Archives: නොවැම්බර් 2023

දෙවියන්වහන්සේව විශ්වාස කිරීම

මට ඉක්මනින් බෙහෙත් වර්ග දෙකක් අවශ්‍ය වී තිබුණි. එක් බෙහෙතක් මගේ මවගේ අසාත්මිකතා සඳහා වන අතර අනෙක මගේ ලේලියගේ දද සඳහා ය. ඔවුන්ගේ අසහනය නරක අතට හැරෙමින් තිබු නමුත් තවදුරටත් ඔසු සල්වල ඖෂධ නොතිබුණි. බලාපොරොත්තු සුන් වූ සහ අසරණ වූ මම ස්වාමීනි, කරුණාකර ඔවුන්ට උපකාර කළ මැනව කියා නැවත නැවතත් යාච්ඤා කළෙමි,

සති කිහිපයකට පසු, ඔවුන්ගේ තත්ත්වයන් පාලනය කළ හැකි…

මෘදු කට හඬක් පමණි

ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ මහා මධ්‍යම දුම්රිය ස්ථානයේ ඝෝෂාකාරී ප්‍රදේශයෙහි ඉතා සියුම් කටහඬක් පවා හොඳට ඇසෙන ප්‍රදේශය ධ්වනි ක්ෂේම භූමියකි. මෙම සුවිශේෂී ස්ථානය මිනිසුන්ට අඩි තිහක දුර සිට සියුම් හඬින් පණිවුඩ සන්නිවේදනය කිරීමට ඉඩ සලසයි. එක් අයෙක් කළුගල් ආරුක්කුවක පාමුල සිටගෙන බිත්තියට මෘදු ලෙස කතා කරන විට, ශබ්ද තරංග ඊට එහායින් සිටින ශ්‍රාවකයා වෙත වක්‍ර වූ ගල මතින් ඉහළට ගමන්…

දයානුකම්පාවේ කුසලතාව

“ඔබේ පාදයට කටුවක් ඇතුල් වී ඇත. ඔබ රාත්‍රියේදී හඬන්නේ ඒ නිසාය” කියා දහහතරවන සියවසේ සියෙනාහි කැතරින් ලීවාය. ඇය තවදුරටත් කියා සිටියේ, “එය ඉවතට අදින්න පුළුවන් අය මෙලොව සිටිති. මෙම දක්ෂතාවය ඔවුන් දෙවියන්වහන්සේගෙන් ඉගෙනගෙන ඇත” යනුවෙනි. කැතරින් තම ජීවිතය කැප කළේ එම “දක්ෂතාවය” වර්ධනය කර ගැනීම සඳහා වන අතර, අන් අයගේ වේදනාවන්හිදී සංවේදී වීම සහ අනුකම්පාව දැක්වීම සඳහා ඇයගේ කැපී පෙනෙන…

දෙවියන්වහන්සේ උදෙසා සේවය කිරීම

2022 සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේ එලිසබෙත් රැජින අභාවප්‍රාප්ත වූ විට අවමංගල්‍ය පෙරහැරේ ගමන් කිරීමට සොල්දාදුවන් දහස් ගණනක් සේවයේ යොදවා තිබුණි. විශාල ජනකායක් තුළ ඔවුන්ගේ තනි භූමිකාවන් නොපෙනී යන්නට ඇති නමුත් බොහෝ දෙනෙක් එය උතුම්ම ගෞරවය ලෙස සැළකූහ. එක් සොල්දාදුවෙක් පැවසුවේ “එය මහරැජින වෙනුවෙන් අපගේ අවසන් රාජකාරිය කිරීමට අවස්ථාවක්” බවයි. මෙම හමුදා භටයාට එය ඔහු කළ දේ නොව නමුත් ඔහු එම ක්‍රියාව…

මම කවුරුන්ද?

ප්‍රාදේශීය ක්‍රිස්තියානි සේවයක් සඳහා නායකත්ව කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස, මගේ කාර්්‍යයේ කොටසක් වූයේ කණ්ඩායම් සාකච්ඡා නායකයින් ලෙස අප හා එක්වන ලෙස වෙනත් අයට ආරාධනා කිරීමයි. මගේ ආරාධනා පත්‍ර මගින් කැප කිරීමට අවශ්‍ය කාලය ගැන විස්තර කර ඇති අතර රැස්වීම් වලදී සහ සාමාන්‍ය දුරකථන ඇමතුම් වලදී නායකයින්ට ඔවුන්ගේ කුඩා කණ්ඩායම්වල සහභාගිවන්නන් සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය ක්‍රම විස්තර කර ඇත. නායකයෙකු වීමට ඔවුන්…