මගේ මවගේ දිලිසෙන රතු කුරුසිය පිළිකා ගිලන් මධ්‍යස්ථානයේ ඇයගේ ඇඳ අසළ එල්ලෙමින් තිබිය යුතු විය. එසේම ඇයගේ ප්‍රතිකාර වැඩ සටහන් අතරතුර විවේකයන් තුළ ඇය බැලීමට මා යා යුතු විය. නත්තලට මට අවශ්‍යය වූ එකම දෙය නම් මගේ මව සමග තවත් දිනයකි. ඒ වෙනුවට …. මම ව්‍යාජ ගසක ඇගේ කුරුසිය එල්ලමින් නිවසේ සිටියෙමි.

මගේ පුතා සේවියර් විදුලි ආලෝකය දැල්වූ විට මම “ස්තුතියි” කියා කෙඳිරුවෙමි. ඔහුද ස්තූතියි කියමින් ප්‍රතිචාර දැක්වීය. විටින් විට දැල්වෙන විදුලි බල්බයන් සදා පවතින බලාපොරොත්තුවේ ආලෝකය වන යේසුස්වහන්සේ වෙතට මගේ දෑස් හැරවීමට යොදා ගත් නිසා මම දෙවියන්වහන්සේට ස්තූති කළ බව මගේ පුතා දැන සිටියේ නැත.

ගීතාවලිය 42 කර්තෘ ඔහුගේ නැවුම් හැඟීම් දෙවියන්වහන්සේට ඉදිරිපත් කරයි (1-4 පද). පාඨකයන් දිරිගැන්වීමට පෙර ඔහු තම මලානික කැළඹුණු ආත්මය පිළිගත්තේය : “දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙව…. මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි” (5 පදය). වේදනාවන් සහ දුක් පීඩා ඔහුව යටපත් කර ගෙන තිබුණත් පසුගිය කාල වලදී දෙවියන්වහන්සේ දැක්වූ විශ්වාසවන්තකමේ මතකයන් තුළින් ගීතිකාකරුගේ බලාපොරොත්තුව බැබළුණි (6-10 පද). ඔහු අවසන් කරන්නේ ඔහුගේ සැකයන් ගැන ප්‍රශ්න කරමින් සහ නැවත අලුත් වූ ඔහුගේ ඇදහිල්ල ගැන සහතික වෙමිනි : “එම්බා මාගේ ආත්මය, මක්නිසා මළානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැළඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙව. … මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි” (11 පදය).

අප බොහෝ දෙනෙකුට නත්තල් සමය ප්‍රීතිය සහ දුක ඉස්මතු කරයි. ස්තුතිවන්ත විය හැකි කරුණක් නම් සත්‍යය ආලෝකයේ බලාපොරොත්තුව වන යේසුස්වහන්සේ තුළින් මෙම මිශ්‍ර හැඟීම් පවා සමථයකට පත් කර නිදහස් කළ හැකි වීමයි.