දේව වචනය පිළිබඳ පුහුණුව
1800 ගණන්වල අගභාගයේදී, විවිධ ස්ථානවල මිනිසුන් එකම දේව සේවයේ සම්පත් එකම අවස්ථාවේදීම වර්ධනය කර ගත්හ. පළමුවැන්න 1877 දී කැනඩාවේ මොන්ට්‍රියල් හි ය. 1898 දී ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ තවත් සංකල්පයක් දියත් කරන ලදී. 1922 වන විට, මෙම වැඩසටහන් වලින් පන්දහසක් පමණ සෑම ගිම්හානයකම උතුරු ඇමරිකාවේ ක්‍රියාත්මක විය.
මේ ආකාරයට නිවාඩු කාලයේ බයිබල් පාසලේ මුල් ඉතිහාසය ආරම්භ විය. එම වී.බී.එස්. පුරෝගාමීන්ට…
යේසුස්වහන්සේව දැකීම
මාස හතරක් වයසැති ලියෝ තම දෙමාපියන් නොදුටුවේය. ඔහු උපත ලැබුවේ ඔහුගේ පෙනීම නොපැහැදිලි වූ දුර්ලභ තත්ත්වයක් සමඟිනි. ඔහුට එය ඝන මීදුමක ජීවත් වෙන්නාක් මෙන් වුනි. නමුත් පසුව අක්ෂි වෛද්‍යවරු ඔහුට විශේෂ ඇස් කන්නාඩි කට්ටලයක් සවි කළහ.
ලියෝගේ අම්මා අලුත් කණ්නාඩි පළමු වතාවට ඔහුගේ ඇස් මත තබන වීඩියෝවක් දරුවාගේ පියා විසින් සමාජ මාධ්‍යයේ පළ කරණ ලදී. ලියෝගේ දෑස් සෙමෙන් අප වෙත…
ස්වාමීනි, ඔබ කවුරුන්ද?
වයස අවුරුදු 16 දී, ලුයිස් රොඩ්රිගස් කොකේන් නම් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් සිරගතව සිටියේය. නමුත් දැන්, මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, ඔහු නැවත සිරගතව සිටියේ, ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලැබේදැයි කියා සිතමින්ය. නමුත් දෙවියන්වහන්සේ ඔහුගේ වරදකාරී තත්ත්වයට කථා කළ සේක. ඔහු සිරගතව සිටි කාලයේදී, තරුණ ලුයිස්ට ඔහුගේ මව විශ්වාසවන්තව ඔහුව දේවස්ථානයට ගෙන ගිය ඔහුගේ මුල් කාලය සිහිපත් විය. ඔහුට දැන්…
ජීවිතයේ අර්ථය
ආර්ජන්ටිනාවේ ලේඛක ජෝර්ජ් ලුයි බෝර්ගේස්ගේ කෙටිකතාවක රෝම සොල්දාදුවෙකු වන මාකස් රූෆස් “මරණයට ආසන්නව සිටින මිනිසුන්ව පවිත්‍ර කරන රහස් ගංගාවකින්” ඔහු පානය කරන බව පවසයි. කෙසේ වෙතත්, කාලයාගේ ඇවෑමෙන්, මාකස් තේරුම් ගන්නේ සදාකාලික බව යනු කියනාකාරයේ දෙයක් නෙවන බවයි: එනම්, සීමාවන් නොමැති ජීවිතයක් යනු වැදගත්කමක් නැති ජීවිතයකි. ඇත්ත වශයෙන්ම, ජීවිතයට අරුතක් ලබා දෙන්නේ මරණයයි. මාකස් ප්‍රතිවිරෝධකයක් සොයා ගනියි - එනම්, ඉතා…
දෙවියන්වහන්සේගේ ප්‍රේමය
1917 දී කැලිෆෝනියා ප්‍රාන්තයේ ව්‍යාපාරිකයෙකු වූ ෆ්රෙඩ්රික් ලීමන් මූල්‍යමය පසුබෑමකින් පීඩා විඳිමින් “දෙවියන්වහන්සේගේ ප්‍රේමය” ගීතයට පද රචනා කළේය. ඔහුගේ ක්ෂණික නිර්මාණාත්මක සිතුවිල්ල නිසා, ඔහු ඉක්මනින් පළමු පද මාලා දෙක ලිවීමට යොමු වූ නමුත් ඔහුට තුන්වන පද මාලාව ලිවීමට අපහසු විය. වසර ගණනාවකට පෙර සිරගෙදර බිත්තිවල ලියා තිබූ කවියක් ඔහු සිහිපත් කළේය. දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ප්‍රකාශ කරමින් සිරකරුවෙකු විසින්…
ආයු අපේක්ෂාව
1990 දී ප්‍රංශ පර්යේෂකයන්ට පරිඝණක ගැටලුවක් ඇති විය: එනම්, ජීන් කැල්මන්ට්ගේ වයස සැකසීමේදී දත්ත දෝෂයක් ඇති විය. ඇය වයස අවුරුදු 115 ක් වූ අතර, පරිගණක වැඩසටහනේ ප්‍රමිතීන්ගෙන් පිටත වයසකි. පරිගණක ඉන්ජිනේරුවන් උපකල්පනය කළේ කිසිවෙකුට එතරම් කාලයක් ජීවත් විය නොහැකි බවයි! ඇත්ත වශයෙන්ම, ජීන් වයස අවුරුදු 122 දක්වා ජීවත් විය.
