ඩෙනිස් ලෙවටොව් වයස දොළහෙදී එනම් ඇය කිවිඳියක් මෙන් ප්‍රසිද්ධ වීමට බොහෝ කලකට පෙර ශ්‍රේෂ්ඨ කවි ටී.එස්. එලියට්ට කවි කිහිපයක් තැපැල් කිරීමට ඇයට පෙළඹවීමක් ඇති විය. මවිතයට කාරණයක් වූයේ එලියට් විසින් අතින්ම ලියූ පිටු දෙකක දිරිමත් ලිපියක් ඇයට එවීමයි. ඇයගේ කවි පෙළක් වන නිල් මැණික සහ ගංගාව යන කවි පෙළෙහි පෙර වදනේ ඇය අඥෙයවාදයේ (දෙවි කෙනෙකු ඉන්නවාද නැද්ද නොදන්නා ධර්මය) සිට කිතුණු ඇදහිල්ලට ඇය ආ ගමන විස්තර කරන්නීය. ඇය පසුව ලිවු කවියක් වන “එනන්සියේෂන්” (ගාබිරියෙල් දේව දූතයා මරියාට එළිදරව් වීම) හි මරියා දෙවියන්වහන්සේට කළ කැපවීම ඇය විස්තර කරයි. ශුද්ධාත්මයාණෝ මරියාට බල කරන්නේ නැතුව කැමැත්තෙන්ම ක්‍රිස්තුස් ළදරුවා පිළිගැනීමට මරියාට ඉඩ හැරීමේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ගැන කවිය මධ්‍යයෙහි “දෙවියන්වහන්සේ බලා සිටි සේක” යන වැකි කඩෙන් ඇය ප්‍රකාශ කරන්නීය.

මරියාගේ කථාන්තරයේ ලෙවටොව් තමාගේම කථාන්දරය මතක් කර ගනී. ඇයට ප්‍රේම කිරීමට ආශාවෙන් දෙවියන්වහන්සේ බලා සිටින සේක. උන්වහන්සේ ඇයට කිසි දෙයකට බලකෙරුවේ නැත. උන්වහන්සේ බලා සිටි සේක. ඉශ්‍රායෙලය කෙරෙහි මෘදු ප්‍රේමය වගුරුවන්න සුදානමෙන් සහ ආශාවෙන් දෙවියන්වහන්සේ බලා සිටි යථාර්ථය යෙසායා මෙසේ පවසයි. “ස්වාමින්වහන්සේ නුඹලාට කරුණා කරන්ට බලා සිටින සේක” (30:18). තම සෙනගව කරුණාවෙන් පූර්ණ කරන්න උන්වහන්සේ බලා සිටි සේක. එසේ වුවත් උන්වහන්සේ ඔප්පු කරන දෙය කැමැත්තෙන් ගන්නා තෙක් දෙවියන්වහන්සේ බලා සිටින සේක.

අපගේ මැවුම්කරුවාණන් වන ලෝකයේ ගැළවුම්කරුවාණෝ උන්වහන්සේව පිළිගන්නා තුරු බලා සිටීමට තෝරා ගැනීම කෙතරම් විශ්මයක්ද? අපව පහසුවෙන් මැඩ පැවැත්විය හැකි දෙවියන්වහන්සේ යටහත් ඉවසිලිවන්තකම පුහුණුවන්නේය. ශුද්ධවූ තැනන්වහන්සේ අප වෙනුවෙන් බලා සිටින සේක.