“ද ඇට්ලෑන්ටික්” සඟරාවට ලියමින්, කතුවර ආතර් සී. බෲක්ස් පවසන්නේ, ලොව විශාලතම චීන චිත්‍ර එකතුවක් අඩංගු තායිවානයේ ජාතික මාලිගා කෞතුකාගාරයට ගිය ගමන ගැනයි. කෞතුකාගාර මාර්ගෝපදේශකයා ඔහුගෙන් මෙසේ විමසුවේය,
“තවමත් ආරම්භ කිරීමට නියමිත කලා කෘතියක් ගැන සිතීමට මා ඔබෙන් ඉල්ලා සිටින විට ඔබ සිතන්නේ කුමක්ද?”. බෲක්ස් පිළිතුරු දෙමින්, “හිස් කැන්වසයක්, මම අනුමාන කරමි” යනුවෙනි. එයට මාර්ගෝපදේශකයාගේ පිළිතුරු වූයේ, “එය බැලීමට තවත් ක්‍රමයක් ඇත: කලාව දැනටමත් පවතී, කලාකරුවන්ගේ කාර්ය වන්නේ එය හෙළිදරව් කිරීමය” කියාය.

එපීස 2:10 හි, හස්ත කර්මාන්තය යන වචනය, සමහර විට “ශිල්පීය කුසලතාවය” හෝ “ශ්‍රේෂ්ඨ කෘතිය” ලෙස පරිවර්තනය කර ඇති අතර, එය “පොයෙමා” යන ග්‍රීක වචනයෙන් වේ. සිංහල භාෂාවේ “කවිය” සහ ඉංග්‍රීසි භාෂාවේ “පොයෙට්රි” යන වචනය ලබා ගෙන ඇත්තේ එයිනි. දෙවියන්වහන්සේ අපව නිර්මාණය කර ඇත්තේ කලා කෘති නොහොත් ජීවමාන කවි ලෙස ය. කෙසේ වෙතත්, අපගේ කලාව අඳුරු වී ඇත: “නුඹලා නුඹලාගේ වරද සහ පාප කරණකොටගෙන මැරී සිටියෝය” (1 පදය). කෞතුකාගාර මාර්ගෝපදේශකයාගේ වචන වෙන ආකාරයකින් කියනවා නම්, “(අපේ) කලාව දැනටමත් පවතී, එය හෙළි කිරීම දිව්‍ය කලාකරුවාණන්ගේ කාර්යකි.” ඇත්ත වශයෙන්ම, දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ කෘති වන අපව උන්වහන්සේ යථා තත්ත්වයට පත් කරමින් සිටින සේක: “නුමුත් දෙවියන්වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටින සේක්, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අප ජිවත් කර” යනුවෙන් ලියා ඇත (4-5 පද).
අප අභියෝග සහ දුෂ්කරතා මැදින් ගමන් කරන විට, දිව්‍ය කලාකරුවාණෝ ක්‍රියා කරන බව දැන ගැනීමෙන් අපට සැනසීමක් ලැබිය හැකිය: “මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමති වෙන්ටත් වැඩ කරන්ටත් නුඹලා තුළ ක්‍රියා කරන්නේ දෙවියන්වහන්සේමය” (පිලිප්පි 2:13). උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ නිර්මාණය එළිදරව් කිරීමට දෙවියන්වහන්සේ ඔබ තුළ ක්‍රියා කරන බව දැනගන්න.