2020 අගෝස්තු මාසයේදී ස්විට්සර්ලන්තයේ ඔල්ටෙන් හී පදිංචිකරුවන් හිම මෙන් චොකලට් අහසින් වැටෙනවා දැක පුදුමයට පත් වූහ. දේශීය චොකලට් කම්හලේ වාතාශ්‍ර පද්ධතියේ දෝෂයක් හේතුවෙන් චොකලට් අංශු වාතයට විසිරී ගොස් තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් දූවිලි මෙන් රථවාහන සහ වීදි චොකලට් පෙති වලින් වැසී ගොස් මුලු නගරයම රස කැවිලි ගබඩාවක් මෙන් සුවඳවත් කළේය.

රසවත් ආහාර ස්වර්ගයෙන් වැටෙන බව මම කල්පනා කරන විට නික්මයාමේදී ඊශ්‍රායෙල් ජනතාව සඳහා දෙවියන්වහන්සේගේ සැපයීම ගැන සිතීම වළක්වා ගත නොහැකි විය. ඊජීප්තුවෙන් සිතන්ටවත් බැරි ලෙස පලා යෑමෙන් පසු ඔවුහු කාන්තාරයේ සැළකිය යුතු අභියෝගයන්ට විශේෂයෙන් ආහාර සහ ජල හිඟය යන අභියෝගයන්ට මුහුණ දුන්හ. ජනතාවගේ දුක්ඛිත තත්ත්වයෙන් කම්පාවට පත් වූ දෙවියන්වහන්සේ
“ස්වර්ගයෙන් ආහාර වස්සවන්න” පොරොන්දු වූ සේක (නික්මයාම 16:4). පසුදා උදෑසන කාන්තාර බිම මත සිහින් පෙති තට්ටුවක් දිස් වුනි. මන්නා නමින් හඳුන්වන ලද මෙම දෛනික සැපයුම ඊළඟ වසර හතළිහ පුරාවටම පැවතුණි.

යේසුස්වහන්සේ පොළොවට පැමිණි පසු විශාල ජනකායකට ආශ්චර්යමත් ලෙස රොටී ලබා දුන් විට උන්වහන්සේව එවන ලද්දේ දෙවියන්වහන්සේ බවට මිනිසුන් විශ්වාස කිරීමට පටන් ගත්හ (යොහන් 6:5-14). නමුත් යේසුස්වහන්සේ ඉගැන්වූයේ තමන්ම “ජීවනදායක ආහාරය” බවත් (35 පදය) තාවකාලික පෝෂණය පමණක් නොව සදාකාල ජීවනය (51 පදය) ගෙන ඒම සඳහා එවන ලද බවත්ය.

අධ්‍යාත්මික පෝෂණය සඳහා කුසගින්නෙන් සිටින අප වැනි අයට යේසුස්වහන්සේ විසින් දෙවියන්වහන්සේ සමග නිමක් නැති ජීවිතයක් පිරිනමන සේක. එම ගැඹුරු ආශාවන් සංසිඳුවීමට උන්වහන්සේ පැමිණි බවට අපි විශ්වාසයෙන් අදහමු.