1961 සිට පවුලේ අය සහ මිතුරන් වෙන් කර තැබුවේ බර්ලින් තාප්පයයි. එම වසරේදී නැගෙනහිර ජර්මානු රජය විසින් තම සෙනග බටහිර ජර්මනියට පැන යාම වැළැක්වීම සඳහා එය ගොඩ නැගීය. කෙසේ වෙතත් 1949 සිට මෙම බාධකය ගොඩ නගන තුරු නැගෙනහිර ජර්මානුවන් මිලියන 2.5 ක් බටහිරට පලා ගොස් ඇති බවට ගණන් බලා තිබේ. 1987 දී එක්සත් ජනපද ජනාධිපති රොන්ල්ඞ් රේගන් තාප්පය අසළ සිට “මෙම පවුර කඩා දමන්න” යන සුප්‍රසිද්ධ වැකිය කියා සිටියේය. 1989 දී පවුර කඩා දැමීමෙන් සිදුවූ උච්චත්වයට පැමිණි වෙනස ඔහුගේ වචන ආවර්ජනය කළේය. එය ජර්මනියේ ප්‍රීතිමත් නැවත එක්සත් වීමේ අවස්ථාවට මග පෑදීය.

එපීස 2:14 හි පාවුල් ලියන්නේ යේසුස්වහන්සේ විසින් “වෙන් කිරීමේ මද භිත්තිය” බිඳ දැමූ බවයි. එම භිත්තිය තිබුණේ යුදෙව්වන් (දෙවියන්වහන්සේ තෝරාගත් සෙනග) සහ අන්‍යජාතීන් (අනිත් සියලු මනුෂ්‍යයන්) අතරය. එය සංකේතවත් කළේ යෙරුසලමේ මහා හෙරෝද් විසින් ඉදි කරන ලද පැරණි දේව මාළිගාවේ වෙන් කරන ලද භිත්තියයි. අන්‍ය ජාතීන්ට ඇතුල් මළුව දැකිය හැකි වූ නමුත් ඔවුන්ට පිට මළුවෙන් එහාට ඇතුල්වීම මෙම භිත්තිය නිසා වැළකුණි. නමුත් යේසුස්වහන්සේ යුදෙව්වන් සහ අන්‍ය ජාතීන් අතරද දෙවියන් වහන්සේ සහ සියලු මනුෂ්‍යයන් අතරද සමාදානය සහ සමගිය ගෙන ආ සේක. උන්වහන්සේ එසේ කළේ කුරුසියේ උන්වහන්සේගේ මරණයෙන් “වෙන්කිරීමේ මැද භිත්තිය කඩා බිඳ දමා”ය (14 සහ 16 පද). සැමටම ක්‍රිස්තුස්වහන්සේ තුළ එක්සත් වීමට සමාදානයේ යහපත් ආරංචිය හා හැකියාව ලබා දුන්නේය (17 සහ 18 පද).

අද බොහෝ දේවල්වලට අපව වෙන් කළ හැකිය. දෙවියන්වහන්සේ අපට අවශ්‍ය දේවල් සපයන හෙයින් යේසුස් වහන්සේ තුළ හමුවන සමාදානය සහ එක්සත් කමෙන් ජීවත් වීමට වෙර දරමු.