ගෝලකමට කැඳවීමේ සමුළුවේදී මැද-බස්නාහිර ග්‍රීෂ්ම සෘතුවේ ඌෂ්ණය මුළු සතියේදීම අපට දැණුනි. නමුත් අවසාන දිනයේදී සිසිල් කාලගුණයකින් අපගේ දවස පිරුණි. ලැබුණු කාලගුණයටත් දෙවියන්වහන්සේ කළ පුදුමාකාර වැඩ වලටත් ස්තුතිවන්ත වෙමින් සිය ගණනක් දෙවියන්වහන්සේට නමස්කාර කිරීම සඳහා එක් වූහ. දෙවියන්වහන්සේ ඉදිරියෙහි මුළු හදවතින්ම ගායනා කිරීම සඳහා හදවත, ආත්මය, ශරීරය හා මනස උන්වහන්සේට පූජා කිරීමට නිදහස ලැබුණු බවට බොහෝ දෙනෙකුට හැඟුණි. දශක ගණනාවකට පසුව එම දිනය ගැන මම සිතන කළ දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමේ මහත් ප්‍රීතිය මට සිහිපත් වුනි.

මුළු හදවතින්ම දෙවියන්වහන්සේට නමස්කාර කරන්නේ කෙසේදැයි දාවිත් රජු දැන සිටියේය. දෙවියන් වහන්සේගේ අභිමුඛය සංකේතවත් කරන ගිවිසුම් පෙට්ට්ය යෙරුසලමේ තැබූ විට දාවිත් නටමින් පනිමින් සහ සැමරීමෙන් ප්‍රීති විය (1 ලේකම් 15:29). ඔහුගේ භාර්යාව වන මීඛල් ඔහුගේ තත්ත්වය අත්හැරීම ගැන නිරීක්‍ෂණය කොට “ඇගේ සිතින් ඔහුව හෙළා දැක්කාය” (29 පදය). නමුත් එකම සත්‍යය වූ දෙවියන් වහන්සේට නමස්කාර කිරීමෙන් ඔහුව වළක්වා ගන්න දාවිත් ඇගේ විවේචනයන්ට ඉඩ දුන්නේ නැත. ඔහු නිචව පහත් කෙනෙක් ලෙස පෙණුනත් ජාතිය මෙහෙයවීම සඳහා ඔහුව තෝරා ගැනීම ගැන දෙවියන් වහන්සේට ස්තුති කිරීමට ඔහුට අවශ්‍ය විය (2 සාමුවෙල් 6:21-22 බලන්න).

දාවිත් මේ ආකාරයෙන් ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කිරීම සඳහා අසාෆ් සහ ඔහුගේ සහෝදරයන් පත් කළේය. “ස්වාමීන්වහන්සේට ස්තුති කරව්. උන්වහන්සේගේ නාමය කියා යාච්ඤා කරව්. ජනයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා දන්වව්. උන්වහන්සේට ගීතිකා කියව්. උන්වහන්සේට ප්‍රශංසා ගී කියව්. උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා මෙනෙහි කරව්” (1 ලේකම් 16:7-9). අපගේ ප්‍රශංසාව හා ප්‍රේමය වගුරවමින් දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට අපව සම්පූර්ණයෙන්ම භාර දෙමු.