වසරක් පුරා මුදල් එකතු කර “ජීවිතයටම ලැබෙන විනෝද ගමනක්” යාම සඳහා ඔක්ලහෝමා උසස් පාසැලේ සිසුන් ගුවන්තොටුපොළට පැමිණි විටදී ඔවුන්ට දැන ගන්ට ලැබුණේ ඔවුන්ගෙන් බොහෝ අය ගුවන් ප්‍රවේශ පත්‍ර මිළදී ගෙන ඇත්තේ ව්‍යාජ සමාගමකින් බවය. “එය හදවත බිඳ දැමුවා වැනිය” කියා එක් පරිපාලකයෙක් කීවේය. එහෙත් ඔවුන්ගේ සැළසුම් වෙනස් කිරීමට සිදුවූවත් සිසුන් ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න තීරණය කළහ. ප්‍රවේශ පත්‍ර ලබා දුන්නාවූ ස්ථානය අසළ සිත් ඇදගත් ස්ථානයක ඔවුහු දින දෙකක් ගත කළහ.

අසාර්ථක වූ හෝ වෙනස් වූ සැළසුම් සමග ක්‍රියා කිරීම බලාපොරොත්තු බිඳ දමන අතර සමහර විට සිත්ද කම්පා කරවයි. ඒ විශේෂයෙන් අපගේ මුදල්, කාලය සහ හැඟීිම් ඒ සඳහා වැය කර තිබුණොත්ය. දාවිත් රජුට දෙවියන්වහන්සේට “නිවාසයක් ගොඩ නගන්ට … සිතේ තිබුණේය” (1 ලේකම් 28:2). නමුත් දෙවියන්වහන්සේ ඔහුට පැවසුවේ “නුඹ මාගේ නාමයට ගෘහයක් ගොඩ නොනගන්නේය. …. නුඹේ පුත්‍රවූ සාලමොන්ම මාගේ ගෘහයද මළුද සාදන්නේය” (3, 6 පද) යනුවෙනි. දාවිත් බලාපොරොත්තු කඩ කර ගත්තේ නැත. ඔහු තමාව ඉශ්‍රායලයේ රජු ලෙස තෝරා ගත් නිසා දෙවියන්වහන්සේට ප්‍රශංසා කළේය. එසේම ඔහුගේ සැළසුම් සාලමොන්ට භාර දී එය සම්පූර්ණ කරන්න යයි කීවේය (11-13 පද). ඔහු එසේ කරන විට ඔහුව දිරිමත් කළේය. “නුඹ ශක්තිමත්ව සවිව සිට ඒක ඉෂ්ට කරන්න. භය නොවන්න. නොකැලඹෙන්න. මක්නිසාද ….. ස්වාමීන්වහන්සේ නුඹ සමග වන සේක” (20 පදය).

අපගේ සැළසුම් අසාර්ථකවූ විට හේතුව කුමක් වූවත් “අපට සළකන” (1 පේත්‍රැස් 5:7) දෙවියන්වහන්සේ වෙතට අපගේ බලාපොරොත්තු කඩවීම් ගෙන ආ හැකිය. අපගේ බලාපොරොත්තු කඩවීම් ගැන ක්‍රියා කිරීමට අනුග්‍රහයෙන් යුතුව උන්වහන්සේ උපාකර කරන සේක.