අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඇලිසන් කීඩා විසින් රචිත ලිපි

කරුණාවන්ත ක්‍රියා

ගබ්සා වීමෙන් මාස කිහිපයකට පසු, වැලරි නිවසේ පරණ බඩු භාණ්ඩ විකිණීමට තීරණය කළාය. සැතපුම් කිහිපයක් දුරින් පිහිටි අසල්වැසි කර්මාන්තකරුවෙකු වූ ජෙරල්ඞ් ඇය විකිණීමට තබා තිබූ ළදරු තොටිල්ල ඉතා ආසාවෙන් මිලදී ගත්තේය. එහි සිටියදී ඔහුගේ බිරිඳ, වැලරි සමඟ කතා කර ඇගේ දුක ගැන දැනගත්තාය. ගෙදර යන අතරමගදී ඇගේ තත්වය ගැන දැනගත් ජෙරල්ඞ් වැලරිට සිහිවටනයක් සැකසීමට තොටිල්ල භාවිතා කිරීමට තීරණය කළේය. සතියකට…

බලාපොරොත්තු සුන්වීම සමග ක්‍රියාකිරීම

වසරක් පුරා මුදල් එකතු කර “ජීවිතයටම ලැබෙන විනෝද ගමනක්” යාම සඳහා ඔක්ලහෝමා උසස් පාසැලේ සිසුන් ගුවන්තොටුපොළට පැමිණි විටදී ඔවුන්ට දැන ගන්ට ලැබුණේ ඔවුන්ගෙන් බොහෝ අය ගුවන් ප්‍රවේශ පත්‍ර මිළදී ගෙන ඇත්තේ ව්‍යාජ සමාගමකින් බවය. “එය හදවත බිඳ දැමුවා වැනිය” කියා එක් පරිපාලකයෙක් කීවේය. එහෙත් ඔවුන්ගේ සැළසුම් වෙනස් කිරීමට සිදුවූවත් සිසුන් ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න තීරණය කළහ. ප්‍රවේශ පත්‍ර ලබා…

අපේ තේරීම් වැදගත්

ඇමෙරිකාවේ නිව් ජර්සි හි පිහිනුම් උපදේශකයෙකුට මෝටර් රථයක් නෙවාර්ක් බොක්කෙහි ගිලී යනවාත් ඔහුගේ SUV රථය ඉක්මනින් බොර දියේ ගිලී යනවාත් සමගම රියදුරු “මට පිහිනන්න බැහැ” යනුවෙන් කෑගසනවාත් ඇසුණි. වෙරළේ සිට සෙනඟ බලා සිටි අතර, ඇන්තනි ඉවුර දිගේ ගල්වලට දිව ගොස්, ඔහුගේ කෘතිම කකුල ඉවත් කර වතුරට පැන හැට අට හැවිරිදි මිනිසා බේරාගෙන ඔහුට ආරක්ෂිතව ගොඩබිමට යාමට උදව් කළේය. ඇන්තනිගේ තීරණාත්මක…

මහ හඬින් සිනාසෙන්න

විකට නළු ජෝන් බ්‍රැන්යන් පැවසුවේ, “අපි හිනාවෙන්න හිතුවේ නැහැ; එය අපගේ අදහස නොවීය. එය අපට ලබා දුන්නේ ජීවිතය ගත කිරීමට අපට එය අවශ්‍ය බව දැන සිටි දෙවියන්වහන්සේ විසිනි. අපට දුෂ්කරතා ඇති වෙන්නට පුළුවන් බවත්, අපට අරගල ඇති විය හැකි බවත් උන්වහන්සේ දැන සිටි සේක. අප ජීවත් වන කාලය තුළ නොයෙකුත් අභියෝගයන් වලට මුහුණ දීමට සිදුවන බව දෙවියන්වහන්සේ දැන සිටි සේක.…

දෙවියන්වහන්සේ සවන් දෙන සේක

නළුවෙකු සහ සටන් කලාකරුවෙකු වන චක්, ඔහුගේ අධ්‍යාත්මික පරිවර්තනයට දායක වූ ආකාරය බෙදා ගනිමින් ඔහුගේ මවගේ සියවන උපන්දිනය වෙනුවෙන් ඇයට ගෞරව කළේය. “අම්මා, නොපසුබට උත්සාහය සහ ඇදහිල්ල පිළිබඳ ආදර්ශයක්” කියා ඔහු ලිවීය. “මහා (ආර්ථික) අවපාතයේ දී ඇය තනිවම පිරිමි ළමයින් තිදෙනෙකු ඇති දැඩි කළාය; ස්වාමිපුරුෂයන් දෙදෙනෙකුගේ, පුතෙකුගේ, සුළු පුතෙකුගේ සහ මුණුබුරන්ගේ වියෝවීම්වලට මුහුණ දුන්නාය; සහ බොහෝ ශල්‍යකර්මද විඳදරා ගත්තාය. මගේ…

යේසුස්වහන්සේ ගැන දිගටම කතා කරන්න!

ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන සංගීතඥයෙක් “යේසුස්වහන්සේ ගැන කතා කිරීම නවත්වන්න” යැයි ඔහුගෙන් ඉල්ලා සිටි අවස්ථාවක් ගැන සම්මුඛ සාකච්ඡාවකදී, සිහිපත් කරයි. මන්ද? ඔහුගේ සෑම දෙයක්ම යේසුස්වහන්සේ බව පැවසීමේ ඔහුගේ කාර්ය නතර කළ හොත් ඔහුගේ සංගීත කණ්ඩායම වඩාත් ප්‍රසිද්ධියට පත් විය හැකි අතර දුප්පතුන්ට ආහාර සැපයීම සඳහා තවත් මුදල් එකතු කළ හැකි බවටද එහිදී යෝජනා විය. එය හොඳින් සිතා බැලීමෙන් පසු, ඔහු තීරණය…

“දිලිසෙන” දේවල් සමඟ සටන් කිරීම

1960 යුගයේ රූපවාහිනී කතා මාලාවක් වන “ද ඇන්ඩි ග්‍රිෆිත් ෂෝ” හි, මිනිසෙකු ඇන්ඩිට පවසන්නේ ඇන්ඩි විසින් ඔහුගේ පුතාට ඔහු ජීවත් විය යුතු ආකාරය තීරණය කිරීමට ඉඩ දිය යුතු බවයි. ඇන්ඩි මෙයට එකඟ නොවීය: “තරුණයෙකුට තමා ගැන තීරණය කිරීමට ඔබ ඉඩ නොදිය යුතුයි. ඔහු දිලිසෙන රිබන් සහිත පළමු දීප්තිමත් දේ අල්ලා ගනු ඇත. පසුව, එහි කොක්කක් ඇති බව ඔහු දැනගත් විට,…

කුඩා කරුණාවක්

අමන්දා වැඩිහිටි නිවාස කිහිපයක් අතර මාරුවෙන් මාරුවට සේවය කරන ආගන්තුක හෙදියක් ලෙස සිටින අතර බොහෝ විට ඇගේ එකොළොස් හැවිරිදි දියණිය රූබිවද රැකියාවට ගෙන එයි. යමක් කිරීමට සිතූ, රූබි නිවැසියන්ගෙන් “ඔබට ඕනෑම දේවල් තුනක් ලැබෙන්නේ නම්, ඔබ ඉල්ලන්නේ කුමක්ද?” යනුවෙන් අසා ඔවුන්ගේ පිළිතුරු ඇගේ සටහන් පොතේ සටහන් කර ගත්තාය. පුදුමයට කරුණක් නම්, ඔවුන්ගේ බොහෝ ආශාවන් කුඩා දේවල් විය - වියානා සොසේජස්,…

බැබළීමට අවස්ථා

2020 මාර්තු මාසයේදී, ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ මධ්‍යම උද්‍යානයේ තමාගේ බල්ලා සමග ඇවිදිමින් සිටියදී, විශ්‍රාමික මූල්‍ය විශේෂඥයෙකු වන විට්නි කලින් අසා නොතිබුණු පුණ්‍යායතනයක නමක් සහිත ට්‍රක් රථ, තාර ශීට් මිටි සහ සුදු කූඩාරම්, දුටුවේය. ඒ සෑම එකකම කුරුසියක් සටහන් කර තිබුණි. කණ්ඩායම කෝවිඞ්-19 වයිරසයෙන් පෙළුණු ඔහුගේ සෙසු නිව්යෝර්ක් වැසියන් සඳහා තාවකාලික රෝහලක් ඉදිකරන බව ඔහු සොයාගත් විට, තමාටත් උදව් කළ…

මාව සෑදීම

හත් හැවිරිදි තෝමස් එඩිසන් පාසලට කැමත්තක් දැක්වූයේවත් හෝ හොඳින් ඉගෙන ගත්තේවත් නැත. දිනක් ඔහුට ගුරුවරයෙකු විසින් "ඇඞ්ල්" නොහොත් මානසික ව්‍යාකූල ලෙස හැඳින්විය. ඔහු නිවසට කඩා වැදුණේය. ඊළඟ දවසේ ගුරුවරයා සමඟ කතා කිරීමෙන් පසු, පුහුණු ගුරුවරියක් වූ ඔහුගේ මව, තෝමස්ට නිවසේදී ඉගැන්වීමට තීරණය කළාය. ඇයගේ ආදරය සහ දිරිගැන්වීම (සහ ඔහුට දෙවිඳුන් විසින් ලබා දුන් දක්ෂතාවය) මගින් තෝමස් විශිෂ්ට නව නිපැයුම්කරුවෙකු බවට…