අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Kirsten Holmberg

කර්ස්ටන් හොම්බර්ග්

..

කර්ස්ටන් හොම්බර්ග් විසින් රචිත ලිපි

සංගීත වෛද්‍ය ක්‍රමය

ඇමෙරිකාවේ උතුරු ඩැකෝටා හි පිළිකාවක් හේතුවෙන් පස් හැවිරිදි බෙලා නමැති දැරිය රෝහල් ගත කළ විට, ඇයගේ ප්‍රතිකාරයේ කොටසක් ලෙස ඇයට සංගීත ප්‍රතිකාර ලබා දෙන ලදී. තමන්ගේ මනසට සංගීතයේ ප්‍රබල බලපෑම බොහෝ අය අත් විඳ තිබුණත්, එයට හේතුව නිවැරදිව වටහා නොගෙන තිබුණ අතර, පර්යේෂකයන් මෑතකදී එයින් ලැබෙන සායනික ප්‍රතිලාභයන් ලේඛනගත කර ඇත. බෙලා වැනි පිළිකා රෝගීන්ට සහ පාකින්සන් රෝගයෙන්, ඩිමෙන්ශියාවෙන් සහ…

ඔබේ හදවත ආරක්ෂා කර ගන්න

හංගේරියානු ජාතික ගණිතඥයෙකු වන ඒබ්‍රෑහැම් වෝල්ඩ් 1938 දී එක්සත් ජනපදයට පැමිණීමෙන් පසු දෙවන ලෝක යුද්ධයේ ක්‍රියාන්විතයන් සඳහා ඔහුගේ කුසලතා ලබා දුන්නේය. හමුදාව තම ගුවන් යානා සතුරු ප්‍රහාරයෙන් ආරක්ෂා කර ගැනීමට ක්‍රම සොයමින් සිටියේය. මෙය සඳහා වෝල්ඩ් සහ සංඛ්‍යාන පර්යේෂණ කණ්ඩායමේ ඔහුගේ සගයන්ට සතුරු ප්‍රහාරයෙන් ආරක්ෂා වීම සඳහා මිලිටරි ගුවන් යානා වඩා හොඳින් ආරක්ෂා කරන්නේ කෙසේදැයි සොයා බැලීමේ මෙම කාර්ය භාර…

කැදලි (කූඩු) ඇති ස්ථානයක්

සෑන්(ඞ්) මාර්ටින් යනු වැහිලිහිණියාට සම්බන්ධ කුඩා පක්ෂීන් විශේෂයක් වන අතර උන් ගං ඉවුර හාරා උන්ගේ කූඩු තනා ගනී. ගිණිකොන එංගලන්තයේ ඉඩම් සංවර්ධනය නිසා උන්ගේ වාසස්ථාන අඩු වූ අතර සෑම වසරකම ශීත ඍතුවේ සංක්‍රමණයෙන් ආපසු පැමිණෙන විට මෙම පක්ෂින්ට කූඩු සෑදීමට ස්ථාන අඩු විය. ප්‍රදේශයේ සංරක්ෂකයින් ක්‍රියාත්මක වෙමින් උන්ව පදිංචි කිරීම සඳහා දැවැන්ත කෘත්‍රිම වැලි බැම්මක් ඉදි කළහ. වැලි නිර්මාණ කරන…

එකම ආකාරයට ස්පන්දනය වීම

මැවීමේ ආරම්භයේ සිටම කතාන්දර මිනිසුන්ව ආකර්ශණය කර ගත්තේය. එනම්, මෙම කථා ලිඛිත භාෂාව පැවතීමට බොහෝ කලකට පෙර දැනුම බෙදා හැරීමේ මාර්ගයක් ලෙස ක්‍රියා කළේය. කතාන්දරයක් ඇසීමෙන් හෝ කියවීමෙන් සහ “එකමත් එක රටක” වැනි ආරම්භක පේළි වලින්, වහාම ඇති වන සතුට අපි කවුරුත් දනිමු. කතාවක බලය හුදු රසවින්දනයෙන් ඔබ්බට විහිදෙන බව පෙනේ: එනම්, අපි එකට කතාවකට සවන් දෙන විට, අපගේ හද…

තල්මහ ආච්චි අම්මා

පර්යේෂකයන් විසින් “ග්‍රැනී” එනම් ආච්චි අම්මා ලෙස නම් කර ඇති ඕර්කා වර්ගයේ තල්මසෙකු, පෙනෙන ආකාරයට, ඇගේ මුණුපුරාගේ පුත්‍රයා වූ තල්මස් පැටවාගේ ජීවිතය තුළ ඇයගේ භූමිකාවේ වැදගත්කම දැන සිටියේය. තල්මස් පැටියාගේ මව මෑතකදී මිය ගොස් ඇති අතර, අනාථ වූ තල්මස් පැටියාට ආරක්ෂාව සහ උපකාර නොමැතිව වර්ධනය වීමට තරම් වයසක් තවම නොවීය. නමුත් තල්මස් ආච්චි, වයස අවුරුදු අසූවක් (හෝ ඊට වැඩි) වුවද,…

