ගබ්සා වීමෙන් මාස කිහිපයකට පසු, වැලරි නිවසේ පරණ බඩු භාණ්ඩ විකිණීමට තීරණය කළාය. සැතපුම් කිහිපයක් දුරින් පිහිටි අසල්වැසි කර්මාන්තකරුවෙකු වූ ජෙරල්ඞ් ඇය විකිණීමට තබා තිබූ ළදරු තොටිල්ල ඉතා ආසාවෙන් මිලදී ගත්තේය. එහි සිටියදී ඔහුගේ බිරිඳ, වැලරි සමඟ කතා කර ඇගේ දුක ගැන දැනගත්තාය. ගෙදර යන අතරමගදී ඇගේ තත්වය ගැන දැනගත් ජෙරල්ඞ් වැලරිට සිහිවටනයක් සැකසීමට තොටිල්ල භාවිතා කිරීමට තීරණය කළේය. සතියකට පසු, කඳුළු සලමින් ඔහු සෑදු සිහිවටනය එනම්, අලංකාර බංකුවක් ඇයට තෑගි කළේය. ”එතන හොඳ මිනිස්සු සිටිනවා, මෙන්න සාක්ෂි,” වැලරි පැවසීය.

වැලරි මෙන් රූත්ටත් නායෝමිටත් විශාල වියෝවකට මුහුණ දෙන්නට සිදු විය. නායෝමිගේ සැමියා සහ පුතුන් දෙදෙනා මිය ගොස් තිබුණි. දැන් ඇයට සහ ඇගේ අසරණ ලේලිය වූ රූත්ට උරුමක්කාරයන් නොසිටි අතර ඔවුන්ට යමක් සපයා දීමට කිසිවෙකු සිටියේ නැත (රූත් 1:1-5). ඒ අවස්ථාවේදී බෝවස් ඔවුන්ගේ ජීවිතයට ඇතුල් වුණේය. රූත් ඉතුරුවූ ධාන්‍ය එකතු කර ගන්න කුඹුරට ගිය විටදී එම කුඹුරේ හිමිකරුවූ බෝවස් ඇය ගැන සොයන්නට විය. ඇය කවුදැයි දැනගත් විට, ඔහු ඇයට කරුණාව දැක්වීය (2:5-9). පුදුමයට පත් වූ රූත්, “ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන්නේ මක්නිසාද?” කියා ඇසුවාය (10 පදය). බෝවස් පිළිතුරු දෙමින්, “නුඹේ පුරුෂයා නැසුණු පසු නුඹේ නැන්දාට නුඹ කළ සියල්ලත් ……. ගැන දැන ගතිමි” (11 පදය) කියා කීවේය.

බෝවස් පසුව රූත් සමඟ විවාහ වී නායෝමිටත් සැලකුවේය (4 පරිච්ඡේදය). ඔවුන්ගේ විවාහය තුළින් දාවිත් රජුගේ සහ යේසුස්වහන්සේගේ මුතුන්මිත්තෙකු උපත ලැබීය. දෙවියන්වහන්සේ විසින් ජෙරල්ඞ් සහ බෝවස්, වෙන කෙනෙකුගේ ශෝකය පරිවර්තනය කිරීම සඳහා උපකාර කිරීමට තෝරා ගත් පරිදි, වේදනාවෙන් පෙළෙන අන් අයට කරුණාව සහ සංවේදනය පෙන්වීමට අප තුළින්ද ක්‍රියා කළ හැකිය.