Archives: මැයි 2019

මෙන්න ඔබට

පැරිසිය අසබඩ ප්‍රදේශවල ලෝකයේ අන් නගරවල මෙන් සෙනග තම සමාජයේ සිටින නිවාස නැති අයගේ ආධාරයට පැමිණෙති. වතුර නොයන මලුවල අසුරන ලද ඇඳුම් මාර්ගය අසළ වැටවල් වල එල්ලනු ලැබේ. ඒ වීථිවල වෙසෙන අයගේ අවශ්‍යතාවයන් සඳහාය. මලුවල ලියා ඇත්තේ “මම නැතිවී නැත්තෙමි. ඔබට ශීතල නම් මම ඔබ වෙනුවෙන් සිටිමි” යන්නය. එම උත්සාහය නිවාස නැති අයට උණුසුම දෙනවා පමණක් නොව සමූහනයේ අයට උපකාර…

බියක් නැති ප්‍රේමය

වසර ගණනාවක් මාගේ සිත ආරක්‍ෂා කර ගැනීමට මම බියේ පළිහක් භාවිතා කළෙමි. අලුත් දේවල් අත්හදා බැලීමටද මාගේ සිහින පසුපස යාමටද දෙවියන්වහන්සේට කීකරු වීමටද එය සමාවට හේතුවක් විය. නමුත් අලාභ වීමේ, සිත් රිදීමේ සහ ප්‍රතික්‍ෂේපයේ බිය දෙවියන්වහන්සේ සහ අන් අය සමග ප්‍රේමණිය සම්බන්ධතාවයක් වර්ධනය කර ගැනීමට බාධාවක් විය. බිය නිසා මම අනාරක්‍ෂිත කණස්සලු ඊර්ෂ්‍යාකාර භාර්යාවක් වීමි. එසේම උවමනාවට වඩා දරුවන් ආරක්‍ෂා…

හිස්වූ සයනය

ජැමෙයිකාවේ මොන්ටේගෝ වරායෙහි ශාන්ත ජේම්ස් ගිලන් ගෙය වෙත යාමට මම උත්සුක වූයෙමි. ඒ රෙන්ඩල්ව බැලීමටය. ඔහු තමාට යේසුස්වහන්සේ ප්‍රේම කරන බව දැන ගත්තේ වසර දෙකකට පෙරය. සෑම වසන්ත කාලයකම මා සමග සංචාරය කරන යෞවනියක් වන ඊවී ඔහු සමග බයිබලය කියවා ඔහුට ශුභාරංචිය ප්‍රකාශ කර තිබුණි. ඔහු පුද්ගලිකව යේසුස්වහන්සේ තම ගැළවුම්කරුවාණන් ලෙස පිළිගත්තේය.

මා පුරුෂ අංශයට ඇතුල් වී රෙන්ඩල් සිටි ඇඳ…

කිසි දිනෙක තනිවී නැත

ඉන්දුනීසියාවේ සභාපාලකවරුන්ට බයිබල් උපදෙස් පොතත් ලියමින් සිටින විට ලේඛක මිතුරෙකු එම ජාතියේ එකට සිටීමේ සංස්කෘතිය ගැන ඉතා ප්‍රීති විය. ඊට එම භාෂාවෙන් කීවේ “ගොටොං රොයොං” කියාය. එනම් අන්‍යෝන්‍ය සහයෝගයයි. එම සංකල්පය ගම්වල ඇත. වහලක් සෑදීමේදී, පාලමක් හෝ පාරක් කැපීමේදී සෙනග එකට වැඩ කරති. සෙනග ගමන් යන්නේ උදාහරණයක් ලෙසට වෛද්‍යවරයා හමුවීමට පවා යන්නේ තව කෙනෙකු කැටුවය. එය සංස්කෘතික ප්‍රමිතියයි. ඒහෙයින් ඔබ…

කරුණාවේ ජීවමාන ස්මාරකයක්

මා හැදී වැඩුණේ චාරිත්‍ර වාරිත්‍රවලින් පිරුණු සභාවකය. පවුලේ අයෙකු හෝ සමීපතමයෙකු හෝ මියගිය විට සභාවේ බංකුවක හෝ බිත්තියක පිත්තල ඵලකයක් සවි කෙරේ. මැරුණ අයගේ නම ලියා ඔහු/ඇය සිහි කිරීම පිණිස යයි එහි ලියැවේ. එය ගෙවී ගිය ජීවිතයක අනර්ඝ මතක සටහනකි. මා සෑම විටම එම ස්මාරක අගය කරමි. තවමත් එසේමය. නමුත් නැවතී කල්පනා කිරීමට ඒවා මා යොමු කරන්නේය. ඊට හේතුව ඒවා…