මටත් මගේ භාර්යයාවටත් දරුවන් ලැබෙන්න ප්‍රථමයෙන් ගායනය කෙතරම් වැදගත් වනු ඇද්ද කියා කිසිවෙකු මට කියා නැත. මගේ දරුවන්ගේ වයස දැන් හය, අට සහ දහය වෙති. දරුවන් තිදෙනාටම නිදා ගැනීමේ ගැටළුවක් තිබුණි. සෑම රාත්‍රියකම මාත් මාගේ භාර්යයාවත් අපගේ දරුවන් නැළවීමේ කාර්යයේ යෙදුනෙමු. ඔවුන් ඉක්මණින් නින්දට යන ලෙසට යාච්ඤා කළෙමු. තොටිල්ල පදවමින්ද ඔවුන්ව ඉක්මණින් නිදි කරවීමට නැලවිලි ගී ගයමින්ද පැය සිය ගණනක් ගත කළෙමු. මාගේ දරුවන් අසල මම රාත්‍රියක් රාත්‍රියක් පාසා ගායනා කරන විට විශ්මිත දෙයක් සිදුවීමට පටන් ගත්තේය. මා සිහිනෙන්වත් නොසිතූ ලෙස ඔවුන් කෙරෙහි තිබූ මාගේ ප්‍රේමය සහ ආශාව ගැඹුරු විය.

තම දරුවන් නිසා අපගේ ස්වර්ගීය පියාණන් ගායනා කරන බව ඔබ දන්නවාද? ගී වලින් තම දරුවන් නැලවූ ලෙස ශෙපනියා අවසන් කරන්නේ අපගේ ස්වර්ගීය පියාණන් තම සෙනගට ගායනා කරන චිත්‍රයකිනි.  “උන්වහන්සේ සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීතිවී තමන්ගේ ප්‍රේමයෙහි (ගායනා වලින්) නුඹ ගැන ප්‍රීතිවන සේක” (3:17).

දෙවියන්වහන්සේ එපා කළ අයට පැමිණෙන විනිශ්චයේ කාලය ගැන අනතුරු හැඟවීමට ශෙපනියා අනාගතවැකි පොතෙහි බොහෝ කොටසක් වැය වේ. නමුත් එය අවසන් වන්නේ එතැනින් නොවේ. ශෙපනියා විනිශ්චයෙන් අවසන් නොකරයි. ඔහු අවසන් කරන්නේ ඔවුන්ගේ සියලු පීඩාවලින් උන්වහන්සේගේ දරුවන් නිදහස් කිරීමේ විස්තරයකින් පමණක් නොව (19-20 පද) ගීතයෙන් සහ මෘදු ප්‍රේමයෙන් ඔවුන් සඳහා ගායනා කරන (17 පදය) බව කීමෙනි.

අපගේ දෙවියන්වහන්සේ ගළවන්නට “බලවත්වූ තැනන්වහන්සේ” පමණක් නොව (17 පදය) අප නිසා සියුම් ලෙස ගී ගයන ප්‍රේමණිය පියෙකි.