ඇමී කාමයිකල් (1867-1951) ප‍්‍රසිද්ධ වූයේ ඉන්දියාවේ අනාථ ළමයින් මුදවා ඔවුන්ට අලුත් ජීවිතයක් දීමට ක‍්‍රියා කිරීම නිසාය. වෙහෙසවී වැඩ කරන කාලයක් අතරතුර සමහර කාලයන් ඇය නම් කළේ “දර්ශනයේ මොහොත” ලෙසය. “සඳ එළියේ රත‍්‍රං” යන ඇයගේ පොතෙහි ඇය ලීවේ කාර්ය බහුල දිනවල අතර මැද අපට දුර ඇති “දේශය” ගැන දර්ශනයක් ලැබෙන බවය. එවිට අපගේ ගමන නවතා නිසලව අපි බලා සිටින්නෙමු කියාය.

යෙසායා අනාගතවක්තෘ දෙවියන්වහන්සේගේ කැරළිකාර සෙනග නැවත හැරෙන කාලයක් පැමිණෙනු ඇතැයි කීවේය. “ස්වකීය ශෝභනකමෙන් යුක්තවූ රජ්ජුරුවන් නුඹේ ඇසින් දකින්නෙහිය. විශාලවූ දේශයක් ඔව්හු දකින්නෝය” (යෙසායා 33:17). මෙම “දුර ඇති දේශය” දකින්නට අපගේ වර්තමාන වටාපිටාවන්ගෙන් ඉහළට ඇස් ඔසවා සදාකාලික අනාගතය දෙස අපි බැලිය යුතුවේ. අසීරු කාලවලදී උන්වහන්සේ බලන ලෙස ජීවිතය දෙස බැලීමට ඉඩදී අපට බලාපොරොත්තුවක් ගෙන දෙයි. “මක්නිසාද ස්වාමින්වහන්සේ අපේ විනිශ්චයකාරයාණෝය. ස්වාමින්වහන්සේ අපේ නීතිදායකයාණෝය. ස්වාමින්වහන්සේ අපේ රජ්ජුරුවෝය. උන්වහන්සේම අප ගළවන සේක” (22 පදය).

සෑම දිනකම අපට බලාපොරොත්තු කඩවීමෙන් සිටීමට හෝ අපගේ බලවතාණන් වන දුර දේශයේ සිටින ස්වාමින්වහන්සේ දෙස බැලීමට තීරණය කළ හැකිය (21 පදය).

ඇමී කාමයිකල් ඉන්දියාවේ විශාල අවශ්‍යතාවයන්ගෙන් පෙළුණු අනාථ ළමයින් බලා ගැනීමට වසර 50 ක් පමණ ගත කළාය. ඇය එසේ කළේ කෙසේද? සෑම දිනකම ඇය තම ඇස් යේසුස්වහන්සේ මත සවිකර උන්වහන්සේගේ රැකවරණයට තම ජීවිතය භාර දුන් හෙයිනි. අපටද එසේ කළ හැකිය.