සත්‍යයන් දෙකක්

දශක තුනකට පසු, ෆෙං ලුලු, ඇගේ උපන් පවුල සමඟ නැවත එක් විය. කුඩා දරුවෙකු ලෙස ඇය නිවසින් පිටත සෙල්ලම් කරමින් සිටියදී ඇයව පැහැර ගැනීමකට ලක්වූ නමුත් සමස්ථ චීන කාන්තා සම්මේලනයේ සහාය ඇතුව ඇයව සොයා ගන්නා ලදී. ඇයව පැහැරගෙන යන විට ඇය ඉතා කුඩා දරුවෙකු වූ නිසා, ෆෙං ලුලු ට එය මතක නැත. ඇගේ දෙමාපියන්ට ඇයව තබා ගැනීමට මුදල් නොතිබූ නිසා…

දෙවියන්වහන්සේගේ ශක්තිය තුළ ආත්ම දමනය

1972 අධ්‍යයනයක් “මාෂ්මෙලෝ පරීක්ෂණය” ලෙස හඳුන්වනු ලැබුවේ දරුවන්ගේ ආශාවන් තෘප්තිමත් කිරීම ප්‍රමාද කිරීමට ඇති හැකියාව මැන බැලීම සඳහා ය. ළමයින්ට රස විඳීමට මාෂ්මෙලෝ එක බැගින් පිරිනමන ලදී. නමුත් විනාඩි දහයක් එය අනුභව කිරීමෙන් වැළකී සිටිය හැකි නම්, ඔවුන්ට දෙවන මාෂ්මෙලෝවක් ලබා දෙන බව දන්වන ලදී. ළමයින්ගෙන් තුනෙන් එකක් පමණ විශාල ත්‍යාගය සඳහා රැඳී සිටියහ. තවත් තුනෙන් එකක් තත්පර තිහක් ඇතුළත…

නැණවත් ලෙස තෝරාගන්න

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමනක් යාමට නියමිතව සිටි ගුවන් යානා කාර්ය මණ්ඩලයේ අණදෙන නිලධාරියා වන අභ්‍යවකාශගාමි ක්‍රිස් ෆර්ගසන් අසීරු තීරණයක් ගත්තේය. නමුත් ඒ තීරණය පියාසර කිරීමේ යාන්ත්‍ර විද්‍යාවට හෝ ඔහුගේ සෙසු ගගනගාමීන්ගේ ආරක්ෂාවට සම්බන්ධ දෙයක් නොවීය. නමුත්, එය ඔහු තම වැදගත්ම කාර්යය ලෙස සළකන දේට අදාළ විය: එනම් ඔහුගේ පවුල. ෆර්ගසන් තම දියණියගේ විවාහ මංගල්‍යය සඳහා සහභාගි වීමට හැකි වන…

අපි එකට එකතු වූ විට

ලෝක සතුට වාර්තාවට අනුව ඩෙන්මාර්කය ලෝකයේ සතුටින්ම සිටින රටවල් අතර වේ. ඩෙන්මාර්ක ජාතිකයන් ඔවුන්ගේ දිගු, අඳුරු ශීත කාලය මිතුරන් සමඟ බෙදා ගැනීමට උණුසුම් බීම හෝ ආහාර වේලක් භුක්ති විඳීමට රැස් වෙති. එම අවස්ථා හා බැඳුනු හැඟීම් සඳහා ඔවුන් භාවිතා කරන වචනය හයිග්ගි (හු-ගා) යන්නයි. පහත් අක්ෂාංශ වලදී ඔවුන්ගේ සගයන්ට වඩා අඩු හිරු එළිය භුක්ති විඳීමේ බලපෑම සමනය කිරීමට හයිග්ගි නොහොත්…

සත්‍යය විකාශ කිරීම

ආසාදන අවදානම හේතුවෙන් තම මුණුබුරන් සහ මිනිබිරියන් පෞද්ගලිකව දැකීමට හැකියාවක් නොමැතිව, බොහෝ ආච්චිලා සීයලා කෝවිඞ්-19 වසංගතය අතරතුර සම්බන්ධ වීමට නව ක්‍රම සොයන්න පටන් ගත්හ. මෑත සමීක්ෂණයකින් පෙන්නුම් කළේ බොහෝ ආච්චිලා සීයලා තම මුණුබුරන් සහ මිනිබිරියන් සමඟ ඇති වටිනා බැඳීම පවත්වා ගැනීම සඳහා කෙටි පණිවිඩ යැවීම සහ සමාජ මාධ්‍ය භාවිතය කළ බවයි. ඇතැමෙක් තම පවුල්වල සාමාජිකයන් සමඟ වීඩියෝ ඇමතුම් මගින් පවා…