝම 23 වන මූලස්ථානයේ විශේෂ බලඇණියේ කොටසක් වූහ. මේ අවස්ථාවේදී 1,100ක් වූ පිරිමි භට කණ්ඩායම මනුෂ්‍යයන් 30,000 ක් ලෙස පෙනී සිටියේ හුළං පිරවූ උගුල් සහිත…

යේසුස්වහන්සේ අප තුළ වසන සේක

සුළි කුණාටුවක් බටහිර එක්සත් ජනපදයේ මගේ ප්‍රාන්තය හරහා හමා ගිය විට ඉන් ආරක්‍ෂා වීමට මගේ පවුලේ අය සමග සිටීමට මගේ වැන්දඹු මව එකඟ වූවාය. කුණාටුවට පසුව ඇය නැවතත් ඇගේ නිවසට නොගියාය. ඇයගේ ජීවිතයේ ඉතිරි කාලයද ඇය අප සමගම සිටියාය. ඇයගේ සිටීම බොහෝ ධනාත්මක ආකාරයෙන් අපගේ නිවස වෙනස් කළේය. දෛනික ප්‍රඥාව ලබා දීමටද පවුලේ සාමාජිකයන්ට අනුශාසනා කිරීමටද පාරම්පරික කථා පැවසීමටද ඇය…

ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් වූ හදවතක්

ඔබ කට වසා ගෙන සිටින තාක් කල් ඔබ කිසි වරදක් නොකරයි කියා මම මටම කියා ගතිමි. මගේ හවුල් සේවිකාවක් විසින් කියන ලද දෙයක් වැරදියට අර්ථකථනය කර ගෙන තිබූ නිසා ඇය කෙරෙහි වූ මගේ කෝපය මම පිටතින් සඟවා ගෙන සිටියෙමි. සෑම දිනකම අපට එකිනෙකාව මුණ ගැසීමට තිබුණ නිසා අවශ්‍ය දෙයට පමණක් සංනිවේදනය සීමා කර ගැනීමට (සහ මගේ නිශ්ශබ්ද වීමේ ප්‍රතිචාරය තුළින්…

දෙවියන්වහන්සේ උපකාර කරන ලෙස කථා කරමින්

සමනලුන් ශබ්දයක් ඇති කරන මැවිල්ලක් ලෙස අපි සාමාන්‍යයෙන් නොසිතන්නෙමු. අනෙක් අතට රජ සමනලයෙකුගේ පියාපත් ගැසීම ශබ්දයක් නැති තරම්ය. නමුත් මැක්සිකානු වැසි වනාන්තරවල ඔවුන් කෙටි ජීවිත ගත කළද එකතු වී කරන තටු ගැසීම පුදුමාකාර ලෙස විශාල හඬක් නිකුත් කරයි. මිලියන ගණනක් රජ සමනලුන් එකම වෙලාවේදී තටු ගසන කල එය ගලන දිය ඇල්ලක ශබ්දය මෙනි.

එසකියෙල්ගේ දර්ශනයේ විවිධ තටු ඇති ප්‍රාණින් සතර…

අයිතිකරුද නැත්නම් භාරකරුද?

“මම අයිතිකරුද නැත්නම් භාරකරුද?” තම පවුලට වඩාත් හොඳම දෙය කුමක්දැයි යන්න ගැන සිතන ලොව දැවැන්ත සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා තමාගෙන්ම මෙම ප්‍රශ්නය ඇසුවේය. අධික වස්තුව සමග පැමිණිය හැකි පරීක්‍ෂාවන්ගේ අභියෝගයන් තම උරුමක්කාරයින් මත පැටවීමට ඔහුට අවශ්‍ය නොවීය. එම නිසා ඔහු තම සමාගමේ අයිතිය අත හැර භාරකාර මණ්ඩලයකට පැවරීය. තමාට අයිති සියල්ල දෙවියන්වහන්සේට අයිති බව තේරුම් ගෙන රැකියාව ජීවනෝපායකට හුවමාරු කිරීමට…

ලෙවී කථාව පවා

මාතෘකාව වූයේ ලෙවී කථාවය. මට පාපෝච්චාරණයක් කරන්න තිබේ. “මම බොහෝ දේවල් මග හැර කියෙව්වෙමි”. මම මගේ බයිබල් අධ්‍යයන කණ්ඩායමට කීවෙමි. “මම තවදුරටත් කුෂ්ඨ රෝග ගැන කියවන්නේ නැත”.

මගේ මිතුරු ඬේව් කථා කළේ එවිටය. “එම ඡේදය නිසා යේසුස්වහන්සේව විශ්වාස කරන අයෙක් ගැන මම දනිමි” කියා ඔහු කීවේය. තමාගේ මිත්‍රයෙක් වූ වෛද්‍යවරයා අදේවවාදියෙක් වූ බව ඬේව් විස්තර කළේය. ඔහු බයිබලය සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප…

“මගේ අවිශ්වාසයට උපකාර කරන්න”

“මාගේ ඇදහිල්ල කොහේද? ගැඹුරු ඇතුලාන්තයේ පවා හිස්කම සහ අඳුර මිස කිසිවක් නැත්තේය ...... දෙවියන්වහන්සේ සිටී නම් මට සමාවන්න”.

එම වචනවල කර්තෘ ඔබව පුදුම කරනු ඇත. තෙරේසා මව්තුමියයි. ප්‍රේමණීය, සුප්‍රසිද්ධ, කල්කටාහී දුගීන්ට වෙහෙස නොබලා සේවය කළ ඉන්දියාවේ තෙරේසා මව්තුමිය දශක පහක් පමණ ඇගේ ඇදහිල්ල උදෙසා සටන් කළාය. 1997 ඇයගේ මරණින් පසුව ඇයගේ පොර බැදීම් කරලියට පැමිණියේ “පැමිණ මාගේ ආලෝකය වන්න” යන…

යේසුස්වහන්සේ නැවතුණ කල

මා වැඩ කරන ස්ථානය අසළ පෙට්ටියක ගුලිවී රෝගී බළලා දින ගණනාවක් කෑ ගැසීය. ජුන් පැමිණෙන තුරු පාරේ දමා ගොස් සිටි බළලාව කිසිවෙක් ගණන් ගත්තේ නැත. පාර අතුගාන්නා අත් හැර දමා ගොස් සිටි බල්ලන් දෙදෙනෙක් සමග ජීවත් වූ නිවසට මෙම සතාවද ගෙන ගියේය.

“මම ඔවුන් ගැන සළකන්නේ මෙම සතුන්ව කිසි කෙනෙක් ගණන් නොගන්නා නිසාය. මම ඔවුන් තුළ මාව දකිමි. අනෙක් අතට…