උතුරු ස්පාඤ්ඤය සහජීවනය සහ මිත්‍රත්වය ප්‍රකාශ කිරීමේ අලංකාර ක්‍රමයක් ඇති කළේය. ග්‍රාමීය ප්‍රදේශය අතින් සාදන ලද ගුහාවලින් පිරී ඇති හෙයින්, සෑම අස්වැන්නකට පසු, සමහර ගොවීන් ගුහාවකට ඉහළින් ඉදිකරන ලද කාමරයක වාඩි වී ඔවුන්ගේ විවිධ ආහාර තොග කිරුවෝය. කාලය ගෙවීයත්ම, එම කාමරය “කියන කාමරය” ලෙස ප්‍රසිද්ධ විය. එනම් මිතුරන් සහ පවුලේ අය ඔවුන්ගේ කථා, රහස් සහ සිහින බෙදා ගැනීමට රැස්වන හවුලේ ස්ථානයක් විය. ඔබට යහපත් මිතුරන්ගේ සමීප කණ්ඩායමක් අවශ්‍ය නම්, ඔබ කතා “කියන කාමරය” වෙත යොමු විය යුතු වන්නේය.

යොනාතාන් සහ දාවිත් උතුරු ස්පාඤ්ඤයේ ජීවත් වූවා නම්, ඔවුන් අතර පැවති ගැඹුරු මිත්‍රත්වය ඔවුන්ට කතා කිරීමේ කාමරයක් නිර්මාණය කිරීමට හේතු වන්නට ඇත. සාවුල් රජුගේ ඊර්ෂ්‍යාව කොපමණ වැඩි වූවාද කිවහොත්, දාවිත්ව මරා දැමීමට තරම්, වෛරයක් ඔහු තුළ ඇති විය. එහෙත්, සාවුල් රජුගේ වැඩිමහල් පුත්‍රයා වූ යොනාතාන් දාවිත්ව ආරක්ෂා කර මිත්‍ර කමක් ඇති කර ගත්තේය. ”යොනාතාන්ගේ ප්‍රාණය දාවිත්ගේ ප්‍රාණයට බැඳී්” තිබුණි (1 සාමුවෙල් 18:1). එසේම, යොනාතාන් “තමන්ට මෙන් දාවිත්ට ප්‍රේම කළේය” (1, 3 පද). තමන් සිංහාසනයේ උරුමක්කාරයා ලෙස පෙනී සිටියද, රජු වීමට දාවිත්ගේ දිව්‍යමය තේරීම ඔහු පිළිගත්තේය. ඔහු දාවිත්ට ඔහුගේ සළුව, කඩුව, දුන්න සහ පටිය ලබා දුන්නේය (4 පදය). පසුව, මිතුරෙකු ලෙස යොනාතාන්ගේ ගැඹුරු ප්‍රේමය පුදුම සහගත බව දාවිත් ප්‍රකාශ කළේය (2 සාමුවෙල් 1:26).

යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් වශයෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ මෙන් ප්‍රේමය සහ සැලකිල්ල පිළිබිඹු කරන අපගේම සම්බන්ධතා ගැන “කියන කාමර” ගොඩනඟා ගැනීමට උන්වහන්සේ අපට උපකාර කරන සේක්වා! මිතුරන් සමඟ කල් ගත කිරීමටත්, අපගේ හදවත් විවෘත කිරීමටත්, උන්වහන්සේ තුළ එකිනෙකා සමඟ සැබෑ සහයෝගීතාවයෙන් ජීවත් වීමටත් කාලය ගනිමු.