සෑම දෙයකම ශෝකය අසත්‍යයි යන ග්‍රන්ථයේ ඩැනියෙල් නයේරි අනාථ කඳවුරක පීඩාවන් නිසා තම මව සහ සහෝදරිය සමග ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්‍ෂාව සොයා ආ අතීශය ඛේදජනක ගමන ගැන විස්තර කරයි. ඔවුන්ව දැන නොසිටියත් වැඩිහිටි යුවළක් ඔවුන්ට අනුග්‍රහකත්වය දැක්වූහ. වසර ගණනාවකට පසුවත් ඩැනියෙල්ට එය අමතක කළ නොහැකි විය. ඔහු මෙසේ ලිවීය. “ඔබට එය විශ්වාස කළ හැකිද? සම්පූර්ණයෙන්ම අන්ධ වූවත් ඔවුහු එසේ කළහ. කිසිදාක අපව ඔවුන්ට මුණ ගැසී නොතිබුණි. අපි සොරුන් වූවා නම් ඔවුන්ට ගෙවන්න සිදුවනු ඇත. ඒ කෙනෙකුට ගත හැකි උපරිම නිර්භීත කරුණාවන්ත අවදානමකි”.

එහෙත් දෙවියන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන්නේ අන් අය ගැන එලෙස සැළකිලිමත් වීමටයි. විදේශීන්ට කරුණාවන්ත වන්න යැයි උන්වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ට කී සේක. “නුඹට මෙන් ඔහුට ප්‍රේම කරපන්න. මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය” (ලෙවී කථාව 19:34). අපගෙන් බොහෝමයක් වූ යේසුස්වහන්සේ තුළ අන්‍යජාතික ඇදහිලිවතුන්ට උන්වහන්සේ මතක් කර දෙන්නේ “ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්ව ….. පොරොන්දුවේ ගිවිසුම්වලට විදේශීන්ව ලෝකයෙහි බලාපොරොත්තුවක් නැතුව දෙවියන්වහන්සේ නැතුව සිටි බව සිහිකරපල්ලා” (එපීස 2:12) යනුවෙනි. එහෙයින් උන්වහන්සේ අප සියල්ලන්ට එනම් මුල් යුදෙව්වන්ට සහ අන්‍ය ජාතීන්ට අණ කර සිටින්නේ “ආගන්තුක සත්කාර කිරීම මතක නැති නොකරල්ලා” කියාය (හෙබ්‍රෙව් 13:2).

දැන් තමාගේ පවුලත් සමග වර්ධනය වී ඇති ඩැනියෙල්, ජිම් සහ ජීන් ඩෝසන් යුවළ “ඔවුන් එතරම් කිතුනුවන් වූ නිසා සරණාගතයන් වූ අප නිවසක් සොයා ගන්නා තුරු අපට ඔවුන්ගේ නිවසේ ඉන්න ඉඩ හැරියේය” යනුවෙන් ඔවුන්ට ප්‍රශංසා කළේය. දෙවියන්වහන්සේ ආගන්තුකයා පිළිගන්නා සේක. අපටද එසේ පිළිගන්න යැයි කියන සේක.