තමන්ගේ ප්‍රථම කාලත්‍රයන් ඛේදනීය ලෙස මිය ගොස් ටික කලකට පසු රොබී සහ සබ්රිනා ප්‍රේමයෙන් වෙලී විවාහ වී ඔවුන් දෙදෙනාගේ පවුල් එකතු කළෝය. ඔවුන් අලුත් ගෙයක් සාදා එයට “හවීලා” යයි නම් තැබූහ. එහි අර්ථය වේදනාවෙන් මිරිකී යමක් නිපදවීමය යන්නයි. වේදනාව තුළින් අලංකාර යමක් පිටතට ගෙන ආ හැකි බව එයින් පෙන්නුම් වන්නේය. ඔවුන් පවසන්නේ එම ගෙය සෑදුවේ අතීතය අමතක කිරීමට නොව අළුවලින් ජීවනය ඉස්මතු කර බලාපොරොත්තුව සැමරීමට බවයි. ඔවුන්ට එය අයිතිය දැනෙන ස්ථානයක් විය. ජීවිතය සමරා අනාගත බලාපොරොත්තුව අප සියලු දෙනා ග්‍රහණය කර ගන්නා ස්ථානයක් විය.

එය යේසුස්වහන්සේ තුළ අපගේ ජීවිතය ගැන අනර්ඝ චිත්‍රයකි. උන්වහන්සේ අපගේ ජීවිත අළුවලින් ඉස්මතු කර අපට අයිති ස්ථානයක් වන සේක. අප උන්වහන්සේ පිළිගත් විට අපගේ සිත් උන්වහන්සේගේ නිවස වන්නේය (එපීස 3:17). දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ පවුලට යේසුස්වහන්සේ තුළින් අපව ඇතුළත් කර ගන්නා සේක. එවිට අප උන්වහන්සේට අයිති වන්නෙමු (1:5-6). අප වේදනාකාරී කාලවලින් ගියද අපගේ ජීවිත වල යහපත් අරමුණක් ඇති කිරීමට ඒ කාලවල් භාවිතා කිරීමට උන්වහන්සේට පුළුවන.

දිනපතා දෙවියන්වහන්සේ පිළිබඳව අපගේ අවබෝධය වැඩි කර ගැනීමට අපට අවස්ථව ලැබේ. ඒ අපි උන්වහන්සේගේ ප්‍රේමය භුක්ති විඳ උන්වහන්සේ අපට දී ඇති දේවල් සමරන විටය. උන්වහන්සේ තුළ ජීවනයේ පූර්ණකම තිබේ. උන්වහන්සේ නොමැතිව අපට එය ලබා ගත නොහැකිය (3:19). එසේම උන්වහන්සේ සමග ඇති සම්බන්ධතාවය සදාකාලය තෙක් ඇති බවට වූ පොරොන්දුව අප සතුය. අපට අයිති ස්ථානය යේසුස්වහන්සේය. ජීවිතය සැමරීමට හේතුවද දැනුත් සහ සදාකාලයටත් ඇති අපගේ බලාපොරොත්තුවද වන්නේය.