ජිල් ප්‍රයිස් උපත ලැබුවේ යහිපර්තිමීසියා (අධි ශරීර ඌෂ්ණය) රෝගය සමගය. ඇයට සිදුවූ සෑම දෙයක්ම අති විශේෂිත විස්තර සහිතව ඇයට මතක තබා ගැනීමේ හැකියාව තිබුණි. ඇගේ ජීවිත කාලය තුළදී ඇය අත්දුටු සෑම සිද්ධියක්ම එලෙසම මනසින් නැවත සිහිකර ගැනීමට ඇයට හැකි වුනි.

රූපවාහිනී වැඩ සටහනක් වූ “අමතක නොවන” යන්න පදනම් වී තිබුණේ හයිපර්තිමීසියා තිබූ පොලිස් කානත්වක් මතය. අගයක් නැති ක්‍රීඩාවලදී ඇය දැක්වූ දක්‍ෂතා සහ අපරාධ නිරාකරණය කර ගැනීමට ඇයට මෙය ඉවහල් විය. කෙසේ වෙතත් ජිල් ප්‍රයිස්ට නම් එම තත්ත්වය එතරම් විනෝදජනක නොවීය. ඇය විවේචනයට භාජන වූ අවස්ථාවන්ද අත්දුටු පරාජයන්ද එසේත් නැත්නම් තදින් පසුතැවිලි වීම සඳහා ඇය කළ දේවල්ද ඇයට අමතක කළ නොහැකි විය. ඇය එම අවස්ථා තම මනසින් නැවත නැවතත් විකාශය කර ගත්තාය.

අපගේ දෙවියන්වහන්සේ සර්වඥ (සියල්ල දන්නා) කෙනෙකි. (සමහර විට දිව්‍ය හයිපර්මිතීසියා වර්ගයකි). බයිබලයේ දැක්වෙන්නේ උන්වහන්සේගේ අවබෝධයට සීමාවක් නැති බවයි. නමුත් යෙසායා හි, අපට හමුවන්නේ වඩාත් සහතික වන කරුණකි. “මම, මමම, මා නිසා නුඹේ පාපවල් සිහි නොකොට නුඹේ වරද මකා දමන තැනන්වහන්සේය” (43:25) කියාය. හෙබ්‍රෙව් පොත මෙය තවත් බලවත් කරයි. “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ …. අපි පිරිසිදු කරනු ලැබ සිටිමුව. (අපගේ) පාපවල් සහ අධර්මිෂ්ඨකම් තවත් සිහි නොකරන්නෙමි” (හෙබ්‍රෙව්10:10, 17).

අපි අපගේ පාප දෙවියන්වහන්සේට ප්‍රකාශ කරද්දී ඒවා නැවත නැවතත් අපගේ මනසේ ක්‍රියාත්මක වන එක අපට නැවැත්විය හැකිය. උන්වහන්සේ කරන්නාක් මෙන් අපි ඒවා යන්ට හැරිය යුතුය. “පළමු කාරණා සිහි නොකරල්ලා. පුරාණ දේවල්ද කල්පනා නොකරල්ලා” (යෙසායා 43:18). උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රේමයෙන් අපට විරුද්ධව ඇති අපගේ පාප මතක් නොකිරීමට දෙවියන්වහන්සේ තීරණය කරන සේක. අපි එය මතක තබා ගනිමු.