ටහෙර් සහ ඔහුගේ භාර්යාව වන ඩොන්යා යේසුස්වහන්සේ කෙරෙහි අදහා ගන්න පැමිණි විට, තම මව්බිමේදී තමන් පීඩාවට පත් විය හැකි බව දැන සිටියහ. ඇත්ත වශයෙන්ම, එක් දිනක් ටහෙර්ගේ දෑස් බැඳ, මාංචු දමා, සිරගත කර, ඔවුන්ගේ කලින් තිබු ආගම කෙරෙහි ඇදහිල්ල අත්හැරීමේ චෝදනාවට ලක් කරන ලදී. ඔහු නඩු විභාගයට පෙනී සිටීමට පෙර, ඔහු සහ ඩොන්යා එකඟ වූයේ ඔවුන් යේසුස්වහන්සේව පාවා නොදෙන බවයි.

දඬුවම් නියම කිරීමේදී සිදු වූ දෙය ඔහුව මවිතයට පත් කළේය. විනිසුරුවරයා පැවසුවේ, “ඇයිදැයි මම නොදනිමි, නමුත් මට ඔබව තල්මහගේ සහ සිංහයාගේ කටින් පිටතට ගැනීමට අවශ්‍යයි.” එවිට ටහෙර් “දෙවියන්වහන්සේ ක්‍රියා කරන බව දැන සිටියේය”; එසේ නොමැතිව බයිබලයේ ඡේද දෙකක් සඳහන් කරමින් විනිසුරුවරයාට වෙනත් ආකාරයකින් පැහැදිලි කිරීමට ටහෙර්ට නොහැකි වනු ඇත (යෝනා 2; දානියෙල් 6 බලන්න). ටහේර් සිරෙන් නිදහස් වූ අතර පසුව එම පවුල වෙනත් ස්ථානයකට ගියහ.

ටහෙර්ගේ පුදුම නිදහස්වීම දානියෙල්ගේ කතාව ප්‍රතිරාවය කරයි. දක්ෂ පරිපාලකයෙකු වූ ඔහු උසස් වීමට නියමිතව සිටි අතර එය ඔහු සමඟ සේවය කරන අය ඊර්ෂ්‍යයාවට පත් කළේය (දානියෙල් 6:3-5). ඔහුගේ වැටීමට කුමන්ත්‍රණය කරමින්, ඔවුන් රජුට හැර වෙන කිසිවෙකුට යාච්ඤා කිරීමට එරෙහිව නීතියක් සම්මත කරන ලෙස දාරියුස් රජුට ඒත්තු ගැන්වූ අතර එය දානියෙල් නොසලකා හැරියේය. දාරියුස් රජුට ඔහුව සිංහයන් වෙතට විසි කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි (16 පදය). නමුත් විනිසුරුවරයාගේ පුදුම සහගත නිදහස් කිරීම හරහා ටහෙර්ව බේරා ගත්තාක් මෙන් දෙවියන්වහන්සේ “දානියෙල්ව මුදවාගෙන” මරණයෙන් ඔහුව ගළවා ගත් සේක (27 පදය),

අද බොහෝ ඇදහිලිවන්තයන් යේසුස්වහන්සේව අනුගමනය කිරීම නිසා දුක් විඳින අතර සමහර විට ඔවුන් මරණයට පවා පත් වෙති. අපි පීඩාවලට මුහුණ දෙන විට, දෙවියන්වහන්සේට අපට සිතාගත නොහැකි ක්‍රම ඇති බව අප තේරුම් ගෙන අපගේ ඇදහිල්ල ගැඹුරු කළ හැකිය. ඔබ මුහුණ දෙන ඕනෑම සටනකදී උන්වහන්සේ ඔබ සමඟ සිටින බව දැනගන්න.