දරුවන් උදෙසා පවත්වන ලද අලුත් කබා ක්‍රීඩා තරඟයකදී උද්‍යා්ගිමත් දරුවන් ඔවුන් ආශා පාටවල් සහ නිශ්චිත ප්‍රමාණයන් සෙව්වෝය. ඔවුන්ට ස්ව අභිමානයක් ලැබුණි. සංවිධායකයෙකු පැවසුවේ අලුත් කබායක් නිසා ඔවුන්ගේ මිතුරන් ඔවුන්ව පිළිගන්නා බවත් ශීත සෘතුවේදී නිවාඩු නොගෙන ඔවුන් පාසැල් යන බවත්ය.

අපෝස්තලු පාවුල්ටද කබායක අවශ්‍යතාවයක් තිබුණි. ඔහු තිමෝතිට ලියු අවස්ථාවේදී ඔහු ලීවේ “ත්‍රෝවසෙහි කාර්පස් ළඟ මා තබා ආ සළුවද….. ගෙනෙන්න” යනුවෙනි (2 තිමෝති 4:13). රෝමයේ සීතල සිර ගෙදර සිරවී සිටි පාවුල්ට උණුසුමද සහභාගීකමද අවශ්‍ය විය. ඔහු රෝම විනිශ්චයකාරයෙකු ඉදිරියේ සිටියදී “කිසිවෙක් මා සමග නොසිට සියල්ලෝම මා අත්හැර ගියෝය” (16 පදය) කියා පැවසීය. ඔහුගේ අවසාන වචන අපගේ හදවත පසාරු කර ගෙන යන්නේ මේ ශ්‍රේෂ්ඨ මිෂනාරිවරයාගේ වේදනාව අපට හැඟෙන විටය.

නමුත් අප දන්නා ලෙස බලවත් සේවයක් කළ පාවුල්ගේ අවසන් වචන වලින් ඔහු ස්ව අනුකම්පාවෙන් ප්‍රශංසාවට හැරෙන්නේය. “නමුත් ස්වාමින්වහන්සේ මා ළඟ සිට…” (17 පදය) යයි ඔහු කියයි. ඔහුගේ වචන අපගේ හදවතේ රැව් දෙන්නේය. පාවුල් ප්‍රකාශ කරන පරිදි “මා කරනකොට ගෙන පණිවිඩය සම්පූර්ණ ලෙස ප්‍රකාශ වන පිණිසත් එය සියලු අන්‍ය ජාතීන්ට අසන්ට ලැබෙන පිණිසත් ස්වාමින්වහන්සේ මා ළඟ සිට මා ශක්තිමත් කළ සේක. මම සිංහයාගේ කටින් මුදනු ලැබීමි” (17 පදය).

ඔබ ගැටළුවකට මුහුණ දෙන්නේ නම් හෝ උණුසුම් වීමට අවශ්‍ය නිසි ඇඳුම් නැතිව හෝ සමීප මිතුරන් නැතිව හෝ සිටී නම් දෙවියන්වහන්සේ සිහිකරන්න. උන්වහන්සේ අපව පුබුදුවන්නද සපයන්නද මුදවන්නද විශ්වාසවන්තව සිටින සේක. මන්ද? උන්වහන්සේගේ මහිමය සහ උන්වහන්සේගේ රාජ්‍යයේ අපගේ ඉලක්කයද පිණිසය.