අපගේ සභාව පවත්වා ගෙන යන්නේ පැරණි කණිෂ්ඨ පාසැලකය. එය 1958 දී වසා දැමුණේ එක්සත් ජනපද නීතියකට අවනත වීමට අකමැතිවීම නිසාය. (සුදු සිසුන්ට සීමාවූ පාසැල්වලට අප්‍රිකානු සම්භවයක් ඇති සිසුන් ඇතුළත්කිරීම). නමුත් ඊට පසු වසරේ එය නැවත විවෘත කෙරුණි. අපගේ සභාවේ සාමාජිකාවක වන එල්වාද ඊට ඇතුළත් කෙරුණි. ඇය සුදු ලෝකයට තල්ලුවූ එක් කලු සිසුවියක් විය. “මාගේ පහසු සමූහනයෙන්, මාගේ ජීවිතයේම කොටසක්වූ ගුරුවර ගුරුවරියන්ගෙන් මා ඉවත් කෙරුණි”. එල්වා සිහිපත් කළාය. “ඊළඟට තවත් එක් කළු සිසුවියක් පමණක් සිටි බියකරු පරිසරයක සිටීමට මට සිදුවිය”. එල්වා වේදනා වින්දේ ඇය වෙනස් නිසාය. නමුත් ඇය දිරිය, ඇදහිල්ලේ සහ සමාව දීමේ කාන්තාවක් බවට පසුව හැදී වැඩුණි.

ඇයගේ සාක්‍ෂිය ප්‍රබලය. ඊට හේතුව ජාතිය, පරම්පරාව කුමක් වූවත් සෑම මනුෂ්‍යයෙකුටම දෙවියන්වහන්සේ ප්‍රේම කරන සේක යන සත්‍යය ප්‍රතික්‍ෂේප කළ සමාජයක් තුළ ඇයට කුරිරුකම් දරා ගැනීමට සිදුවීම නිසාය. පළමු සභාවේ සමහර සාමාජිකයන්ටද එම සත්‍යය තුළ අරගල කිරීමට සිදුවිය. ඔව්හු විශ්වාස කළේ උත්පත්තියෙන්ම දෙවියන් වහන්සේගේ ප්‍රේමයට තමන් භාජනය වන අතර අනිත් අය ප්‍රතික්‍ෂේප වූ බවයි. පේත්‍රැස් දිව්‍ය දර්ශනයක් ලැබ අසා සිටි සියල්ලන් මවිත කළේ විශ්මිත එළිදරව්වකිනි. “සැබවින් දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ උන්වහන්සේ කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ උන්වහන්සේට ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ” (ක‍්‍රියා 10:34-35). තම ප්‍රේමය පෙන්නුම් කිරීමට දෙවියන්වහන්සේ තම හස්තය දිගු කරන සේක. අපිද උන්වහන්සේගේ බලයෙන් එසේ කරමු.