මාගේ මුළුතැන්ගෙයි ජනේලය අසල අවිච්චියෙක් වහලසේ සිවිලිමේ හිඩැසක කූඩුවක් සාදනවා මම ආශාවෙන් බලා සිටියෙමි. ඇය වියළි කොළ එක තැනක ගොඩ ගසා එය තුළට ගොස් බිත්තර රකිනවා මම දුටුවෙමි. සෑම දිනකම ඒවා වල ප්‍රගතිය මම පරීක්‍ෂා කළෙමි. නමුත් සැම දිනකම කිසිවක් සිදු නොවීය. පැටවුන් බිහි වීමට සති දෙකක් ගතවේ.

එවැනි නොඉවසිලිවන්තකමක් මට අලුත් දෙයක් නොවේ. මම සෑම විටම බලා සිටීමට විරුද්ධව යන්නෙමි. විශේෂයෙන් යාච්ඤාවේදීය. අපගේ පළමු දරුවා හදා වඩා ගැනීමට මාත් මාගේ ස්වාමිපුරුෂයාත් වසර පහක් බලා සිටියෙමු. දශක ගණනාවකට පෙර කැතට්න් මාර්ෂල් ලීවේ “අපගේ යාච්ඤාද බිත්තර වැනිය. දැමු විගස පැටවුන් එන්නේ නැත” කියාය.

අනාගතවක්තෘ හබක්කුක්ද යාච්ඤාවෙන් බලා සිටීම ගැන පොර බැදීය. යූදා රාජ්‍යයට බබිලෝනියෙන් පැමිණි කෲර සැලකීම නිසා ඔහු අසහනයට පත් විය. “මාගේ මුර පළ උඩට පැමිණ බලකොටුව උඩ සිටගෙන” හබක්කුක් “උන්වහන්සේ තමන්ට කියන්නේ කුමක්ද කියා බලා සිටියේය” (2:1 පදය). “නියම කාලය” දක්වා ඔහු සිටිය යුතු යයිද “වචනය පැමිණි විටම එය පතුරුවා හැරීමට හැකි වන පිණිස එය පැහැදිලි ලෙස ලියන්න” කියාද උන්වහන්සේ කී සේක (2 පදය).

දෙවියන්වහන්සේ ඔහුට නොකියන දෙය නම් බබිලෝනියාව වැටෙන කාලය දශක හයක් වනු ඇති බවය. පොරොන්දුව සහ ඉෂ්ටවීම අතර විශාල පරතරයක් ඇති කරන්නේය. බිත්තර මෙන් යාච්ඤාද ක්‍ෂණිකව හරි යන්නේ නැත. ඒවා දෙවියන්වහන්සේ ලෝකයට සහ අපගේ ජීවිත වලට තබා ඇති පරමාර්ථ අනුව කල්ගත වීමට භාජනය වන්නේය.