Archives: පෙබරවාරි 2024

දෙදෙනෙක් සිටීම යහපත්ය

සොරෙන් සෝල්කර් වසර ගණනාවක් “ස්ටාර්ලින්” නැමැති වැහි ලිහිණියන්ව සහ අහස හරහා දිය පහරක් මෙන් පියාඹා යන සිය ගණන්, දහස් ගණන් වැහි ලිහිණියන්ගේ විශ්මිත දර්ශන ඡායාරූප ගත කළේය. මෙම විශ්මය බලා සිටීම අඳුරු විශාල තින්ත පහරක් මනහර විචිත්‍ර චිත්‍ර මෝස්තරයක් සාදන ආකාරය දෙස බලා සිටින්නාක් මෙනි. මෙම ස්ටාර්ලින් අත්දැකීම ඩෙන්මාර්කයේ හඳුන්වන්නේ කළු සූර්යා යනුවෙනි (සොල්කර්ගේ ඡායාරූප පොතෙහි නමද එය වන්නේය). ඉතා…

ආගන්තුකයාව පිළිගන්න

සෑම දෙයකම ශෝකය අසත්‍යයි යන ග්‍රන්ථයේ ඩැනියෙල් නයේරි අනාථ කඳවුරක පීඩාවන් නිසා තම මව සහ සහෝදරිය සමග ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්‍ෂාව සොයා ආ අතීශය ඛේදජනක ගමන ගැන විස්තර කරයි. ඔවුන්ව දැන නොසිටියත් වැඩිහිටි යුවළක් ඔවුන්ට අනුග්‍රහකත්වය දැක්වූහ. වසර ගණනාවකට පසුවත් ඩැනියෙල්ට එය අමතක කළ නොහැකි විය. ඔහු මෙසේ ලිවීය. “ඔබට එය විශ්වාස කළ හැකිද? සම්පූර්ණයෙන්ම අන්ධ වූවත් ඔවුහු එසේ කළහ.…

යේසුස්වහන්සේගේ පාවහන් වල ගමන් කරමින්

රාජකීය පාවහන් වල ගමන් කිරීම කෙසේ වේවිද? වරාය සේවකයෙක්ගේ දියණියක් සහ හෙදියක් වන ඇන්ජලා කෙලී දශක දෙකක පමණ කාලයක සිට මිය ගිය එලිසබෙත් රැජිනගේ රාජකීය ජීවිතයේ නිල ඇඳුම් පළඳවන්නිය ලෙස කටයුතු කළාය. ඇයගේ එක් වගකීමක් වූයේ වයස්ගත රැජිනගේ පාවහන් හරි ගැස්සෙන පිණිස ඒවා පැළඳ ගෙන මාලිගා පරිශ්‍රයේ ඇවිදීමය. ඊට හේතුවක් තිබුණි. ඒ සමහර අවස්ථාවන් වල උත්සව වලදී වයස්ගත කාන්තාවන්ට සෑහෙන…

දෙවියන්වහන්සේගේ විවෘත දොරවල්

විශාල නගරයක් අසළ වූ මගේ අලුත් පාසැලේ මගපෙන්වීම් උපදේශක මා දෙස වරක් බලා ඉංග්‍රීසි රචනා අඩුම මට්ටමේ පංතියකට මාව යොමු කළේය. මා පැමිණියේ නගර මධ්‍යයෙහි තිබූ පාසැලේ හොඳම ලකුණු, හොඳම ශ්‍රේණි මෙන්ම මගේ ලිවීම සඳහා විදුහල්පතිගේ සම්මානයක්ද සමගය. කෙසේ වෙතත් මගේ අලුත් පාසැලේ හොඳම ලිවීමේ පංතියේ දොර මා හට වැසී තිබුණේ මගේ උපදේශකයා මම සුදුසු නැත හෝ මම සුදානම් නැත…

දෙවියන්වහන්සේගේ ණැනවත් අරමුණ

එක්සත් ජනපදය ඉතිහාසයෙන් පිරී ඉතිරී යයි. ඔබ කොහේ ගියත් ඓතිහාසික චරිතවලට ගරුත්වය දෙන සමරු ඵලක සහ වැදගත් සිදුවීම් ස්මරණය කරන ස්මාරකද ඇත්තේය. නමුත් එක් ලාංජනයක් බි්‍රතාන්‍ය හාස්‍යය පිලිඹිබු කරන්නේය. එංගලන්තයේ සැන්ඞ්විච්හි හෝටලයක් ඉදිරිපිට සමරුවක ලියා තිබුණේ “1782 සැප්තැම්බර් 5 දින මෙම ස්ථානයේ කිසිවක් සිදු නොවුනි” කියාය.

සමහර විට අපගේ යාච්ඤා ගැනද කිසිවක් සිදු නොවන බව අපට හැඟේ. අපි යාච්ඤා කරන්නෙමු.…