හංගේරියානු ජාතික ගණිතඥයෙකු වන ඒබ්‍රෑහැම් වෝල්ඩ් 1938 දී එක්සත් ජනපදයට පැමිණීමෙන් පසු දෙවන ලෝක යුද්ධයේ ක්‍රියාන්විතයන් සඳහා ඔහුගේ කුසලතා ලබා දුන්නේය. හමුදාව තම ගුවන් යානා සතුරු ප්‍රහාරයෙන් ආරක්ෂා කර ගැනීමට ක්‍රම සොයමින් සිටියේය. මෙය සඳහා වෝල්ඩ් සහ සංඛ්‍යාන පර්යේෂණ කණ්ඩායමේ ඔහුගේ සගයන්ට සතුරු ප්‍රහාරයෙන් ආරක්ෂා වීම සඳහා මිලිටරි ගුවන් යානා වඩා හොඳින් ආරක්ෂා කරන්නේ කෙසේදැයි සොයා බැලීමේ මෙම කාර්ය භාර කරන ලදී. ඔවුන් ආරම්භ කළේ ආපසු පැමිණෙන ගුවන් යානාවලට වැඩිපුරම හානි වී ඇත්තේ කොයි ස්ථානවලටද යන්න පරීක්ෂා කිරීමෙනි. නමුත් ආපසු පැමිණෙන ගුවන් යානාවලට හානි සිදුව ඇත්තේ ගුවන් යානයකට වෙඩි වැදී තවමත් විනාශ නොවී පැවතිය හැකි ස්ථානවලට බව සොයාගත් වෝල්ඩ්ට කීර්ති නාමය පිරි නැමිණි. වැඩිපුරම අමතර සන්නාහ අවශ්‍ය තැන් කඩා වැටුණු ගුවන් යානාවල තිබෙන බව ඔහුට වැටහිණි. වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස වන එන්ජිමට යම් ප්‍රහාරයක් සිදු වී ඇත්නම් එය පරීක්ෂා කිරීමට නොහැකි බව එළිදරව් විය.

අපගේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස වන අපගේ හදවත ආරක්ෂා කිරීම ගැන සාලමොන් අපට උගන්වයි. “සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂා කර ගන්න” කියා ඔහු තම පුතණුවන්ට උපදෙස් දෙන්නේ එයින් අන් සියල්ල ගලා යන බැවිනි (හිතෝපදේශ 4:23). දෙවියන්වහන්සේගේ උපදෙස් අපට ජීවිතය තුළින් මඟ පෙන්වයි, දුර්වල තීරණවලින් අපව ඈත් කර අපගේ අවධානය යොමු කළ යුතු ස්ථානය අපට උගන්වයි.

අපි උන්වහන්සේගේ උපදෙස් පිළිපැදීමෙන් අපගේ හදවත් සන්නද්ධ කර ගන්නේ නම්, අපි වඩා හොඳින් “(අපේ) පාද නපුරෙන් පහ කර” දෙවියන්වහන්සේ සමඟ අපගේ ගමනේ ස්ථිරව සිටිනවා ඇත (27 පදය). අපි සෑම දිනකම සතුරු පාලන ප්‍රදේශයට පිවිසෙන්නෙමු, නමුත් දෙවියන්වහන්සේගේ ප්‍රඥාව තුළින් අපගේ හදවත් ආරක්ෂා කර ගනිමින්, දෙවියන්වහන්සේගේ මහිමය සඳහා හොඳින් ජීවත් වීමේ අපගේ මෙහෙවර කෙරෙහි අවධානය යොමු කළ හැකිය.