මාස ගණනක් තිස්සේ මම ඇදහිල්ල ගැන ගැඹුරින් සිතන තරුණයෙකු සමග ලිපි හුවමාරු කර ගනිමින් සිටිමි. එක් දවසක් ඔහු ලීවේ “අපි ඉතිහාසය නැමැති කාල පරාසයේ ඇසට නොපෙනෙන ඉතා කුඩා අංශුය” කියාය. “අපි ඇත්තෙන්ම වටිනවාද?”

ඉශ්‍රායෙල්හී අනාගතවක්තෘ මෝසෙස් ඊට එකඟ වේ. “අපේ ජීවිතයේ දවස්…. වහාම ගත වෙයි. අපිද ඉගිලී යමුව” (ගීතාවලිය 90:10). ජීවිතයේ කෙටිකම අපට කණස්සල්ල ගෙන දෙමින් අප අවශ්‍ය දැයි සිතීමට අපව පොළඹවන්නේය.

අප අවශ්‍යය. අපව වටින්නේ අපව මැවුවාවූ දෙවියන්වහන්සේ අපට ගැඹුරින් සදාකාලිකවම ප්‍රේම කරන නිසාය. එම ගීතිකාවේ මෝසෙස් ලියන්නේ “ඔබගේ (නොනවතින) කරුණාවෙන් අප තෘප්තිමත් කළ මැනව” (14 පදය) කියාය. දෙවියන්වහන්සේට අපව වටිනා හෙයින් අපව වටින්නේය.

අප වටින්නේ දෙවියන්වහන්සේගේ ප්‍රේමය අන් අයට පෙන්වීමට අපට හැකි හෙයිනි. අපි දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ උරුමය තබා යන්නේ නම් අපගේ ජීවිත කෙටි වුවද ඒවා අර්ථ ශුන්‍ය නොවේ. අපි මේ ලෝකයේ ජීවත් වන්නේ මුදල් හම්බකර අලංකාර ලෙස විශ්‍රාම ගැනීමට නොවේ. දෙවියන්වහන්සේගේ ප්‍රේමය අන් අයට පෙන්වා “දෙවියන්වහන්සේව ඔවුන්ට පෙන්වීමටය”.

අවසන් වශයෙන් භෞමික ජීවිතය තාවකාලික වුවද අප සදාකාලික මැවිලිය. යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටි නිසා අපි සදහටම ජීවත් වන්නෙමු. “උදය කාලයෙහි ඔබගේ (නොනවතින) කරුණාවෙන් තෘප්තිමත් කළ මැනව” කියා පැවසීමෙන් මෝසෙස් අර්ථවත් කළේ එයයි. එම උදෑසන අපි ජීවත්වීමට නැගිටින්නෙමු. ඒ ප්‍රේම කිරීමටද සදාකාලයටම ප්‍රේමය ලැබීමටද වන්නේය. එය අර්ථයක් නොදේ නම් අර්ථයක් දෙන්නේ කුමක්දැයි මම නොදනිමි.