‘අසාමාන්‍ය හා විචිත්‍රවත් පෙනුම හෝ හැසිරීම නිසා විශේෂ අවධානයක් ආකර්ශණය කරන’ ඔත්තුකරුවන් හොලිවුඩය අපට ලබා දෙයි, එනම්, ඉතා දීප්තිමත් ඇස්ටන්-මාටින් සහ අනෙකුත් සුඛෝපභෝගී ක්‍රීඩා මෝටර් රථවල රියදුරන් වේ. නමුත් ඇමෙරිකාවේ සිටි මධ්‍යම බුද්ධි ඒජන්සිය නොහොත් සී.අයි.ඒ. ප්‍රධානියෙකු වන ජොනා මෙන්ඩෙස් සැබෑ දෙයෙහි ප්‍රතිවිරුද්ධ චිත්‍රයක් මවා ඇත. රහස් පරීක්ෂක නියෝජිතයෙක් “විස්තර කිරීමට නුපුළුවන්, පෙනුමක් නැති කෙනෙකු විය යුතුය” කියා ඇය පවසයි. “ඔබට අවශ්‍ය වන්නේ ඔවුන්ව අමතක කළ හැකි වීමයි.” හොඳම නියෝජිතයන් වන්නේ නියෝජිතයන් ලෙස අවම වශයෙන් හෝ පෙනී සිටීමට ඉඩ නැති අයයි.

ඊශ්‍රායෙල් ඔත්තුකරුවන් දෙදෙනෙකු යෙරිකෝවට රහසින් ගිය විට, ඔවුන්ව රජුගේ සොල්දාදුවන්ගෙන් සඟවා තැබුවේ රාහබ් ය (යොෂුවා 2:4). පෙනෙන විදිහට දෙවියන්වහන්සේ ඔත්තු බැලීමේ නියෝජිතයෙකු ලෙස සේවයේ යෙදවීමට අවම වශයෙන් ඉඩ ඇති පුද්ගලයා ඇය විය, මන්ද ඇයට එරෙහිව සාධක තුනක් තිබුණි: ඇය කානානිය වැසියෙක්, කාන්තාවක් සහ ගණිකාවක් වීමය. නමුත් රාහබ් ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට පටන් ගෙන තිබුණි.: “නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේම ඉහළ ස්වර්ගයෙහිද . . . දෙවියන්වහන්සේය” (11 පදය). ඇය දෙවියන්වහන්සේගේ ඔත්තුකරුවන් වහලය මත හණ යට සඟවා, ඔවුන්ගේ නිර්භීත පලායාමට උදව් කළාය. දෙවියන්වහන්සේ ඇගේ ඇදහිල්ලට විපාක දුන් සේක: “යෝෂුවා ඈට සහ ඇගේ පියාගේ පවුලටද ඈට අයිති සියල්ලන්ටද ජීවත් වෙන්ට ඉඩ හැරියේය” (6:25).

අපි දෙවියන්වහන්සේ විසින් භාවිතා කිරීමට ඉඩකඩ ඇති අවම කෙනෙකු හැටියට අපට හැඟෙන්නට පුළුවනි. සමහර විට අපට ශාරීරික සීමාවන් තිබිය හැකිය, නායකත්වය දීමට තරම් “දීප්තිමත්” බවක් පෙනෙන්නේ නැත, නැතහොත් කිළිටි අතීතයක් තිබිය හැකිය. නමුත් ඉතිහාසය පිරී ඇත්තේ දෙවියන්වහන්සේ විසින් මුදවාගත් “නොවැදගත්” ඇදහිලිවන්තයන්ගෙනි. ඒ උන්වහන්සේගේ රාජධානිය සඳහා විශේෂ මෙහෙවරක් ලබා දුන් රාහබ් වැනි අයයි. සහතික විය හැකි කරුණක් වන්නේ අප වැනි අවම වශයෙන් පාවිච්චි කරයි කියා සිතන අයට පවා උන්වහන්සේගේ දිව්‍යමය අරමුණක් ඇති හෙයිනි.