කවියක ආරම්භ වන මුල් පදයේ, “මම කවුරුත් නොවේ! ඔබ කව්ද?” යනුවෙන් නිර්නාමිකභාවයේ ප්‍රීතිමත් නිදහස වෙනුවෙන් පෙනී සිටින “කෙනෙකු” වීමට මිනිසුන් දරන උත්සාහයට එමිලි ඩිකින්සන් සෙල්ලක්කාර ලෙස අභියෝග කරයි. මෙම කෙටි කාව්‍යයේ දෙවන හා අවසාන පදයේ ඩිකින්සන් මෙසේ ප්‍රකාශ කරයි: ඇය මූලික වශයෙන් ජනප්‍රිය මිනිසුන් ගෙම්බන්ට සංසන්දනය කරයි, ඔවුන්ට කොපමණ හාදු දුන්නත් ඔවුන් කුමාරයන් වන්නේ නැත.
යම් ආකාරයකින් “යමෙකු” වීමේ ආසාව අත්හැරීමට නිදහස සොයා ගැනීම වෙනුවෙන් අපෝස්තුළු පාවුල්ගේ සාක්ෂිය ප්‍රතිරාවය කරයි. ඔහුට ක්‍රිස්තුස්වහන්සේව මුණගැසීමට පෙර, පැහැදිලිව “ඕනෑ නම් මට මාංසය කෙරෙහි පවා විශ්වාසය තබන්ට පුළුවන” (පිලිප්පි 3:4) යැයි පැවසීමට ඔහුට ආගමික අක්තපත්‍රවල ආකර්ශණීය දිගු ලැයිස්තුවක් තිබුණි.

නමුත් යේසුස්වහන්සේ හමුවීමෙන් සියල්ල වෙනස් විය. ක්‍රිස්තුස්වහන්සේගේ පරිත්‍යාගශීලී ප්‍රේමයේ ආලෝකය තුළ ඔහුගේ ආගමික ජයග්‍රහණ කෙතරම් හිස්දැයි දුටු විට, පාවුල් මෙසේ පාපොච්චාරණය කළේය, “මාගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඇඳින ගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. . . . ඒවා කුණුයයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස්වහන්සේ ලබාගන්නා පිණිසත්…..” (8 පදය) යනුවෙනි. ඔහුගේ එකම අභිලාෂය වූයේ “”උන්වහන්සේ සහ උන්වන්සේගේ නැවත-නැගිටීමේ බලයත් උන්වහන්සේගේ දුක්වල පංගුකාරකමත් දැනගන්නා පිණිසත්ය” (11 පදය).

ඇත්ත වශයෙන්ම, “යමෙකු” වීමට අප විසින්ම තනිවම උත්සාහ කිරීම දරුණු විය හැකිය. නමුත්, යේසුස්වහන්සේව දැන හඳුනා ගන්නවා යනු, උන්වහන්සේගේ ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමය සහ ජීවිතය තුළ අපව නැති කර ගෙන, අප කවුරුන්ද කියා සොයා ගැනීමය (9 පදය), එසේම අවසානයේ නිදහස් හා සම්පූර්ණ පුද්ගලයන් වීමය.