ඔබ මකරෙකු සමග කවදා හෝ සටන් කර තිබෙනවාද? ඔබගේ පිළිතුර නැත යන්න නම් කර්තෘ ඉයුජින් පීටර්සන් ඔබ සමග එකඟවන්නේ නැත. එක දිසාවට දීර්ඝ කීකරුකම යන තම පොතෙහි ඔහු ලීවේ “මකරුන් යනු අපගේ බියයන්හි දිගුවක්” බවයි. අපට හානි කළ හැකි සියලු දේවල ගොඩ නැගීම්ය. තේජවන්ත මකරෙකු හමුවන ගැමියා සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වේ. පීටර්සන් කියන්නට උත්සාහ දරන්නේ ජීවිතය මකරුන්ගෙන් පිරී පවතින බවය. ජීවිතයට තර්ජනයක් වන සෞඛ්‍ය ගැටළුවක්, හදිසි රැකියා අහිමිවීමක්, කැඩුණු විවාහයක්, ඉබාගාතේ ගිය අකීකරු පුත්‍රයෙක් යන සියල්ල මකරුන් වේ. මෙම මකරුන් අපට තනිව සටන් කළ නොහැකි අතිවිශාල භයංකාරත්වයන් සහ දුර්වලත්වයන්ය.

නමුත් එම සටන්වලදී අපට වීරයෙක් සිටී. ඒ සුරංගනා කථාවක එන වීරයෙක් නොවේ. අප වෙනුවෙන් සටන් කර අපව විනාශ කිරීමට එන මකරුන් පරදා ඇති පරම වීරයෙක්ය. අපගේ දුර්වලකම්වල මකරුන් වුවත් නැතිනම් අප විනාශ කිරීමට ආශා කරන ආත්මික සතුරා වූවත් අපගේ වීරයා ඊට වඩා ශ්‍රේෂ්ඨ වූ හෙයින්
“උන්වහන්සේ තමන් කෙරෙන් අධිපතීන්ද බලය ලත්තන්ද පහකොට ප්‍රසිද්ධියෙන් ඔවුන් දක්වා කුරුසිය කරණකොට ගෙන ජයගත් බව ප්‍රකාශ කළ සේක” (කොලොස්සි 2:15) යනුවෙන් යේසුස්වහන්සේ ගැන ලිවීමට පාවුල්ට හැකිවූයේය. මේ බිඳුණු ලෝකයේ විනාශකාරී බලවේග උන්වහන්සේට තර්ජනයක් නොවීය.

මේ ජීවිතයේ මකරුන් අපට විශාල වැඩි බව තේරුණ මොහොත, අප ක්‍රිස්තුස්වහන්සේගේ ගැළවීමේ නිවාඩු ගත යුතු මොහොත වන්නේය. අපට ස්ථීරව කිව හැක්කේ “අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේ කරණකොට ගෙන අපට ජය දෙන්නාවූ දෙවියන්වහන්සේට ස්තුති වේවා” (1 කොරින්ති 15:57) කියාය.