මිසිසිපි වෙරළ දෙසට කැත්රිනා සුළි කුණාටුව හමන විට විශ‍්‍රාම ගිය සභාපාලකවරයෙකු සහ ඔහුගේ බිරිඳ ආරක්ෂිත ස්ථානයකට ගියෝය. ඔවුන්ගේ දියණිය තමන් සමඟ ඇට්ලන්ටාවට එන්නැයි ඔවුන්ට ඇවිලිටි කළාය. එවිට ඔවුන් බලා ගැනීමට හැකිබව ඇය කීවාය. එහෙත් බැංකු වසා තිබීම නිසා එම යුවලට ඔවුන්ට අවශ්‍ය මුදල් ගැනීමට නොහැකි විය. කුණාටුවෙන් පසු ඔව්හු තම නිවසට ආවෝය. ඔවුන්ට බේරාගැනීමට හැකිවූයේ පාවෙමින් තිබූ ඡායාරූප කිහිපයක් පමණි. මිනිසා තම පියාගේ ඡායාරූපය රාමුවෙන් ගළවා වේලීමට තැත්කරන විට ඩොලර් 366ක් බිමට වැටිණි. ඇට්ලන්ටාවට ගුවන් ටිකට් පත් දෙකකට අවශ්‍ය නිශ්චිත ගණන එය විය. තම අවශ්‍යතා සඳහා යේසුස්වහන්සේ විශ්වාස කළ හැකි බව ඔව්හු ඉගෙන ගත්තෝය.

මාර්ක් 4:35-41හි විස්තර වන සිද්ධියේ ගෝලයන්ට තිබූ දෛනික වැඩසටහන නම් කුණාටුව තුළ යේසුස්වහන්සේ විශ්වාස කිරීමය. ගලීල මුහුදේ අනිත් පැත්තට යන්න යැයි යේසුස්වහන්සේ තම ගෝලයන්ට අණ කර බෝට්ටුවේ නිදාහුන්සේක. හදිසි සහ බලවත් කුණාටුව හැමූ කළ ජලයෙන්ද බියෙන්ද කනස්සල්ලෙන්ද ගෝලයෝ පෙඟී ගියෝය. ඔව්හු යේසුස්වහන්සේ නැගිටවූහ. “ආචාරිනී අප විනාශ වන බව ඔබ සලකන්නේ නැද්ද” (38 පදය). යේසුස්වහන්සේ නැගිට “නිශ්ශබ්ද වෙව නිශ්චලවෙව” කියා කුණාටුවට නිසල කළසේක.

අප සියල්ලෝ කුණාටු, පීඩා, ආර්ථික අසීරුතා, රෝග, කලකිරීම් සහ තනිකම අත්දකින්නෙමු. යේසුස්වහන්සේ සෑම විට ඒවා වලක්වන්නේ නැත. එහෙත් අප කිසිදිනක අත්නාරින බවටද තනි නොකරන බවටද උන්වහන්සේ පොරොන්දුවී ඇත (හෙබ්‍රෙව් 13:5). කුණාටුව තුළ උන්වහන්සේ අප නිශ්චලව තබනසේක.