1952 දී නුහුරු හෝ නොසැළකිලිමත් පුද්ගලයින් විසින් සාප්පුවක බඩු කැඩීම වැළැක්වීමේ උත්සායහක් ලෙස මියාමි බීච් වෙළඳ සැළක හිමිකරුවෙක් දැන්වීම් පුවරුවක දැන්වීමක් සවි කළේය. “ඔබ එය කැඩුවහොත් ඔබ එය මිළදී ගත යුතුයි”. මෙම ආකර්ශණීය වාක්‍යය පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක් විය. මෙවැනි සළකුණු දැන් බොහෝ කඩ සාප්පු වල දැකිය හැකිය.

හාස්‍යයට කරුණ නම් කුඹල් කඩයක වෙනත් ආකාරයක දැන්වීමක් තිබූ බවයි. “ඔබ එය බිඳ දැමුවහොත් අපි එය වඩා හොඳ දෙයක් බවට පත් කරන්නෙමු”. යෙරෙමියා 18 හි හෙළි වූයේ ඒ දෙයමය.

යෙරෙමියා කුඹල්කාරයාගේ නිවසට ගොස් කුඹල්කරුවා “නරක්වූ” මැටි තම දෑතින් හැඩ ගස්වා එය ප්‍රවේශමෙන් හසුරුවා “එය වෙනත් භාජනයක්” සාදන ආකාරය දකින්නේය (4 පදය). දෙවියන්වහන්සේ ඇත්ත වශයෙන්ම දක්‍ෂ කුඹල්කරුවෙක් බවත් අපි මැටි බවත් අනාගතවක්තෘ මතක් කර දෙන්නේය. උන්වහන්සේ සර්ව බලධාරී වන අතර නපුර විනාශ කිරීම සහ අප තුළ අලංකාරය ඇති කිරීම යන දෙකම සෑදීමට උන්වහන්සේ මැවූ දෙය භාවිතා කිරීමට දෙවියන්වහන්සේට හැකිය.

අප පොඩිවී හෝ කැඩී බිදී හෝ සිටියත් දෙවියන්වහන්සේට නැවත අපව හැඩ ගැස්සවිය හැකිය. අති දක්‍ෂ කුඹල්කරුවෙක් වන උන්වහන්සේට අපේ සුණු විසුණු වූ කැබලිවලින් නව හා වටිනා මැටි භාණ්ඩ සෑදීමට පුළුවන් වන අතර එසේ කිරීමට කැමැත්තෙන්ද සිටින සේක. දෙවියන්වහන්සේ අපගේ බිඳුණු ජීවිතය, වැරදි සහ අතීත පාප ප්‍රයෝජනයට ගත නොහැකි ද්‍රව්‍යයක් ලෙස නොබලන සේක. ඒ වෙනුවට උන්වහන්සේ අපේ කැබලි ගෙන උන්වහන්සේට හොඳ යයි පෙනෙන අයුරින් ඒවා හැඩ ගස්වා ගන්නා සේක.

අපගේ බිඳ වැටීම් තුළද අපේ අති දක්‍ෂ කුඹල් කරුවාණන්ට අප ගැන ඉමහත් වටිනාකමක් ඇත. උන්වහන්සේගේ දෑතේදී අපගේ කැඩී බිඳී ගිය ජීවිත කොටස් උන්වහන්සේට පාවිච්චි කළ හැකි පියකරු භාජන බවට නැවත සකස් කිරීමට උන්වහන්සේට පුළුවන.