කාලය ඊට වඩා අයහපත් නොවිය හැකිය. පාලම්, ස්මාරක සහ විශාල ගොඩනැගිලි සාදා කුඩා වස්තුවක් එකතු කර ගත් පසු සීසර් අලුත් ව්‍යාපාරයකට අත ගැසීමට බලාපොරොත්තු තබා ගෙන සිටියේය. ඒ හෙයින් ඔහු තම පළමු ව්‍යාපාරය විකුණා බැංකුවේ මුදල් තැන්පත් කළේ එය ඉක්මණින්ම ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙනි. ඒ සුළු කාලය අතරතුරදී ඔහුගේ රජය පුද්ගලික බැංකු ගිණුම් වල තිබූ සියලු ගිණුම් රාජ සන්තක කළේය. ක්‍ෂණයකින් සීසර්ගේ ජීවිත කාලය පුරාම ඉතිරි කළ මුදල් වාෂ්ප වී ගියේය.

අසාධාරණය පැමිණිලි කිරීමට හේතුවක් ලෙස නොසිතූ සීසර් ඉදිරියට යන පිළිවෙල තමන්ට පෙන්වන ලෙසට දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය. ඉන්පසුව ඔහු සරල ලෙස නැවතත් පටන් ගත්තේය.

එක් බියකරු මොහොතකදී තමාගේ වස්තුවට වඩා වැඩි දෙයක් යෝබ්ට නැතිවුනි. ඔහුට ඔහුගේ සේවකයන් බොහෝ දෙනෙක්ද දරුවන්ද නැති වුනි (යෝබ් 1:13-22). ඉන්පසුව ඔහුගේ සෞඛ්‍යය නැති වුනි (2:7-8). යෝබ්ගේ ප්‍රතිචාරය කාලයට සීමා නොවන්නාවූ ආදර්ශයකි. ඔහු මෙසේ යාච්ඤා කළේය : “නග්නව මවු කුසින් ආවෙමි. එසේම නග්නව හැරී යන්නෙමි. ස්වාමීන්වහන්සේ දුන් සේක. ස්වාමීන්වහන්සේ ගත් සේක. ස්වාමීන්වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා” (1:21). පරිච්ඡේදය අවසන් වන්නේ “මේ සියල්ලේදී යෝබ් පව් කළේවත් අඥානකමින් දෙවියන්වහන්සේට දොස් තැබුවේවත් නැත” (22 පදය) යනුවෙනි.

යෝබ් මෙන් සීසර්ද දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට තෝරා ගත්තේය. වසර කිහිපයකට පසු ඔහු පළමු ව්‍යාපාරයටත් වඩා සාර්ථක ලෙස නව ව්‍යාපාරයක් ගොඩ නැගීය. ඔහුගේ කථාව යෝබ්ගේ අවසානයට සමාන වේ (යෝබ් 42 බලන්න). සීසර්ගේ ආර්ථිකය නැවත කිසිදා සාර්ථක නොවූවත් තමන්ගේ සත්‍ය වස්තුව මෙලොව නොවන බව ඔහු දැන සිටියේය (මතෙව් 6:19-20). ඒත් ඔහු දෙවියන්වහන්සේව විශ්වාස කරනු ඇත.