ගීතිකාකරු මෙසේ ලියයි, “අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු…
කාලය පිළිබඳ බීජ
1879 දී, විලියම් බීල්ව නරඹන අය සමහර විට සිතන්න ඇත්තේ ඔහු මෝඩයෙක් කියාය. උද්භිද විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා විවිධ බීජ වලින් බෝතල් විස්සක් පුරවා ගැඹුරු පස්වල වළලනු ඔවුන් දකිනු ඇත. ඔවුන් නොදැන සිටි දෙය නම් බීල් විසින් සියවස් ගණනාවක් පුරා මෙම බීජ වලට ජීවත් විය හැකිද කියා අත්හදා බැලීමක් සිදු කරන බවයි. සෑම වසර විස්සකට වරක් බෝතලයක් හාරා එහි බීජ පැලකර,…
සංචාරයේ කරුණාගුණය
ඔබට ඔබේ ගමන එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ඇයි යන අරුත ඇති “වයි” නම් දූවිලි සහිත නගරයකින් ආරම්භ කළ හැකිය. රට හරහා ගමන් කරද්දී ඔබව ටෙක්සාස් ප්‍රාන්තයේ “අන්සර්ටන්” එනම් ස්ථිර නොවූ යන අරුත ඇති ප්‍රදේශය හරහා ගෙන යනු ඇත. ඊසාන දෙසින් ඔබ නෙසි ප්‍රාන්තයෙහි ඛේදජනක යන අරුත ඇති ඩිස්මල් හි විවේකයක් සඳහා නවතිනු ඇත. අවසානයේදී ඔබ ඔබේ ගමනේ අවසානය වන පෙන්සිල්වේනියාවේ…
යහපත් ක්‍රියාවක්
චාර්ල්ස් ස්පර්ජන් යෞවන වියේදී දෙවියන්වහන්සේ සමග පොර බැදුවේය. ඔහු කුඩා කල සිටම දේවස්ථානයට යාමට පුරුදුව සිටි නමුත් දේශනාවේ ඇල් මැරුණු ස්වභාවයක් සහ අර්ථ විරහිත භාවයක් දුටුවේය. දෙවියන්වහන්සේව විශ්වාස කිරීම ඔහුට අරගලයක් වූ අතර චාර්ල්ස් ඔහුගේම වචන වලින් කීවේ තමා “කැරළි ගැසූ” බවයි. එක් රාත්‍රියක දරුණු හිම කුණාටුවක් නිසා දහසය හැවිරිදි ස්පර්ජන්ට කුඩා මෙතෝදිස්ත දේවස්ථානයක ආරක්ෂාව සෙවීමට සිදු වුනි. දේවගැතිවරයාගේ දේශනාව…
සේවය කිරීමට එකට ගොඩ නගා ඇත
ග්‍රාමීය ආමිෂ් සංස්කෘතිය තුළ ධාන්‍යාගාරයක් සාදා ගැනීම සමාජ සිදුවීමකි. තනි ගොවියෙකුට සහ ඔහුගේ පවුලට ධාන්‍යාගාරයක් සෑදීමට මාස කිහිපයක් ගත වනු ඇත. නමුත් ආමිෂ් ප්‍රජාව එකට එය සිදු කරන හෙයින් ඉක්මණින් කර ගනිති. දැව කල් තියා ගබඩා කර ගනිති. මෙවලම් සුදානම්ව තිබේ. නියමිත දිනයේදී මුලු ආමිෂ් ප්‍රජාවම වේලාසනින් නැගිට වැඩ බෙදා ගෙන එකට ධාන්‍යාගාරය ගොඩ නැගිමට එක් වෙති. සමහර විටදී දිනක්…